(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව විශ්ව විද්‍යාලයීය අභ්‍යාන්තර ආරංචි මාර්ග කියයි.

 2022 ජනවාරි සිට මෙම වසරේ මැයි මාසය අතර කාලයේ ආචාර්ය මහාචාර්යවරුන් 70කට අධික පිරිසක් රට හැරගොස් ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගෙන් කළ විමසීමකදී මෙසෛ් පැවැසීය.

මහාචාර්යවරුන්ගේ විදේශගත වීම සත්‍යාක්. මෙම හේතුවෙන් ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ වෛද්‍ය පීඨය,ඉංජිනේරු පීඨය,විද්‍යාපීඨය සහ දන්ත පීඨය යන පීඨවලයි. 

ඉකුත් වසරේ ෙ ජනවාරි සිට මේ වසරේ මැයි දක්වා වූ මාස 16ට  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ ආචාර්ය මහාචාර්යවරුන් 70 දෙනකු විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී විදේශගත වී සිටිනවා.

තවත් විශාල පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී සිටින බව ද මහාචාර්යවරයා වැඩිදුරටත්  පැවසීය .