දඹුල්ල සිට වවුනියාව දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයකට කැකිරාව ඔළුකරඳ දී ඇතකු අද (07) පහරදීම නිසා ජනේල වීදුරු හතරක් කැඞී ගිය බව බසයේ සිටි අය කියති. පහරදෙද්දී දළ දෙක වීදුරු අතර සිරවී තිබී ආපසු ඇද ගත් ඇතා කැලෑව දෙසට ගිය බවත් කියති. ඇතා පහරදෙද්දී මගීහු කෑ ගසන්නට වූහ. ඇතා කැලෑවට ගිය පසු බස් රියැදුරා බස් රථය නැවත වවුනියාව බලා ධාවනය කර ඇත. මගීන් කිසිවකුට හෝ අනතුරක් වී නැති අතර මෙම සිද්ධිය දුටු බොහෝ අය පැවැසුවේ ජලය සොයා ගිය ඇතකු පාර මාරුවීමට යන අවස්ථාවේ මෙම බස් රථයට පහරදීම අහඹු සිදුවීමක් බවයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආය කලබල වෙලානේ..(ස)
බස් ගාස්තු ඉහළ දාන්න මේක හොද හේතුවක් වෙයි..!!(නු)
ඇත්තු ගහන්නෙත් දුප්පත් මිනිස්සු යන බස් වලටමයි. (ස)
රටේ ජනගහනයට වඩා හෑන්ඩ් ෆෝන් තියෙනවා කියන රටේ ඔය සිද්දිය වීඩියෝ හරි ෆොටෝ ගහන්න හරි කවුරුවත් ළඟ කැමරාවක් තිබිල නැහැ වගේ පෙනෙන්නේ. (නි)
අලි ඇතුන්ටත් මේ කාලයේ යන එන මන් නැති හින්ද වෙන්නැති ? (දී)
මෙ දවස් වල අලි ඉන්නෙ ඡන්දෙට බය වෙලා (දී)
කමක් නෑ..ඒ අලියෙක් නෙමෙයිනේ....ඇතෙක්.(ස)
දළ දෙක හිර වුණු වෙලාවේ අලියව බේරගන්න කියලා දළ දෙක කපන්න තිබුණා නේද (ස)
මේ දවස්වල අලීන්ට හොඳටම පිස්සු...(ස)
ලස්සන කතාවක් (ස)
පරිසරය විනාශ කරනකොට ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න ඕන..(ස)
අලි ඇත්තු ඔක්කොම වල්මත් වෙලා..ඒක වෙන්න ඇති..(ස)
බැරි වෙලාවත් දළ දෙක හිරවුනා නම් ඇතාට දළ දෙකත් නෑ වතුරත් නෑ.(ස)
අලින්ට වුණත් තරහා යන්නේ නැද්ද අපේ කට්ටිය කරන වැඩ දැක්කහම? (නි)
තාමත් ඒ පැත්තට වහින්නේ නැද්ද ? (ස)
ඇත්තටම ඇතෙක්ද.? (ස)
ඉතින්.....(ස)
අලි එන දිනය ළඟයි....(ස)
අලින්ට දැන් පිස්සු හැදිලා වගේ..(ස)
අනතුරක් නැතුව ආපු එක ලොකු දෙයක්..(ස)
කාටවත් කරදරයක් නැතිව ඔයින් ගියා ඇති .මේ කාලයේ මිනිසුන් හරියට ආවේග ශීලියි දැන් බලනෙකාට සතුනුත් ඒවා ආදර්ශයට අරගෙන වගේ.(ස)
දඹුල්ලට තාමත් වැසි නැද්ද.....? බස්නාහිර පළාතේ අපිටනම් වහින වැහිල්ලට දැන් ගංවතුරක සේයාවකුත් පේනවා... පව් ඒ අලියා වතුර නැතිව එහේ මෙහෙ ඇවිදිනවා... මිනිස්සුන්ට කරන්න තිබ්බේ කොළඹ එන ලොරියක අලියව පටවල එවන්න. (ස)