තෙත් කලාපයේ සුලබව වැවෙන වැල්අල විශේෂයකි. මුහුදු මට්ටමේ සිට අඩි 900ක් දක්වා ප්‍රදේශවල වැවේ. උද්භිද විද්‍යාත්මක ඩයස්කොරියා අලන්ටා හෙවත් ඇඟිලි අල නමින් පොදුවේ හැඳින්වෙන මේ අලයේ එක් කෙළවරක් සිහින් කොටස් කිහිපයකට වෙන්වී බෙදී වර්ධනය වන බැවින් එයට ඇඟිලි අල යන්න ව්‍යවහාර වෙයි. බොහෝ විට මේ කොටස් අතක හෝ පාදයක ඇඟිලි ලෙස දැකිය හැකියි. මහියංගනයේ විල්ලුපිටියේ පදිංචි ඩි.එම්.ප්‍රියන්ත මහතාගේ නිවසේ ගෙවත්තේ වැඩුණු අලයක් දැකිය හැකි විය.
ශ්‍රී ලංකාවේ දී වැල් අල යනුවෙන් හදුන්වන අල විශේෂ 50ක් පමණ ලෝකයේ දැකිය හැකිය. හිඟුරල, රාජ අල, දන්දිල, ගුරු අල හා ඇඟිලි අල මේ අතර වඩාත් ජනප්‍රිය විශේෂයන්ය. මෙම අල විශේෂයන්හි කෙළවර බෙදී වර්ධනය වීම ස්වභාවික දෙයකි.
කාබෝහයිඩ්‍රේට් බහුලව ඇති මේ අල වර්ගයේ ග්‍රෑම් 100 ක කැලරි ඒකක 118ක් අඩංගු බව පර්යේෂකයෝ කියති. මෙහි ඇති තන්තු මලබද්ධය අඩුකරයි. ආහාරවල ඇති විෂ සමනය කිරීමටත් මහ බඩවැලේ හටගන්නා පිළිකා මර්ධනයටත් උපකාරීවන බව වෛද්‍ය මතයයි. රුධිරයේ සීනි මට්ටම පාලනයටත්, කොලෙස්ටරෝල් මට්ටම අඩුවෙන් තබා ගැනීමටත් මේ අලයේ විශේෂ ගුණ මහෝපකාරී වෙයි.
තන්තු, මලබද්ධය අඩු බඩවැල යෝනි පමිතිෙයන් සිට ආහාර විෂ සහිත සංයෝග වැළැක්වීම මගින් බඩවැල් හා අඩු මහ බඩවැලේ පිළිකා අවදානම එය බන්ධන මගින් නරක (LDL කොලෙස්ටෙරෝල්) කොලෙස්ටරෝල් මට්ටම අඩු උපකාරී වේ. මීට අමතරව, සංකීර්ණ කාබෝහයිඩ්රේට හොඳ මාර්ගයක්, එය එම හේතුව නිසා, අඩු ග්ලයිසමික් දර්ශකය සෞඛ්ය සම්පන්න ආහාර ලෙස නිර්දේශ, රුධිරයේ සීනි මට්ටම තුළ ස්ථාවර වර්ධනයක් පාලනය, සහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ලිපියක් (බ)
අද කාලේ අය මේවා දැකලාවත් නැතුව ඇති (නි)
අදමයි දැක්කේ. කොහෙද මේවා මිලදී ගන්න තියෙන්නේ. කන්න හරිම ආසයි. (බ)
නදී, හයිලෙවෙල් මාර්ගයේ අම්බලම අවන්හල අසල ඇති කඩපෙලේ කඩයක හැමදාම වගේ මේ වර්ගවල අල තියනවා දැකල තියනවා. හැබැයි කිලෝවක් රුපියල් 300/- කට එහා (කේ)
අපේ දේවල් රැකගැනිම අපි කාගේත් වගකීමක් ගොඩක් කට්ටිය බටහිර පන්නයට වැඩකරන්න ගහින් විහින් ලෙඩ වෙනවා බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ අපි ඉපදුන ප්‍රදේශයේ ඇති ආහාර පරිභෝජනයට ඉතාම සුදුසු බව අද විද්‍යාත්මකව ඒ දේවල් ඔප්පුවෙලා තියෙනවා කරවිල,ගොරකා,කරපිංචා,කබරන්කා,නෙලුම් අල,පලා වර්ග මෙවැනි දේශීය දේවල් වල තිබෙන ගුණය විදේශිකයන් මවිතය පත්කරනවා. (බ)
ලෙඩ අඩු කරගන්නනම් දේශිය වගේම කෘතීම පොහොර භාවිතයෙන් තොර නැවුම් අහාර හැමවිටම පාවිච්චියට ගන්න , පුලුවන්නම් ගෙදර වත්තේ හිටවගනවානම් වඩා හොඳයි (බ)
මොනෝ සෝඩියම් ග්ලූටැමේට් අපේ රටේ තහනම් නොකරන්නේ ඇයි? (නි)
ඕක තමා ගම වටිනවා කියන්නේ. මම නම් මේ හැමදේම භුක්ති විඳිනවා. (නි)
කරපිංචා ලෙඩ 34 කට බෙහෙතක් කරපිංචා කැද උදේ ආහාරය ගැනීම තුළින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලොස්ටරෝල්,විශාල ලෙඩ ප්‍රමාණයකට සුවය සපයනවා කබර්රනගා පලතුර ආහාරය ගැනීම තුලින් අැගේ සිනි අඩුවෙනවා ගොරකා සහ සුදු ලුණු ඉගුරු නිතර ඔබගේ අහාර වලට එක්කරගැනිමෙන් කොලොස්ටරෝල් පාලනය කර ගත හැක.කරවිල සතියකට වතාවක් ආහාරය යොදා ගැනීම ඉතාම සුදුසුයි. (බ)