
(යොහාන් භාසුර)
රයිස් සහ බුරියානි ඇතුළු එම ආහාර කාණ්ඩයට ඇතුළත් ආහාරවල මිල රුපියල් 25කින් ඉහළ දැමීමට තීරණය කළ බවත් නව මිල අද (7) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කරන බවත් ආපනශාලා හිමියන්ගේ සංගමය අද පෙරවරුවේ පැවසීය.
මේ අතර ලාෆ්ස් ගෑස් භාවිතයෙන් පවත්වාගෙන යන ආපනශාලාවල ප්ලේන් ටී සහ කිරි තේ මිල පිළිවෙලින් රුපියල් 5 කින් සහ රුපියල් 10 කන් ද, කෙටි ආහාර වල මිල රුපියල් 5 කින් ද, ඉහළ නංවා ඇති බව ද ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා කීය.
ලාෆ් ගෑස් භාවිතයෙන් පවත්වාගෙන යන ආපනශාලා සියයට 25 ත් 30 ත් අතර ඔවුන්ට ලාෆ්ස් ගෑස් මිල දරා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවත් ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයි. ගෑස් එකකින් කිරි තේ 55ක් වගේ තමයි හදන්න පුලුවන
කඩේ ඉදිරිපස ප්‍රදර්ශනය කරන්න ලාෆ්ස් ගෑස් වලින් උයනවා කියලා...
මේ ඔක්කොම ජනතාවගේ යහපත සදහා තමයි කරලා තියෙන්නේ ... අපි ඒක තේරුම් ගන්න ඕනේ... තව සතියකින් තව ටිකක් වැඩි කරයි කියා බලාපොරොත්තු පොදි බැදගෙන ඉන්නවා.
ගොම වලින් LP වායුව හදන්න බැරිද අනේ...