IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ආසියා මහාද්වීප වෙරළ වොලිබෝල් තරග මාලාව මීගමුව වෙරළ තීරයේදී

”ලන්ඩන්” ඔලිම්පික් උළෙල සඳහා මධ්‍යම ආසියානු රටවල් තෝරා ගැනෙන ආසියානු සම්මේලන මහද්වීප කුසලාන වෙරළ වොලිබෝල් (කාන්තා-පිරිමි) තරග මාලාව මෙම 20 සහ 21 යන දෙදින මිගමුව වෙරළ තීරයේදී පැවැත්වේ. ඒ සඳහා සත්කාරක ශ්‍රී ලංකාව හැරුණු විට ඉන්දියාව, කසකස්තානය, ඉරානය හා මාලදිවයින යන රටවලින් කාන්තා හා පිරිමි වෙරළ වොලිබෝල් කණ්ඩායම් තරග වදිති. දකුණු හා මධ්‍යම යන ආසියානු කලාප ඒකාබද්ධ කර ගනිමින් තරග මාලාව පැවැත්වෙන අතර එහිදි ශූරතාව, අනුශූරතාව හා තෙවැනි ස්ථාන ලබන කාන්තා හා පිරිමි කණ්ඩායම් තුන බැගින් ලබන ජූනි මාසයේදී පැවැත්වෙන ඔලිම්පික් සුදුසුකම් අවසන් වටයේ තරගාවලිය  සඳහා තෝරා ගැනේ. මහද්වීපික කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවට සත්කාරත්වය හිමිවීම විශේෂ සිදුවීමක් බවත් එරට ස්වභාව සෞන්දර්ය මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ සංග‍්‍රාහශීලිත්වය  තරග සත්කාරය ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු වොලිබෝල් සම්මේලනය පෙළඹීමට ප‍්‍රධානම කරුණ වූ බව කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති  විදේශ රැුකියා ප‍්‍රවර්ධන හා සුභසාධක ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය. තරගාවලියේ සමාරම්භක උත්සවය ජනවාරි 20 වැනිදා පස්වරු 5ට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.  සමාප්ත උත්සවය හා ජයසංකේත ප‍්‍රදානෝත්සවය කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනවාරි 23 වැනිදා පස්වරු 5ට මීගමුව වෙරළ තීරයේදී පැවැත්වේ. සැණකෙළි සිරි ස්වරූපයෙන් තරගාවලිය පැවැත්වෙන  අතර එහිදී නර්තන සංගීතාංග හා ජල කී‍්‍රඩා විශේෂාංග රැුසකින් සමන්විතය. එය පැවැත්වෙන තරග එකවර තරග දෙකක්  නැරඹිය හැකි පරිදි නැරඹුම් මණ්ඩපය සකස් කරන බවද තරග සංවිධායකයෝ ප‍්‍රකාශ කරති. මෙම වසරේ ජූලි මාසයේදී පැවැත්වෙන ”ලන්ඩන්” ඔලිම්පික් උළෙලේ වෙරළ වොලිබෝල් තරග මාලාව සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 24 බැගින් තෝරා ගැනේ. ලබන ජූනි 18 වැනිදාට ලෝක  ශ්‍රේණිගත කිරීම් අනුව 16 වැනි ස්ථානය දක්වා පැමිණෙන කණ්ඩායම්, ”මහද්වීපික තරග මාලාවේ ජයග‍්‍රාහි කණ්ඩායම් පහක් හා ලෝක කුසලාන තරග මාලාවේ ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් හා ඔලිම්පික් සත්කාරක රාජ්‍යයේ කණ්ඩායම් ලන්ඩන් ඔලිම්පික්  උළෙලේ වෙරළ වොලිබෝල් තරග මාලාවට සුදුසුකම්  ලබති. ඩිලාන් පෙරේරා මහතා මාධ්‍ය හමුව අමතමින්...



අදහස් (0)

ආසියා මහාද්වීප වෙරළ වොලිබෝල් තරග මාලාව මීගමුව වෙරළ තීරයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site