2015 ජනවාරි 4 හා 5 වැනි දින යෙදී තිබු මාගේ මෑණියන්ගේ දෙවර්ෂ පුර්ණ දානමය පිංකම මහනුවර අපගේ නිවසෙහි යෙදී තිබු බැවින් ඊට සහභාගී වීම සඳහා ජනවාරී 3 වැනි දින මා ශ්‍රී ලංකාවට පැමිණි බව චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතා කියයි.
ඔහු එසේ කියනුයේ ‘ඡන්ද වැඩට ආ තානාපතිවරු ආපසු පනී‘ යනුවෙන් පසුගිය 11 වැනිදා පළවු පුවත පිළිබඳ කරුණු දක්වමිනි.
‘ඒ සඳහා අවශ්‍ය පුද්ගලික නිවාඩු විදේශ ලේකම්ගේ අනුමැතිය ඇතිව ලබාගත් අතර අවශ්‍ය වියදම් පෞද්ගලිකව මාවිසින් දරණ ලදි.‘
‘මැතිවරණ කටයුතු වලට සහයෝග පිණිස මා හට විදේශ අමාත්‍යංශයෙන් කිසිදු කැඳවීමක් නොකළ බව වගකීමෙන් යුතුව දන්වා සිටිමි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අම්මගේ දානෙ තිබුනේ හම්බන්තොට ද? මහින්ද ගේ කටවුට් ගෙන්න ඇත්තේ පිරිකර වෙනුවට වෙන්න ඇති නේද? (අ)
පසසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා , එහෙම කරත් ඒවාට උත්තරත් තියෙනවා , කොහොමත් ඔය පත්වීම් සුදුසු අයට ලැබුන ඒවා නොව , පසුගිය රජයට කඩේ ගිහින් ගත් ඒවා. (ස)
එතකොට අනෙකුත් කට්ටිය පිටරට ඉඳල එන්න ඇත්තේ මේ දානයට උදව් කරන්න වෙන්න ඇති . අනේ දැන් තමයි අපිට තේරුනේ. ! මොකටද මගේ කට ! (බ)
මෙතුමා විදේශ සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.(දිල්)
දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙනම ඇවිල්ලා සමහරු නම් (නි)
අපේ රටේ හරි හමන් නීතියක් නැති එක තමයි මේ හැම දේකටම මුල.(දිල්)
ප්‍රිය මිතුරනි මෙය ඇත්තක්.මෙයාගේ අම්මගේ ගෙදර අපේ ගෙවල් ළඟ.මහනුවර අනික් අය ගැන නම් දන්නේ නෑ (දිල්)
උයන්ගොඩ මහත්තයා කියන්නේ ඌ මහත්තයා නේද? ජ වී පෙ මහා නඩුවේ සැක කරුවෙක්!! මම ඔබ යුග පුරුෂයෙක් ලෙස සලකමි. (ස)
එතකොට ප්‍රංශයේ තානාපතිතුමත් ඡන්දෙ කාලේ ගියේ අම්මගේ මරණයටද ? (බ)
හරි හරි කමක් නෑ කමක් නෑ, ඔයා ආයේ මෙහෙ එන්න ඕන නෑ ඔහෙට වෙලාම ඉන්න. (ස)
ඕවා පින්සිද්ධ වෙන වැඩ. ඒ වුණත් දඹුලුත් ගිහින් තලගොයිත් මරාගන්න වැඩ වලට අපි නම් කැමති නැහැ (නි)
නෙදර්ලන්තෙ පැත්තේ කෙනෙකුත් මම වේදිකාවක දැක්කා. (ස)
තමන් ගැන එහෙම කිව්වට , ගාමිණී රාජපක්ෂ ඇවිත් ඡන්දෙට වැඩ කළා මන් දැක්ක තෙල්දෙනියේදී . එයත් තානාපති කෙනෙක් .රාජකාරී නැතුව පුද්ගලික නිවාඩු අරගෙන (බ)
ජර්මනියේ අමුණු ගම මහතාගේ පැමිණීම මොකක්ද? (ස)
ජර්මනියේ අමුණුගම මහතාගේ පැමිණීම මොකක්ද (අ)
අනේ පවු. එයා හරිම අහිංසකයි (නි)
ඉතාලියේ තානාපතිත් අම්මගේ දානේටද ගියේ ?මේ හාදයෝ හිතන්නේ ලංකාවේ ජනතාව කන්නේ පුන්නක්කු කියල ! (ස)
කිතුල්ගහට ගිය මිනිහත් ඔහොම කියල තිබුන! (අ)
වෙනත් තානාපතිවරුන් ගැන නම් දන්නේ නැහැ, ඒත් රංජිත් උයන්ගොඩ මහතා නම් ලංකාවට ආවේ එතුමාගේ මවගේ දෙවන වර්ශ පූර්ණ දානමය පිංකම වෙනුවෙන්. දේශපාලන පත් වීම් නොලද ඉතා අල්පයක් වූ තානාපති වරුන්ගෙන් කෙනෙකු වන මෙතුමා දක්‍ෂ නිලධරයකු සේ මේතාක් දුරට කුමන ආණ්ඩුවේදී වුවද පැසසුමටත් ප්‍රමුඛ අවශ්‍යතාවන්ට ලක් වී තිබෙනවා. ඒ නිසා දේශපාලනමය කෝණ වලින් බලා මෙවන් අති දක්‍ෂ නිලධාරීන් අපේ රටට අහිමි නොකරන ලෙසත් වෙනත් තානපති වරුන්ගේ ක්‍රියා කලාපයන් හා සංසංදනයෙන් මෙතුමන්ට අපහාස නොකරන ලෙසත් ඉල්ලා සිටිනවා.(හේ)