IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ආවේ මවගේ දානයට -ඡන්ද වැඩට නොවේ‘

2015 ජනවාරි  4 හා 5 වැනි දින යෙදී තිබු මාගේ මෑණියන්ගේ දෙවර්ෂ පුර්ණ දානමය පිංකම මහනුවර අපගේ නිවසෙහි යෙදී තිබු බැවින් ඊට සහභාගී වීම සඳහා ජනවාරී 3 වැනි දින මා ශ්‍රී ලංකාවට පැමිණි බව  චීනයේ  ශ්‍රී ලංකා තානාපති  රංජිත් උයන්ගොඩ මහතා කියයි.

ඔහු එසේ කියනුයේ  ‘ඡන්ද වැඩට ආ තානාපතිවරු ආපසු පනී‘ යනුවෙන්  පසුගිය 11 වැනිදා  පළවු  පුවත පිළිබඳ කරුණු  දක්වමිනි.

 ‘ඒ සඳහා අවශ්‍ය පුද්ගලික නිවාඩු විදේශ ලේකම්ගේ අනුමැතිය  ඇතිව ලබාගත් අතර අවශ්‍ය වියදම්  පෞද්ගලිකව මාවිසින් දරණ ලදි.‘

‘මැතිවරණ කටයුතු වලට  සහයෝග පිණිස මා හට විදේශ අමාත්‍යංශයෙන් කිසිදු කැඳවීමක් නොකළ බව වගකීමෙන් යුතුව දන්වා සිටිමි.‘

 

 



අදහස් (0)

‘ආවේ මවගේ දානයට -ඡන්ද වැඩට නොවේ‘

නිමල් බණ්ඩාර Monday, 12 January 2015 07:16 AM

එතකොට අම්මගේ දානෙ තිබුනේ හම්බන්තොට ද? මහින්ද ගේ කටවුට් ගෙන්න ඇත්තේ පිරිකර වෙනුවට වෙන්න ඇති නේද? (අ)

:       0       0

පත්මසිරි මාපලගම Monday, 12 January 2015 07:45 AM

පසසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා , එහෙම කරත් ඒවාට උත්තරත් තියෙනවා , කොහොමත් ඔය පත්වීම් සුදුසු අයට ලැබුන ඒවා නොව , පසුගිය රජයට කඩේ ගිහින් ගත් ඒවා. (ස)

:       0       0

ලලිත් Monday, 12 January 2015 08:44 AM

එතකොට අනෙකුත් කට්ටිය පිටරට ඉඳල එන්න ඇත්තේ මේ දානයට උදව් කරන්න වෙන්න ඇති . අනේ දැන් තමයි අපිට තේරුනේ. ! මොකටද මගේ කට ! (බ)

:       0       0

තරුෂි Monday, 12 January 2015 09:00 AM

මෙතුමා විදේශ සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.(දිල්)

:       0       0

සතිෂ් Monday, 12 January 2015 05:53 AM

දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙනම ඇවිල්ලා සමහරු නම් (නි)

:       0       0

රණවීර Monday, 12 January 2015 09:25 AM

අපේ රටේ හරි හමන් නීතියක් නැති එක තමයි මේ හැම දේකටම මුල.(දිල්)

:       0       0

නාමල් Monday, 12 January 2015 09:26 AM

ප්‍රිය මිතුරනි මෙය ඇත්තක්.මෙයාගේ අම්මගේ ගෙදර අපේ ගෙවල් ළඟ.මහනුවර අනික් අය ගැන නම් දන්නේ නෑ (දිල්)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 12 January 2015 06:00 AM

උයන්ගොඩ මහත්තයා කියන්නේ ඌ මහත්තයා නේද? ජ වී පෙ මහා නඩුවේ සැක කරුවෙක්!! මම ඔබ යුග පුරුෂයෙක් ලෙස සලකමි. (ස)

:       0       0

සල්ගාදු ප්‍රංශය Monday, 12 January 2015 09:42 AM

එතකොට ප්‍රංශයේ තානාපතිතුමත් ඡන්දෙ කාලේ ගියේ අම්මගේ මරණයටද ? (බ)

:       0       0

මාටින් Monday, 12 January 2015 06:05 AM

හරි හරි කමක් නෑ කමක් නෑ, ඔයා ආයේ මෙහෙ එන්න ඕන නෑ ඔහෙට වෙලාම ඉන්න. (ස)

:       0       0

නන්දලාල් Wednesday, 14 January 2015 09:18 PM

ඕවා පින්සිද්ධ වෙන වැඩ. ඒ වුණත් දඹුලුත් ගිහින් තලගොයිත් මරාගන්න වැඩ වලට අපි නම් කැමති නැහැ (නි)

:       0       0

නාරද Monday, 12 January 2015 09:47 AM

නෙදර්ලන්තෙ පැත්තේ කෙනෙකුත් මම වේදිකාවක දැක්කා. (ස)

:       0       0

කුමාරරත්න Monday, 12 January 2015 06:43 AM

තමන් ගැන එහෙම කිව්වට , ගාමිණී රාජපක්ෂ ඇවිත් ඡන්දෙට වැඩ කළා මන් දැක්ක තෙල්දෙනියේදී . එයත් තානාපති කෙනෙක් .රාජකාරී නැතුව පුද්ගලික නිවාඩු අරගෙන (බ)

:       0       0

ටාරා Monday, 12 January 2015 10:36 AM

ජර්මනියේ අමුණු ගම මහතාගේ පැමිණීම මොකක්ද? (ස)

:       0       0

තරතර ජර්මන් Monday, 12 January 2015 10:37 AM

ජර්මනියේ අමුණුගම මහතාගේ පැමිණීම මොකක්ද (අ)

:       0       0

සමන්ත Monday, 12 January 2015 06:53 AM

අනේ පවු. එයා හරිම අහිංසකයි (නි)

:       0       0

ඉතාල් Monday, 12 January 2015 06:55 AM

ඉතාලියේ තානාපතිත් අම්මගේ දානේටද ගියේ ?මේ හාදයෝ හිතන්නේ ලංකාවේ ජනතාව කන්නේ පුන්නක්කු කියල ! (ස)

:       0       0

සරත් කුමාර Monday, 12 January 2015 06:54 AM

කිතුල්ගහට ගිය මිනිහත් ඔහොම කියල තිබුන! (අ)

:       0       0

මධුර නිර්මන Tuesday, 13 January 2015 04:14 AM

වෙනත් තානාපතිවරුන් ගැන නම් දන්නේ නැහැ, ඒත් රංජිත් උයන්ගොඩ මහතා නම් ලංකාවට ආවේ එතුමාගේ මවගේ දෙවන වර්ශ පූර්ණ දානමය පිංකම වෙනුවෙන්. දේශපාලන පත් වීම් නොලද ඉතා අල්පයක් වූ තානාපති වරුන්ගෙන් කෙනෙකු වන මෙතුමා දක්‍ෂ නිලධරයකු සේ මේතාක් දුරට කුමන ආණ්ඩුවේදී වුවද පැසසුමටත් ප්‍රමුඛ අවශ්‍යතාවන්ට ලක් වී තිබෙනවා. ඒ නිසා දේශපාලනමය කෝණ වලින් බලා මෙවන් අති දක්‍ෂ නිලධාරීන් අපේ රටට අහිමි නොකරන ලෙසත් වෙනත් තානපති වරුන්ගේ ක්‍රියා කලාපයන් හා සංසංදනයෙන් මෙතුමන්ට අපහාස නොකරන ලෙසත් ඉල්ලා සිටිනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 917 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site