(රොමේෂ් මධුෂංඛ)

පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කය නොසන්සුන් කළ ආවා කල්ලියේ මහමොළකරුවන් බවට සැකකෙරෙන තිදෙනෙකු යාපනය පොලීසියේ විශේෂ වැටලීම් ඒකකයක් විසින් අත්අඩංගුවට ගෙන යාපනයට රැගෙන ආ බව යාපනය පොලිසිය පවසයි.

කෙසේ වෙතත් දිවා රාත්‍රි යාපනයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ආවා කල්ලිය පාලනය කළ බවට සැක කෙරෙන ප්‍රභල සාමාජිකයින් තිදෙනෙකු යාපනයෙන් පැන ගොස් කොළඹ සැඟව සිටින බවට තොරතුරු ලැබීමත් සමඟ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මොවුන් තිදෙනා අද (30) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.