
(සුදත් පුබුදු කීර්ති)
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය .
බියගම ප්‍රදේශයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් රුවන් විජයවර්ධන මහතා එසේ පැවසීය.
එක්සත් ලක් වනිතා සංවිධානය , ස්ත්‍රී ශ්‍රමික අයිතිවාසිකම් පෙරමුණ හා ලක්බිමේ මවිිවරු සංවිධාන සාමාජිකාවන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අපේ රටට පනවා ඇති 44% ක තීරු බදුවලට විරෝධය දක්වමින් රටේ කාන්තාවන්ගෙන් අත්සන් ලක්ෂයක් ලබාගැනීමේ පෙත්සමකටද මෙහිදී අත්සන් තැබිණි .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එ.ජා. ප. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා , මෙවර කම්කරු දිනය වෙනුවෙන් අපේ පක්ෂය කම්කරුවා වෙනුවෙන් ඉතා ධනාත්මක වැඩසටහනකට දායකත්වය ලබා දෙනවා .
අපි දන්නවා ඇමරිකාව අපේ රටට 44 % ඉහළම තීරු බද්දක් පනවා තිබෙනවා. ඒ අපේ රටෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සදහායි.
ඔවුන් අපට මාස තුනක යම් සහනයක් මේ සදහා ලබාදී තිබුණත් මාස තුනෙන් පස්සේ මොනවගේ බලපෑමක් රටට අත්වෙයිද කියා හිතාගන්නවත් බැහැ .
විශේෂයෙන්ම ඇගළුම් කර්මාන්තය ,තේ ,කුරුදු , රබර් , මැණික් ,කර්මාන්වලට විශාල බලපෑමක් මේ නිසා ඇතිවෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන්නෑ.
මතකද මන්ද මෙයාගෙ සීය ජේ ආර් ලොක්ක බලය ගත්ත 1977 අවසානයෙ තෙල් පෙත්සමක් අත්සන් කලා අරාබි රටවලට යවන්න, ඒ කාලෙ හිටපු අයට මතක ඇති, ඒ වගේ මේ පෙත්සමත් ,ඕව බොරු වැඩ, ඇමරිකාව අනුකම්පාවට වැඩ කරන රටක් නෙවෙයි
වයසක ස්ත්‍රීන් වුණත්, මෙයාගෙන් පරිස්සං වෙලා ඉන්න.
ඇමරිකා බදු ගැන කතා කරන්න ගිය පිරිස හිස් අතින්ම ආපහු ආවා, එකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරනවා කියල ජනාධිපති කිව්වත් ඒකත් පාස්කු වගකිවයුත්තා එලිකලා වගේම තඩි බොරුවක්!
ආර්තිකේ ඔහෙලගෙ හොරැන්ගෙන් තමයි ආරක්ෂාකරගන්න වෙලා තියෙන්නෙ.
තට්ටු මාරු ක්‍රමයට දෙගොල්ලෝම ඔය වගේ සහය දීලා අන්තිමේට රට බංකොලොත් කළා. ඔන්න රටේ ආර්ථිකයට දුන්න ආරක්ෂාව!
අවුරුදු 76 දුන්න සහයෝගය භොදටම ඇතී . පැත්තට වෙලා ඉන්න. වැඩේ අල කරන්න නැතිව
යූ. එන්. පී කාලයේදී අපනයනය විවිධාංගිකරණය කලානම් අද මෙසේ වන්නේ නැත.
හ්ම්... සල්ලි අච්චු ගහමු, මහ බැංකුව කඩමු , සිලින්ඩර් ගෙනෙමු, සහයෝගය දෙමු!
බුදු අම්මෝ, අපි ඉවරෝ...!
ඔයිට වඩා ලේසි නැද්ද සීනිගම ගිහින් ට්‍රම්ප්ට මිරිස් ඇඹරුවානං?
නන්දා මාලිනිත් ඉන්නවා ?