(නිමල කොඩිතුවක්කු)
හදිසි නීතිය පනවා හමුදා නිලධාරීන් යොදවා රටේ ආර්ථික ප්‍රශ්න විසදීමට නොහැකි බව රජය දැන්වත් තේරුම් ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය.
ආර්ථිකය පිළිබඳ කිසිදු දැනීමක් නොමැති පුද්ගලයන් ගනු ලබන තීරණ හේතුවෙන් රට ගොඩ ගැනීමට නොහැකි ප්‍රපාතයක සිර වනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආර්ථිකය පිළිබඳ දැනුමක් ඇති විශේෂඥයන්ගේ උපදෙස් මත වෙළඳපල ඉලක්ක කර ගනිමින් මෙම ගැටලු විසදීමට රජය කඩිනමින් තීන්දු ගත යුතු බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑවටම මේ ආර්ථික මහදැනමුත්තා අපේ රටේ ආර්ථිකය හොඳටම ගොඩදාපුු හැටි කාටත් මතක ඇති නෙව.
අනේ මෙයාගේ මහලොකු ආර්ථික ඔස්තාර්කම... අඩුවට බඩු ගෙනැල්ලා මිලදීගෙන හංගගෙන අසාධාරණ වැඩියට විකුණනවා නම්? එහෙම අය දඬුකඳේ තමයි ගහන්න තියෙන්නේ...
බලේ තියෙනකොට මොලේ නෑ... මොලේ තියෙනකොට බලේ නෑ... මෙයා බලේ තියෙන කාලේ වැඩ කරන්නේ නැතිව මොලේ අස්සේ ගහගෙන ඉඳලා එනවා උපදෙස් දෙන්න...
මෙයා නිකන් දියසෙන් කුමාරයා වගේනේ කතාව.
ආරථික දැක්මක් තියෙනවායි කියන අය බලය තිබෙනකොට කරේ පිනට මහජන මුදලින් ජිවත්ව හිටිය නොවේද ?.
මහ බැංකුවේ හොරු අල්ලන්න දාපු කමිටුවේ ඉඳලා පාද සටහන් කාරයින් කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් උපදෙස් ගන්න කියලා වෙන්න ඇති...
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ...
වැලේ වැල් නැති වැඩ බැරි මහ ලොකු ආර්ථික ඔස්තාර් යහපාලනේ හොඳටම කළේ මෙයාලමනේ.. අනේද කියන්නේ..!
අනේ මහත්තයෝ.., අපි ඉපදුණේ ඊයේ... ඒ නිසා ඔබලා කළ හැටිත්, නොකළ හැටිත් අපි දන්නේ නැහැනේ...
ඔයාලාගේ ආණ්ඩුව 2015 සිට 2019 වෙනකම් එක දිගට ආර්ථිකය කඩා වැට්ටුවේ මොන වසංගතයක්වත් රටේ ලෝකේ තිබිලද? ඒ වගේම ඒ අවුරුදු 05ට ගත්තු ණය කන්දරාවෙන් මොනවද කළේ..? ඩොලරය 133 සිට 182 දක්වා වැඩි වුණේ කොහොමද? ඔයා තොත්ත බබා වෙන්න හදනවද? ඒ වුනාට රටේ මිනිස්සු දන්නවා ඔයාලගේ කෙරුවාව...
දැනීම ඇති අය කොලේ ඉන්න කාලේ....හිතන් ඇති අමතකයි කියලා.......
රට අගාධයට ගිහින් ඉවරයි දැන්
මොවුන්ගේ ඊනියා යහපාලන කාලයේම කලේ හමුදාවට පාඩම් උගන්වන්නයි, විරුද්ධ දේශපාලකයන් හිරේට යවන්න බොරු චෝදනා ගොතන්නයි විතරයි. ඒ් කාලේ ඔය කියන විදිහට ඒ් කාලේ කලා නම් තවමත් ආණ්ඩුව තියෙනවා. ඔබලාට බැරි බව දන්නා නිසා තමයි ජනතාව ගෙදර යැව්වේ. දැන් ආර්ථිකයක් ගැන කතා කරනවා.
හමුදාව කරපු හරියෙන් 20% අපේ රටේ දේශපාපලකයෝ මෙරටට තාම කරලා නැ . ඒ නිසා හමුදාව ආර්ථිකේ පාලනය කරපු දෙන් .රට විනාශ කරන හොරු සහ ජනතාව අර්ටික වශයෙන් මංකොල්ල කන තක්කඩි හමුදාවට බලය දීලා පාලනය කරපු දෙන්
මහත්මයා ඉවසලා ඉන්න.. මොල 07 තිබෙන අපේ බොස් තවම වැඩ බාරගත්තා පමණයි.
ආර්ථික දැක්මක් නැහැ කියන්නේ කොහොමද අප්පා නෙළුම් කුළුන හැදුවා, රත්නපුරේට මැණික් කුළුණක් හදනවා, තවත් ණය ලැබුනොත් කල්පිටියේ කරවල කුළුණකුත්, හම්බන්තොටට ධීවර කුළුණකුත් හදන්න දැනටත් හිතල තියෙන්නේ .ඒ අතර පුතානෝත් සෑම තැනම මංතීරු හදන්න දගලනවා. වැව් හාරනවා ඉපැරණි දේවල් නැති කරනවා . වෙන මොන ආර්ථික දැක්මද්ද මහත්තයෝ කට වහගෙන ඉන්න අනේ
අපිට නොතේරුන නිසා තමයි ඕගොල්ලෝ මෙහෙ එන්නේ. අපිට ඒකාලෙම තෙරුනානම් ඕගොල්ලෝ කොහෙද?