(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රජයෙන් සහන නොලැබීමෙන් ව්‍යාපාර රැසක් වැසී යාමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකා ශුද්‍ර,කුඩා හා මධ්‍ය ව්‍යවසායක මණ්ඩලය මාධ්‍ය හමුවකදී පැවසීය.
ලාංකීය එක්සත් ව්‍යවසායක සංගමයේ සභාපතිනී ටානියා අබේසුන්දර මහත්මිය එහිදී පැවසූයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාර වලින් සියයට 59ක් බිඳ වැටී ඇති බවයි.
වෙළෙඳ සැල් වල බඩු තිබුණත් ඒවා මිලදී ගන්නට කිසිවකුත් නැතැයිද අබේසුන්දර මහත්මිය කීවාය.
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන කවුන්සිලයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසූයේ ශ්‍රී ලංකාවේ ජලාශ පිරී ඉතිරී ගියත් ආසියාවේ වැඩිම විදුලි බිලක් ගෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බවයි.
සියයට හාරසීයකින් වැඩි කරන ලද විදුලි බිල තවම අඩු කරන්නට නොහැකි වී තිබෙන බවද ලියන ආරච්චි මහතා සඳහන් කළේය.
මෙවැනි තත්ත්වයක් යටතේ රටට ආයෝජකයන් ඒවිදැයි ලියන ආරච්චි මහතා ප්‍රශ්න කළේය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මොකෝ ?අනිකුත් රටවලින් පොදු ජනයා කෙරෙහි සානුකම්පිතව දුන්නු ණය හා සහනාධාර ටිකත් හොරෙන් කන එවුන් ඉන්න රටේ ඕක ලොකු දෙයක් නොවේ
පහුගිය 2023 ඉදල ඉන්දන, විදුලිය, .. වගේ ගොඩක් දේවල් අවශ්ය ප්‍රමානය ඉක්මවා වෙඩි කරල තියෙන්නෙ, චන්දයක් කිට්ටු වෙනකොට අඩු කරන්න බලගෙන. ඉදිරියෙදී චන්දය කිට්ටු වෙනකොට (අප්‍රේල් වලින් පස්සේ ) මොකක් හරි එයාලට ලකුනු එන හේතුවක් කියල (අර්බුදයෙන් ගොඩ ගත්ත කියල ) විදුලි බිල, ඉන්දන,.. 20-30% හරි ඊට වෑඩියෙන් උනත් අඩු කරමින් චන්ද අල්ලස් හම්බවෙන්න පුලුවන්. මෙ හෙතුවෙන් මේ කාලයේ දී ඉන්දියන් ඔඉල් වගේ විදේශිය කොම්පනි ඉන්දන් වලින් විශාල ලාබයක් ගන්නවා.
රනිල්ගේ හැසිරීමත් රාජපක්ෂලාගේ හැසිර්මත් එකම වගේ , මේ ගොල්ලෝම කරන්නේ බලයේ ඉන්න ජනප්‍රිය දේශපාලනය විතරයි , රාජපක්ෂලත් කොරෝනා කාලේදී රටට ඩොලර් ගලා ඒ ම හිඟ වෙද්දී , ඩොලරය නිදහස් කරන්නේ නැතිව මිනිස්සුන්ට බොරු චිත්‍රයක් පෙනවමින් රට පාලනය කරන්න උත්සහ කරා , දැන් සංචිත ගැන කියමින් රටේ සබැ තත්වය වහගෙන රනිල් කරන්නෙත් එකමයි