අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීමට පෙර සිටම තර්ජන එල්ල වී තිබුණත් ඔහුට ආරක්‍ෂාව සැලසීමට පොලිස්පති අපොහොසත්වීයැයි ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නීති සංගමයේ සභාපති ආර්.ඒ.ජී. රණසිංහ හා ලේකම් ප‍්‍රදීප් ගමගේ මහත්වරු අලූත්කඬේදී අද පැවැසූහ. නීතිඥ සංගමයද අධිකරණ සේවා සේවක සංගම් සමුළුවද දෙපැත්තකින් අලූත්කඬේට අවුත් නිහඬව විරෝධය දැක්වූහ. රජයත් පොලිසියත් මෙවැනි වැඩට යළි ඉඩ නොදී නීතිය හා යුක්තිය ඉටු කළ යුතුයැයි ද ඔවුහු කීහ.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
”ආරක්ෂාව දෙන්න පොලිස්පතිට බැරිවුණා”
අශෝක Wednesday, 10 October 2012 12:00 PM
වැටත් නියරත් ගොයම කානම් කාට පවසම් ඒ අමාරුව (ස)
රහමන් Tuesday, 09 October 2012 08:04 PM
හරි කනගාටුදායක පුවතක්.(නු)
සරත් Tuesday, 09 October 2012 09:19 PM
අපිට ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ මෙහෙම දේවල් නොවෙන්න වගබලා ගන්නයි. (නි)
බමුණුගම Thursday, 11 October 2012 09:18 AM
අජිත් රටේ නීතිය වල් වැදුනම කාටද බැනිය යුත්තේ ? එල්ලුම් ගහ ගෙන එන්න බැරි හේතුව දන්නවද ??????? (ස)
ජනක Wednesday, 10 October 2012 01:30 PM
ඔව්න් යුදෙව්වන් මැරුව - මා නිහඬව සිටිය, මා යුදෙව්වෙක් නොවන නිසා ඔව්න් පෝලන්ත වැසියන් මැරුව - මා නිහඬව සිටිය, මා පෝලන්ත වැසියෙක් නොවන නිසා ඔව්න් කොමිනිස්ට් වාදීන් මැරුව - මා නිහඬව සිටිය, මා කොමිනිස්ට් වාදියෙක් නොවන නිසා ඔවුන් කලාකරුවන් මැරුව - මා නිහඬව සිටිය, මා කලාකරුවකු නොවන නිසා අද ඔව්න් මාව මරන්න ඇවිත් ........................(ස)
බණ්ඩාර Tuesday, 09 October 2012 10:01 PM
"අජිත් රත්නායක 2012-10-09 16:53:03 මේ ගැන රජයට දොස් පවරන්න එපා" පිටරටවල් වලට, ඉරිදා පත්තර වලට, ගුටිකාපු ලේකම් තුමාට දොස් පවරන අයටත් පොඩ්ඩක් මතක් කරනවාද? රටේ යමක් හරියට කෙරෙනවානම් ඒක ආණ්ඩුවේ ක්‍රෙඩිට් එකට නම් වැරදියට කෙරෙන ඒවා විතරක් ජාත්‍යන්තර කුමන්ත්‍රණ වෙන්නේ කොහොමද? (නි)
අචිනි Thursday, 11 October 2012 10:36 AM
වැටත් නියරත් ගොයම කානම් කාට පවසම් ඒ අමාරුව (ස)
අනුර Tuesday, 09 October 2012 11:26 PM
ජනතාවගේ සාදාරණ වෘත්තිය ඉල්ලීම් කීයක් හමුවේ සාධාරණ නොවන තීන්දු කීයක් ඔය අධිකරණය දුන්නාද? අද මේ රට පත්ව තියෙන තත්ත්වයට ඔය අධිකරණය වගකිවයුතු නොවේද? නීතිය සාධාරණ වියයුත්තේ අධිකරණයට පමණනක්ද? නීතිය වල්වැදී ඇත. අධිකරණ නිලධාරීන් කැපු වළේ ඔවුන් වැටී ඇත. වළ වැසිය යුත්තේද ඔවුන්මය. (නි)
උදය Tuesday, 09 October 2012 11:49 PM
එයා මෙයාට ගැහුවා. මෙයා එයාට ගැහුවා. (නි)
ලලිත් Wednesday, 10 October 2012 12:38 AM
අජිත්, එහෙනම් මේ ගැන කාටද දොස් පවරන්නේ? (නි)
ඩයස් Wednesday, 10 October 2012 02:13 AM
සෞදියෙ ඉන්න දයාලා මොනවාද දන්නේ..!(නු)
දයා, සෞදියේ සිට Tuesday, 09 October 2012 04:04 PM
ආරක්ෂාවක් තියා ලේකම් තුමාට ගහද්දි ඒ පැත්ත පළාතක පොලිසියේ මහත්තයෙක්වත් හිටියද කියන එකයි පුදුමේ (ස)
සම්පත් Wednesday, 10 October 2012 04:03 AM
මේ වගේ දේවල් පිටුපස තියෙන්නේ කවුරුවත් නොහිතන විදියේ දේවල්. ඒ නිසා නිශ්ශබ්දව ඉන්න එකයි හොද. (නි)
වරුණ Tuesday, 09 October 2012 04:38 PM
වරෙන්තුකාරයෝ පොලීසිය මැද්දේ ඉන්නවා ඒත් අල්ලන්නේ නෑ (ස)
අජිත් රත්නායක Tuesday, 09 October 2012 04:53 PM
මේ ගැන රජයට දොස් පවරන්න එපා ..(නු)
ආරච්චිගේ Tuesday, 09 October 2012 04:59 PM
ආරක්ෂාව දෙන්න එයා ඡන්දෙ එකතුකරපු කෙනේද?(නු)
ලක්මාල් Tuesday, 09 October 2012 05:00 PM
ඒකනේ බලන්නකෝ..!(නු)
ඉන්ද්‍රජිත් Wednesday, 10 October 2012 08:45 AM
අනුරගේ අදහසට මගෙත් සැලියුට් එක ! .(ස)
සිල්වා තබුක් Tuesday, 09 October 2012 05:23 PM
මේක සැළසුම් කරලා කරපු දෙයක් කියලා හිතිලා තියෙනවා.!(නු)
බන්ටි Tuesday, 09 October 2012 05:33 PM
අයියෝ සල්ලි
සුලෙයිමාන් Tuesday, 09 October 2012 06:48 PM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ලේකම්තුමා ඡන්දෙට වැඩ කරන්න නැතුව ඇති නේද? (නි)
ෆොන්සේකා Tuesday, 09 October 2012 06:53 PM
අජිත් රත්නායකගෙ කවුරු හරි රජයෙ ඉන්නවද? එහෙම නැත්තම් තාම බලන්නෙ කාටූන් ද? සරත් ෆොන්සේකා මහත්තයා විතරයි දැන් ලන්කාවේ එකම පැතුම. (නි)
කීර්ති Tuesday, 09 October 2012 07:12 PM
මෙය ඉතා සැළසුම් සහගතව කරන ලද ප්‍රහාරයක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ලාල් Wednesday, 10 October 2012 11:13 AM
තවත් මොන කතාද අපිට? (නි)
ගයා Wednesday, 10 October 2012 11:22 AM
අත තිබ්බොත් බලාගෙනයි කියලා දැන්වීමක් ගහගෙන ගියානම් කවුරුත් ගහන්නේ නෑනේ (ස)
ලලිත් - කටාර් Tuesday, 09 October 2012 07:50 PM
පොලිස්පති මොනවා කරන්නද? එයත් කරන්නේ රස්සාවක්නේ. (නි)
චතුල වෙරෝනා Tuesday, 09 October 2012 07:51 PM
අපේ ආරක්ෂාව ගැන කවර කතාද? (නි)