අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීමට පෙර සිටම තර්ජන එල්ල වී තිබුණත් ඔහුට ආරක්‍ෂාව සැලසීමට පොලිස්පති අපොහොසත්වීයැයි ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නීති සංගමයේ සභාපති ආර්.ඒ.ජී. රණසිංහ හා ලේකම් ප‍්‍රදීප් ගමගේ මහත්වරු අලූත්කඬේදී අද පැවැසූහ. නීතිඥ සංගමයද අධිකරණ සේවා සේවක සංගම් සමුළුවද දෙපැත්තකින් අලූත්කඬේට අවුත් නිහඬව විරෝධය දැක්වූහ. රජයත් පොලිසියත් මෙවැනි වැඩට යළි ඉඩ නොදී නීතිය හා යුක්තිය ඉටු කළ යුතුයැයි ද ඔවුහු කීහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ගොයම කානම් කාට පවසම් ඒ අමාරුව (ස)
හරි කනගාටුදායක පුවතක්.(නු)
අපිට ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ මෙහෙම දේවල් නොවෙන්න වගබලා ගන්නයි. (නි)
අජිත් රටේ නීතිය වල් වැදුනම කාටද බැනිය යුත්තේ ? එල්ලුම් ගහ ගෙන එන්න බැරි හේතුව දන්නවද ??????? (ස)
ඔව්න් යුදෙව්වන් මැරුව - මා නිහඬව සිටිය, මා යුදෙව්වෙක් නොවන නිසා ඔව්න් පෝලන්ත වැසියන් මැරුව - මා නිහඬව සිටිය, මා පෝලන්ත වැසියෙක් නොවන නිසා ඔව්න් කොමිනිස්ට් වාදීන් මැරුව - මා නිහඬව සිටිය, මා කොමිනිස්ට් වාදියෙක් නොවන නිසා ඔවුන් කලාකරුවන් මැරුව - මා නිහඬව සිටිය, මා කලාකරුවකු නොවන නිසා අද ඔව්න් මාව මරන්න ඇවිත් ........................(ස)
"අජිත් රත්නායක 2012-10-09 16:53:03 මේ ගැන රජයට දොස් පවරන්න එපා" පිටරටවල් වලට, ඉරිදා පත්තර වලට, ගුටිකාපු ලේකම් තුමාට දොස් පවරන අයටත් පොඩ්ඩක් මතක් කරනවාද? රටේ යමක් හරියට කෙරෙනවානම් ඒක ආණ්ඩුවේ ක්‍රෙඩිට් එකට නම් වැරදියට කෙරෙන ඒවා විතරක් ජාත්‍යන්තර කුමන්ත්‍රණ වෙන්නේ කොහොමද? (නි)
වැටත් නියරත් ගොයම කානම් කාට පවසම් ඒ අමාරුව (ස)
ජනතාවගේ සාදාරණ වෘත්තිය ඉල්ලීම් කීයක් හමුවේ සාධාරණ නොවන තීන්දු කීයක් ඔය අධිකරණය දුන්නාද? අද මේ රට පත්ව තියෙන තත්ත්වයට ඔය අධිකරණය වගකිවයුතු නොවේද? නීතිය සාධාරණ වියයුත්තේ අධිකරණයට පමණනක්ද? නීතිය වල්වැදී ඇත. අධිකරණ නිලධාරීන් කැපු වළේ ඔවුන් වැටී ඇත. වළ වැසිය යුත්තේද ඔවුන්මය. (නි)
එයා මෙයාට ගැහුවා. මෙයා එයාට ගැහුවා. (නි)
අජිත්, එහෙනම් මේ ගැන කාටද දොස් පවරන්නේ? (නි)
සෞදියෙ ඉන්න දයාලා මොනවාද දන්නේ..!(නු)
ආරක්ෂාවක් තියා ලේකම් තුමාට ගහද්දි ඒ පැත්ත පළාතක පොලිසියේ මහත්තයෙක්වත් හිටියද කියන එකයි පුදුමේ (ස)
මේ වගේ දේවල් පිටුපස තියෙන්නේ කවුරුවත් නොහිතන විදියේ දේවල්. ඒ නිසා නිශ්ශබ්දව ඉන්න එකයි හොද. (නි)
වරෙන්තුකාරයෝ පොලීසිය මැද්දේ ඉන්නවා ඒත් අල්ලන්නේ නෑ (ස)
මේ ගැන රජයට දොස් පවරන්න එපා ..(නු)
ආරක්ෂාව දෙන්න එයා ඡන්දෙ එකතුකරපු කෙනේද?(නු)
ඒකනේ බලන්නකෝ..!(නු)
අනුරගේ අදහසට මගෙත් සැලියුට් එක ! .(ස)
මේක සැළසුම් කරලා කරපු දෙයක් කියලා හිතිලා තියෙනවා.!(නු)
අයියෝ සල්ලි
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ලේකම්තුමා ඡන්දෙට වැඩ කරන්න නැතුව ඇති නේද? (නි)
අජිත් රත්නායකගෙ කවුරු හරි රජයෙ ඉන්නවද? එහෙම නැත්තම් තාම බලන්නෙ කාටූන් ද? සරත් ෆොන්සේකා මහත්තයා විතරයි දැන් ලන්කාවේ එකම පැතුම. (නි)
මෙය ඉතා සැළසුම් සහගතව කරන ලද ප්‍රහාරයක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
තවත් මොන කතාද අපිට? (නි)
අත තිබ්බොත් බලාගෙනයි කියලා දැන්වීමක් ගහගෙන ගියානම් කවුරුත් ගහන්නේ නෑනේ (ස)
පොලිස්පති මොනවා කරන්නද? එයත් කරන්නේ රස්සාවක්නේ. (නි)
අපේ ආරක්ෂාව ගැන කවර කතාද? (නි)