හත් වැනි වරටත් පැවැත්වෙන ආරක්ෂක සේවා මලල ක‍්‍රීඩා තරගාවලිය හෙට (1 වැනිදා) සිට කොළඔ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට ආරක්ෂක සේවා මලල ක‍්‍රීඩා කමිටුව කටයුතු සංවිධානය කර ඇත. මෙම තරගාවලිය මේ මස 5 වැනිදා දක්වා පැවැත්වේ. ත‍්‍රිවිධ හමුදා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩකාවන්ගේ දක්ෂතා එළිදැක්වීම සඳහා පවත්වනු ලබන මෙම තරගාවලියට යුද, නාවික සහ ගුවන් හමුදාවල ක‍්‍රීඩක ක‍්‍රීඩකාවෝ 400 කට ආසන්න ප‍්‍රමාණයක් තරග වැදීමට නියමිතය. - 4012