(රොයිටර් ඇසුරිනි - 055)
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සහ පොලිසිය තවමත් බලහත්කාරකම් සහ වධ බන්ධන කරන බවට වාර්තාවන බවත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.
මෙම සිදුවීම් ස ම්බන්ධයෙන් විමර්ශන කරන නීතිය ක්‍රියාත්මක කරන අතරේම අතීතයේ සිදු වූ යුද අපරාධවලට සම්බන්ධ පිරිස්වලට එරෙහිව ද පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබේ.
වසර 26ක් මුළුල්ලේ දෙමළ බෙදුම්වාදීන් සමඟ පැවැති සිවිල් යුද්ධයේ අවසාන සමයේදී සිවිල් වැසියන් වැඩි වශයෙන් දෙමළ ජනතාව ඝාතනය කළ බවට ශ්‍රී ලංකා හමුදාවලට වැඩි වශයෙන් චෝදනා එල්ල වී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන මෙලෙස වැඩි වශයෙන් රජයේ හමුදාවලටත් එල්.ටී.ටී.ඊ සංවිධානයටත් චෝදනා එල්ල කරන අතරේ පීඩිතයන්ට සහන සැලැසිය යුතු බව ද අවධාරණය කරයි.
සිවිල් යුද්ධය සමයේදී කරන ලද අපරාධ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා කාලය නිශ්චිතව සඳහන් කළ යුතු බව පසුගිය සතියේ ඉදිරිපත් කළ වාර්තාවෙන් පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වාර්තාවන බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතු බවත් පෙන්වා දෙයි.
''බලය අධි භාවිතය, වද හිංසා පැමිණවීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ අත්අඩංගුවට ගැනීමෙන් පසු නියමිත නීති ක්‍රියාවලියට අනුකූලව කටයුතු කිරීමට පොලිසිය අසමත් වීම් වැනි සිදුවීම් තවමත් වාර්තා වනවා" යැයි එම වාර්තාවේ සඳහන් වේ.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1529
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආරක්ෂක අංශ පිළිබඳ එක්සත් ජාතීන්ගෙන් විවේචනාත්මක වාර්තාවක්
siri Monday, 06 March 2017 08:52 AM
දෙපැත්තටම වනල වගේ.
lalithsjm Wednesday, 08 March 2017 11:06 AM
අවුලක් නැහැ දෙන එහෙයියන් නේ රජ කරන්නේ.