කටුනායක අධිවේගී මාර්ගය හා කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදිවීමේදී නියමිත මුදලට වඩා වැඩි මුදල් ඇස්තමේන්තුවලට ඉදිරිපත් කළැයිද අනවශ්‍ය විදේශ ගමන් සිදුකිරීමෙන් මූල්‍ය වංචාවක් කළැයිද සැකපිට මහාමාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරිට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද විදේශ ගමන් තහනම් කළේය.
සිය දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට තායිලන්තයට යෑම සඳහා ඔහු අවසර ඉල්ලා සිටියේය. මහේස්ත්‍රාත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ මෙයා ගැන සමහර ඉංජිනේරුවෝ කිව්වේ වැඩක් කරන මහා වීරයෙක් කියලා. අපිට නම් කියනකොටම තේරුණා වැඩේ. (නි)
අර මොකුන්ද එක්ක ලැග්ගම මැක්කොත් එක්ක නැගිටින්නයි වෙන්නේ.මොහු දක්ෂයෙක් එහි විවාදයක් නෑ. නමුත් ගිය රජයේ තිබූ අධිවෙිගී ගමන රාජ්‍ය සේවයේ නොයෙක් අත්‍යවශ්‍ය කඩ ඉම් ඉක්මවා ගියා. පාරදෘෂ්‍යභාවයේ අඩුකම නිසාම දේශපාලකයින් මෙන්ම රජයේ නිලධාරින්ද චෝදනාවන්ට ලක්වෙන එක වලක්වන්න බෑ. සුද්දා හදුන්වලා දුන්න මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහය වගේම අපේම ව්‍යවස්ථා,චක්‍රෙල්ඛන අධිකරණ නියෝග,විගණන තීන්දු වගේම රාජ්‍ය අංශයේ රාජකාරී ධූරවලීන්,විනිවිධ භාවය සහ ගිණුම් කටයුතු භාවය වැනි දේ තියෙන්නේ සාධාරණ රජයේ සේවයක් සේවකයින්ගෙන් ඉටු කරගන්නයි. දේශපාලකයින්ද පාර්ලිමෙින්තුවට වගකිවයුතුයි. ඒ කියන්නේ අවසාන වශයෙන් තම ඡන්ද දායකයා වන මහජනතාවට. නමුත් සිද්ධ වෙන්නේ මෙි අයට පසු කාලීනව ඡන්දයෙන් පත්වුනාද කියන එක අමතක කරල බඩ වඩා ගන්න එකයි. රට සූරා කන දේශපාලකයින් එදා හිටියේ නැති තරමි. මෙි යහ පාලනය කියන්නේ රටෙි අවශ්‍යතාවයක්. නැතිව දේශපාලකයින්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් නෙවෙි. කවුරු වුනත් රටෙි යහ පැවැත්මට පටහැනි දෙයක් කළොත් ඉදිරියේදී ගිය රජයට සිදුවූ දේ බලාපොරොත්තු විය යුතුයි. රට නිවරදි කිරීමට වැරදි හදාගන්න ජනතාව සූදානම්. නමුත් දේශපාලකයින් කියන කියන තාලයටම එහෙයියන් වී වැඩ කරන ලේකමිලා, ප්‍රධානීන් ඉන්නකමි මෙි රට ගොඩ නගන්න බෑ. කරුණාකර අපගේ පරිපාලන සේවයේ කැඩිලා තියෙන කොන්ද නැවත කෙලින් කරලා රට යන ගමනට යහපත්ව දායක කර ගන්න එක ඉතාමත්ම වැදගත් දෙයක්. දක්ෂයින් අමාරුවෙි දාන දේශපාලකයින්ගෙන් හා හෙංචයියන්ගෙන් ඉවත් වීමට අවශ්‍ය ඉව හා සහජ බුද්ධිය රජයේ සේවකයිට පහළ වෙිවා! (නදී)
මෙයා ගැන කතා හරියට. එ්ක නිසා වත්කම් පරීක්ෂා කරන්න ඕනේ. (ස)
සඳුන්, අපේ ඉංජිනේරුවන් කොන්ත්‍රාත් කරුවන් බොහෝ දෙනා දන්නවා මේ මහත්තය කවුද කියල, ඔහු වීරයෙක් වෙන්න ඇත්තේ සුළු පිරිසකට පමණි. (ම)