නිළ ඇඳුම් දීමනාව, උසස් වීම් හා සෞඛ්‍ය කර්ය සාහායක නිල නාමය වහා දෙන ලෙස ඉල්ලමින් බොරැල්ල ආයුර්වේද රෝහලේ සාත්තු සේවකයෝ රෝහල ඉදිරිපිට දී අද උද්ඝෝෂනයක් කළහ. සමස්ත ලංකා සුව සේවා සංගමය මේ උද්ඝෝෂණය සංවිධානය කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ බලාහිටියේ, සවස දෙකට පළවුණ මේ පුවතට රාත්‍රී දහය පහුවෙලත් තවම ප්‍රතිචාර නැහැ. මේකම රජයේ සාමාන්‍ය රෝහල් සේවක පිරිසක් කළා නම්, මෙලහකට ප්‍රශ්නයේ අග මුල දන්නෙත් නැති පිරිසක් " හැමදාම උද්ඝෝෂණ, රෝගීන් අමාරුවේ දානවා, හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ ...." කියාගෙන සටනට ඇවිල්ලා. මොකක්ද මේ වෙනස? ඇත්ත කතාකරමු මහත්වරුනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නැති ගොඩක් අය හිතාගෙන ඉන්නවා සෞඛ්‍ය සේවකයන් (මේ රටේ කාටත් වඩා) මහා ලොකු ආර්ථික ප්‍රතිලාභයක් භුක්ති විඳිනවා, සේරම සැප ඔවුන්ටයි, අපට මොකුත් නැහැ කියලා. ඒ ඉරිසියාව ආයුර්වේද සේවකයින් ගැන පැන නගින්නේ නැත්තේ, ඔවුන් බටහිර වෙදකමේ නිරත වෘත්තිකයින් තරම් කලඑළි නැහැ කියා 'මොවුන්ට' හැඟෙන නිසා. ඒ නිසා ඔවුන්ට නිදහස තියෙනවා වීදි බහින්න. කවදාවත් ගොවි උද්ඝෝෂණ, එළවලු වෙළෙන්දන්ගේ (පාරවල් වහලා කරන) උද්ඝෝෂණ, ලංගමේ වර්ජන ආදිය ගැන අර වගේ කෝප සහගත ප්‍රතිචාර අහන්න නැහැ. ගුටි කකාත් කට පියාගෙන වැඩ කරන්න කියන්නේ වෛද්‍ය , නීතිඥ වැනි සීමිත පිරිසකටම විතරයි. ඔබේ හැගීම් වලට රිදුණා නම් කණගාටුයි. මේ ගැන කියන්නේ මෙපමණයි. කැමති තරම් බැණලා හිත සනසාගන්නකෝ. (නි)