(සුජිත් හේවාජුලිගේ)
විදේශ සෘජු ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව, ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලියේ අධික ලිපි ලේඛන කටයුතු සහ අයදුම්පත් පිරවීමේ ක්‍රියාවලීන් ඉවත්කර දැමීමට ඒ මහතා උපදෙස් ලබාදී ඇත.
විදේශ සෘජු ආයෝජන වැඩි කර ගැනීමේ අරමුණින් එම පියවර ගෙන ඇත.
ආයෝජන මණ්ඩලයෙන් සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවලින් විදේශ ආයෝජන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනීමට ඇති බාධා සහ නිලධාරිවාදී ක්‍රියාකලාපයන් ඉවත් කිරීමටද කඩිනම් පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
විදේශ සෘජු ආයෝජන සඳහා විදේශ ආයෝජකයන් පිරවීමට තිබූ පිටු 14ක පමණ දිග අයදුම්පත තනි පිටුවක අයදුම්පතක් දක්වා කෙටි කිරීමටත්, අදාළ අයදුම්පත් අනුමත කිරීම පැය 24 ක කාලයක් තුළ සිදුකිරීමටත් මෙම නව වැඩපිළිවෙල ඔස්සේ පහසුකම් සලසා ඇත.
එමෙන්ම, මෙම ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලියට අදාළ නීති රෙගුලාසි වඩාත් සරල කර එම ක්‍රියාවලිය තුළ පැවති නිලධාරීවාදී ස්වභාවය ඉවත්කර දැමීමටත් ඒ මහතා කටයුතු කර ඇත.
මින් මතුවට, ඉහත කී විදේශ සෘජු ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය සිදු කෙරෙන්නේ මාර්ගගතව වන අතර, මෙමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාවලියේ නව මුහුණුවරක් බිහිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දියුණු කරන එක කොච්චර සරලද.....
රතුපස්වල වගේ පරිසර වාර්තාවක් නෑ
ඔහොම කරලා ඕනි නැති එකයි ඔක්කොම ගෙනැල්ලා මේක කාපංකො
නියමයි...!
දැනට ඔබතුමා ආයෝජකයින් කී දෙනෙකුට අනුමැතිය ලබාදී තිබෙනවාද?
රජයේ අනෙකුත් සේවා අනවශ්‍ය ලියකියවිලි හ ක්‍රම අයින් කරගත්තොත් හොඳයි. තවද ේවා රාශියක් ඔන්ලයින් ක්‍රමයට ලබාදීමට අවකාශය තියෙනවා. එම නිසා අදාළ සහතික න්ලයින් ක්‍රමයට ලබා දෙනවා නම් ජනතාවට ඉතාම පහසුයි.
ධම්මික අයියේ.. උතුරේ එක දූපතක් තනිකර කැසිනෝ ගහන්නේ... බදු අයකරන්න, ඩොලර්වලින් ගෙවන්න කියන්න. ප්‍රධාන දූපතට ඒක ගාවගන්න එපා. ඩොලර් හොයන්න පුළුවන් හොඳට...
ඉතාමත් වැදගත් පියවරක්, පෞද්ගලික අංශයේ ව්‍යාසාය සාර්ථක කරගැනීමට හවුල්වීම රජයේ නිලධාරීන්ගේ කාර්ය භාරයයි. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය ශක්තිමත් කරන මෙවැනි පියවර ගැනීම අගය කරමි
නියමයි, ඉදිරියටම යමු...
මේකා පිස්සෙක්. නව රජය පත්වූ වහාම මේ බුරු කාරයාව අයින් කල යුතුයි.මොහු මුළු රටම කුණු කොල්ලයට විකුනන්න යන්නේ.
ආයෝජකයෝ ඇදගන්න මුලිම ජෙප්පෝ සමුලඝාතනය කරන්න. මුන් ඉන්නකන් රටට කිසිම ආයෝජකයෙක් එන්නේ නැත.