(විනිතා එම් ගමගේ)
කැබිනට් මණ්ඩලයේ ඉහළ පවතින හැල හැප්පීම් මතභේද හා පරස්පරයන් මෙන්ම මහබැංකු අධිපති හා මුදල් ඇමති අතර ඇති හැප්පීම් නිසා ආයෝජකයින් මේ රට අතහරින ස්වභාවයක් ඇතැයි ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියයි.
ඉකුත් වසර තුළ රටට පැමිණ ඇත්තේ ඩොලර් මිලියන 300 ක ආයෝජන පමණක් වන බවත් මෙරට ස්ථාපිත කර තිබු ඩොලර් මිලියන 2000 කට අධික වටිනාකමක් ඇති විදේශ ආයෝජන රට හැර ගොස් ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
මේ වන විට ප‍්‍රධාන පෙළේ බැංකු සියල්ල අස්ථාවර තත්ත්වයක පවතින බව ෆිච් රේටින් සංවිධානය සඳහන් කර ඇතැයි ඒ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පක්ෂ මුළස්ථානයේ දී අද (02) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුදල් ඇමැති ඉවත් කරනකම් මේ රටට සුගතියක් නැත
ඔබට සතුටුයිද දැන්
ආයෝජකයො විතරක් නෙමෙයි පුළුවන්නම් අපිත් යනවා. බණ්ඩාරනායක 56 සිංහල රාජ්‍ය භාෂාව කළ නිසා කරුමෙ විඳ විඳ මේ රටේ බහුතරය මේ රටේ ඉන්නවා භාෂා ප්රශ්නය නිසා. අනික මූල්‍ය විනයක් සහ සමාජ විනයක් නැති සත්තු ටිකක් පාලනය කරන රටක ඉන්න දියුණු රටවල් වලින් ආපු ආයෝජකයො කැමති වෙන්නේ නෑ. අපේ උන් බොරුවෙන් මිනිස්සු අන්දන්න දක්ෂයි කියන එක දැන් මුළු ලොකෙම දන්නවා.
එම ඩොලර් මිලියන 300 හොඳ ආයෝජනයක්. පසුගිය රජය සමයේ ලොකු ආයෝජන කළා. නමුත් ගොඩක් මුදල් වංචා සිදුවුණා. එම මුදල් හොඳ විදියට ආයෝජනය කළානම් අපට මේ තිබෙන අමාරු තත්ත්වය ඇතිවන්නේ නෑ.