බලංගොඩ, පින්නවල ෂර්වුඩ් තේ වත්තේ හිමිකරු වසරක් පුරා හොරෙන් විදුලිය ගැනීමට වරදකරු කළ බලංගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා ඔහුට රුපියල් 1,23,56,362.62 ක් විදුලි බල මණ්ඩලයටද රුපියල් 50,000ක දඩයක්ද නියම කළේය.
මෑත ඉතිහාසයේ අනවසරයෙන් විදුලිය ගැනීම සම්බන්ධයෙන් පැනවූ ලොකුම දඩය මෙයයි. වත්තේ හිමිකරු එච්.එල්.රෙජී නිශාන්ත පෙරදින අත් අඩංගුවට ගෙන අද වනතුරු රිමාන්ඩ් භාරයට පත් කර සිටියේය. නිශාන්ත රුපියල් 1,50,000 ක ශරීර ඇප මත මුදාහරිනු ලැබීය.
විදුලි බල මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකයේ විමර්ශන නිලධාරී පී.ජී.අජිත් වැටලීම මෙහෙයවීය. වත්තේ විදුලි කුටියේ ට්‍රාන්ස්ෆෝමරය අසල ආයා කටු ගසා 75%ක් විදුලි ගාස්තුව අඩු කිරීමේ වංචාව අල්ලාගත් බව අජිත් මහතා උසාවියට දන්වා සිටියේය.
මණ්ඩලයේ නිලධරයන් විදුලි කුටියට ගිය හැම අවස්ථාවලදීම ප්‍රධාන ගේට්ටුවේ පමා කිරීමේ රහස සොයාගත් බවත් ඒ අනුව මණ්ඩලය උපක්‍රමිකව ක්‍රියාකළ බවත් ඔහු උසාවියට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් තියෙන අයට ඕව සුළු දෙයක්.මුදල් ගෙවලා නීතියෙන් නිදහස් වෙන්න ඒ අයට අවකාශය වැඩියි. නමුත් නීතියෙන් දෙන දඩුවම මුදල මතම නොවන බව මගෙනම් හැගීමයි.(ම)
තේ වලින් හොඳ ආදායමක් එන එකේ මොනවට හොරකම් කරනවද? (බ)
දඩය හැරුණු විට අනික් මුදල වසරක නොගෙවූ විදුලි බිල විය හැකියි.ඔය තරම් ඉක්මනට තීන්දුව එන්න ඇත්තේ සමහර විට වරද පිළි ගැනීමක් නිසා විය හැකියි.(ම)
කුඩු කාරයන්ට ඔහොම දඩ ගැහුවා නම් නියමයි (නදී)
දඩේ ගෙවන්න වත්ත විකුනන්න වෙයිද දන්නේ නැහැ නේද ? (බ)
මේ වගේ පොඩි දේවල් වලට මෙච්චර දඩ ගහනවානම් කුඩු කාරයෝ, මීට වැඩ ජරා වැඩ කරන පුද්ගලයින්ට කොච්චර දඩ මුදලක් පැනවිය යුතුද? (බ)
අධිකරණ තීන්දු වල පරස්පර බවක් තියෙන බව පේනවා. වරද සහ දඬුවම යම් කිසි නියාමනයකට සකස් කළ යුතුයි (බ)