(ඉන්දිකා රාමනායක / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
යෝජිත විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාවයක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය සම්පුර්ණයෙන් වසා දැමීමට පොලිසිය පියවර ගෙන ඇත.
ආබාධිත රණවිරුවන් පිරිස පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාල දෙසට යාමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය ඔවුන්ගේ ගමනට බාධා කළහ.
ඔවුන් ජනපති ලේකම් කාර්යාලට පිවිසෙන දොරටුව ආසන්නයේ බිම හිඳගෙන විරෝධතාවයේ නිරත වෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභයගේ නඩු යන හැම දවසකම මේ රගපෑම නිතැතින් වෙනවාමයි. අන්තරේ වෛද්‍ය සංගමේ නඩු දවසට පාරේ සෙල්ලම් දානවා වගේ.
රණවිරුවන්ට අවශ්‍ය සියලුම පහසුකම් සලසා දුන්නා කියන පසුගිය පාලකයෝ ඔය කියන විශ්‍රාම වැටුපවත් හැදුවේ නැද්ද? අපි වෙනුවෙන් අපි කියලා ලෝකේ වටේ ගොස් එකතු කල මුදල් වලින් හරි ප්‍රයෝජනයක් වුනේ නැහැ කියලයි හැමෝම කියන්නේ.
කොහේ හරි කොනක දේශපාලඥයෙකුගේ හස්තයක් ඇත. පොහොටුටුව රටම අස්ථාවර කිරීමේ මෙහෙයුම අරඹා ඇත. ජනතාව රවට්ටා බලය ගැනීමට සූදානම්..
ගිය සැරෙත් අපි දැක්කනේ අබාධිත අයව මෙහෙයවන්නේ තනිකරම මැරයෝ.රටේ අරාජිකත්වය ඇති කර බලයට කෙල හලන ඒකාබද්ධයේ උවමනාව තමා මේ..
කොටසක හරි ඡන්දේ තියෙනව කියලා මැතිවරණ කොමිසම කිව්වනේ . ඡන්ද ප්රචාරක කටයුතු පටන් අරගෙන......
දැනටත් රුපියල් 80000ත වඩා ගන්නවානම් තවත් මේ මොකටද උද්ඝෝෂණ?
මේ ආබාධිත රණවිරුවන් යනු අවරුදු 10ට අඩු සේවා කාලයක් සහිත අය වන අතර මේ අය තමන්ගේ කැමැත්තෙන් සේවයෙන් ඉවත් වුන අය වේ. මේ අය තමන්ගේ කැමැත්ත ලිකහිතව ප්‍රකාශ කරනවිට ඒ අදාල අංශ වෙතින් දැනුවත් කරනවා සේවා කාලයට කලින් වෛද්‍ය හේතුන් මත ඉවත් උවහොත් මෙම විශ්‍රාම වැටුප හිමි නොවන බව. ඒ බව දැන දැනම තමයි ඔවුන් සේවයෙන් ඉවත්ව යන්නේ. නමුත් පසු කාලීනව මේගොල්ලෝ හිඟන්නන් සේ පාරට බැහැල විනයගරුක හමුදාවක් නොකරන උද්ගෝෂණ කරන්නේ තවමත් ඔවුන් යුද හමුදාවෙන් මාසික වැටුපද ලබාගනිමිනි. මෙම උද්ගෝෂණ යුධ හමුදා නීති සංග්‍රහයට පටහැනිය. මේ අය කරන මේ දෙයින් අවුරුදු 12 ට වැඩියෙන් සේවා කර විශ්‍රාම ගිය ආබාධිත අයට මහා නින්දාවකි. මගේ මතය නම් නැවත මේ අය හමුදා සේවයට අනියුක්ත කර එම සේවා කාලය සපුරනතෙක් සේවයේ යොදවා ඉන් අනතුරුව ඔවුන්ට හිමි දීමන පිළිගැන්විය යුතුය.
නොපිපෙන පොහොට්ටුවක පෙරගමන් කරුවෝ. ඇරඹුමම මහා විනාශයක්, වංචාවක්. මේ අයගේ හැටි එහෙමයි.
රාජපක්ෂල හොරකම් කරපු සල්ලි මේවට තමා වියදම් කරන්නෙ රට අරාජික කරන්න. මේ ඉල්ලීම් රාජපක්ෂලාගේ කාලේ ඉල්ලුවානම් ඉතුරු කකුලත් නැති වෙනවනෙ.
රට වෙනුවෙන් දවසක් හරි ජීවිතේ පරදුවට තියපු විරුවන්ට මෙහෙම වෙන්න දෙන එක රටට ලොකු අවනම්බුවක්. කොහොමත් ඉතින් අපේ අයගෙ මතකෙ වැඩිකල් තියෙන එකක් නෙවෙයිනෙ...
මේ අයට දැනටත් මසකට රු.80000 වැඩියෙන් ලැබෙනවානම් ඉන් සෑහීමකට පත්වෙන්න ඕන රට ගැන හිතා. වසර තිස් ගණනක් රජයට සේවය කල සමහර උපාධිධාරීන්ට මෙයින් බාගයක්වත් ලැබෙන්නේ නැහැ.
ඔබ දන්නවාද මෙම ආබාධිත රණවිරුවන්ට රු. 90000 වඩා පඩියක් ලැබෙන බව.