(ආරියරත්න රණබාහු / හර්ෂණ තුෂාර සිල්වා)
ආපදාවට පත්වූවන්ට අවැසි සියලු සහන සලසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(30) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
විපතට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීම පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරු 3ට පැවැත්වෙන බවද කථානායකවරයා දැනුම් දුන්නේය.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අද පාර්ලිමේන්තුව පස්වරු 6ට අවසන් කිරීමට නියමිත බවද කථානායකවරයා දන්වා සිටියේය. ඒ අනුව සවස 7.30 දක්වා පැවැත්වෙන අයවැය විවාදය පස්වරු 6ට අවසන් කිරීමට නියමිතය.
මේ අතර දැඩි වර්ෂාව සහ තද සුළං නිසා ඇතිවී තිබෙන ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හදිසි පියවරක් ලෙස ආපදාවට පත්වූවන්ට රුපියල් 10,000ක මුදලක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
ක්ෂණික පියවරක් ලෙස නිවාස හානි සිදු වූ පිරිස් ද ඇතුළුව ආපදාවට පත්වූවන්ට මෙලෙස රුපියල් 10,000ක මුදලක් ලබාදෙන්නැයි අගමැතිවරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සහ ජාතික රක්ෂණ භාර අරමුදලට උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දේ ලග නිසා වෙන්නැති ඉකමනින් දෙන්න හදන්නේ. ශාලාව සහ අනෙක් ආපදා වලදී සහන දුන්න හැටි ජනතාවට හොදට මතකයි. නියං සහනාධාර ගංවතුරෙදිවත් දෙන්න.
අනේ ඉතින් කව්ද ගණන් ගන්නෙ මෙයාගේ කතා. තාමත් මිනිස්සු ඉන්නව අවතැන් කදවුරු වල මාස ගණන් සහන නැතුව. ඒ මිනිස්සුන්ටත් බොරු පොරොන්දු දුන්න එක්කෙනා දැන් තවත් අමුලික පචයක් ගොතනව මිනිස්සු රවට්ටල ඡන්දෙ ගන්න බලාගෙන.
ප්‍රකාශ විතරයි වැඩ නැත.
බය නැති අගමැති හරියට හරි..............මහ බැංකුවෙන් කොල්ලකාපු සල්ලි සල්ලි තියෙන නිසා 10 ගානේ දෙනවලු...........
දන්නෝ දනිති.. මට නම් වැඩ බැරි බවට.... එනමුත් කියන්නේ අති විශේෂ ප්රකාශයි... මොනදේ කිවුවත් මට නම් ඇසෙන්නේ නැහැ...