
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආපදාවලින් විපතට පත් වූවන්ට ලබා දෙන සහනාධාර මුදල ප්‍රමාණවත් නැති හෙයින් වහාම ඊට අදාළ චක්‍රලේඛය වෙනස්කර සහනාධාර මුදල වැඩි කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) රජයෙන් ඉල්ලීමක් කළේය.
එක පවුලකට ලැබෙන රුපියල් 400 මුදල ප්‍රමාණවත් නැතැයිද ඔහු කීවේය. විපක්‍ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
ගංවතුරෙන් විපතට පත් වූ අයට සහන සැලසීමට කටයුතු කරන පොලිස් නිලධාරීන් ආරක්ෂක අංශ නිලධාරින් ඇතුළු සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. මේ ජනතාවට ප්‍රමාණවත් සහන කෙටි කාලයක් තුළ සපයන්න.
බොහෝ දෙනාට ආහාර ඇඳුම් පැළඳුම් සියලු දේ අහිමි වෙලා තියෙනවා. මේ අය වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අමතර ලක්ෂ දහයක් යවල තියෙනව. ඒ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.
චක්‍රලේඛයේ සඳහන් මුදල් සොච්චම ප්‍රමාණවත් නැහැ. ඒකෙන් විපතට පත්වෙච්ච ජනතාවට කන්න දෙන්න බැහැ. එක වේලක්වත් දෙන්න බැහැ. මේ චක්‍රලේඛය වහාම වෙනස් කරන්න ඕන. සහන ලබාදීමේ මුදල වැඩි කිරීමට කටයුතු කරන්න ඕන.
අපේ රටට රේඩාර පද්ධතියක් ලැබුණා. ඩොප්ලර් රේඩාර් පද්ධතිය.
තාම මේක හයි කරගන්න බැරි වෙලා තියෙනවා. මොකක්ද ඒකට වුණේ.සහන ලබාදීමේ වැඩපිළිවෙළ සහමුලින්ම වෙනස් වෙන්න ඕන. ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙලක් සකස් කරන්න.මාතර දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය බරපතලයි.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා
මාතර පවුල් හත් දහසක් ගංවතුරට මුහුණ දීලා තියෙනවා. බෝට්ටු පහළොවක් නාවික හමුදාවෙන් ලැබිලා තියෙනවා. සමහර තැන් වලට අඟුල් නැතුව යන්න බෑ. ස්ථිර වශයෙන්ම අඟුල් 40 ලබාදෙන්න. ගොවි වන්දි ලබාදීම ප්‍රමාද වෙලා. මොකක් හෝ කඹ ඇදීමක් තියෙනවා.
2025 දෙසැම්බර් මස 18
507
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1056
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආපදා සහන මුදල වැඩි කරන්න