මහින්ද නිශ්ශංක
ඉන්දියානු සහන ණය වැඩපිළිවෙළ යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවට ආනයනය කළ ද්විත්ව බලවේග කට්ටල දුම්රිය ලබන 30 වැනි දා සිට කොළඹ - කන්කසන්තුරය අතර මගී ප්‍රවාහනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
දැනට කොළඹ කන්කසන්තුරය අතර ධාවනය කෙරෙන උත්තරදේවී දුම්රිය වෙනුවට මෙම ද්විත්ව බලවේග කට්ටල දුම්රිය යොදවන බවද ඒ මහතා කීය.
මෙම ඉන්දීය දිවිත්ව බලවේග කට්ටල දුම්රිය මගී සේවයට එක්කිරිමට පෙර සිදුකළ ධාවන පරීක්ෂණ චාරිකා සාර්ථක බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙකට කඩලා තමා යවන්න වෙන්නේ කොච්චි දෙකක් දෙපැත්තට යන නිසා
මෙයද ඉන්දීය ණය සහන මත ගෙන්වා ඇතැයි කියන "සුපිරි ද්විත්ව බලවේග කට්ටල" එහෙමනම්, මේක එරටේ වසර ගණනක් තිස්සේ පාවිච්චි කරපු ඒවා වෙන්න පුළුවන්. නව දුම්රියක් ධාවනයට එක්කරන විට එම දුම්රියේ අලුත් පින්තුරයක් මාධ්‍යවලට මුදාහැරීමට තරම් දුම්රිය ලොක්කෝ උදාසීනද?