සහල් මිල පාලනය කිරීම සඳහා ආනයනය කරන සහල් වරායෙන් බෑමට පෙර පරීක්ෂා කිරීම අනිවාර්ය කරන්නැයි වෛද්‍ය පර්යේෂකයෙකු වන වෛද්‍ය චන්න ජයසුමන මහතා ආනයන අපනයන පාලකවරයාගෙන් සහ කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කරයි.
ඉන්දියාව බංගලාදේශය සහ පකිස්තානය යන රටවලින් අපනයනය කෙරෙන සහල්වල අඩංගු ආසනික් ප්‍රතිශතය ඉහල බැවින් මෙරටට ආනයනය කරන සහල් අනිවාර්යයෙන් පරික්ෂා කළ යුතු යැයි ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය.
ඉන්දියාවෙන් ගෙන්වූ සහල් සහ සහලින් නිපදවූ ආහාර ද්‍රව්‍ය වල ආසනික් අඩංගු බැවින් ඉරානය ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යය එම සහල් ප්‍රතික්ෂේප කර තිබු බවත් මෙවැනි තත්ත්වයක් යටතේ මෙරටට ගෙන්වු සහල් පිළිබඳව ද සැක සංකා මතුවීම සාධාරණ බවත් ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතන හාමුදුරුවෝ මේ ගැන මොනවද කියන්නේ. ඉන්දියාවෙන් එන සහල් රසායනික පොහොර දමා වවපුවාද නැද්ද. (නි)
අපේ අයට මොකටද මේවා? එයාලගේ කොමිස් කුට්ටිය ලැබුනොත් මදැයි (නි)
අපි දැක්කා දැන් දැන් ප්ලාස්ටික් සහල් නිපදවෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න. වගේම කෘත්‍රිම බිත්තරත් වෙළඳ පොලට ඇවිල්ලා. මේවා හැම දෙයක්ම නිපදවෙන්නේ, මනුස්සකම කෙසේවෙතත් සල්ලිවල රසය හොඳටම දැනිලා තියෙන හිතන චීනයෙයි.. (නි)
ඉතා හොඳ අදහසක්. මොකද බංගලාදේශය, පාකිස්තානය, ඉන්දියාව දැන් විශාල ලෙස කෘමිනාශක භාවිතා කරන රටවල් නිසා අනිවාර්යෙන්ම මේ ගැන සැළකිලිමත් වෙන එක ඉතා හොඳයි. (නි)
ඇමෙරිකාව බ්‍රිතාන්‍යය ඉන්දියන් සහල් තහනම් කළාට කමක් නැහැ. අපේ රටේ බත් කන වැඩිහරියක් අයට ඔය සහල් හොඳයි. මොකද ලාබයිනේ. අනික අවාසනාවකට අපේ රටේ වී වගාකරන්න බැහැනේ. එනිසා සහල් පිටරටින් ගෙන්වන්නම ඕනෑ. වෛද්‍යතුමනි, ආසනික් හොයලා බලන්න ඕනෑ නැහැ. ආසනික් අඩංගු බත් කාලා ඉන්පස්සේ වකුගඩු අමාරුවට ඉස්පිරිතාල තියෙන්නේ. මොකටද බයවෙන්නේ? ඔබතුමා කරදර නොවී ඉන්න. (නි)
මහින්දගේ කාලේ රටින් හාල් ගෙනෙද්දී මෙයාලා නිදිද? (නි)
වර්ග අඟල් 18 ක් පමණ වන මොණර තුණ්ඩුවකට, දෙකකට ලොබ බඳිමින් ඒ මතම අඩවු ඇල්ලීමත්, සිය ආත්මයට, දරුපවුලට, දෙමාපියන්ට, අහිංසක ලෙඩුන්ට උකුණු තල්ලක් තරම්වත් ලංසු නොතබන ඊනියා ජීවකයන් දඟලන මඩ ගොහොරුවෙන් ඉහළට නැගී අවුත් දසත පූරා සුවඳ විහිදුවන්නට සුපිපි අරවින්දය මහා ජීවක චන්න ජයසුමනයෝම වන්නාහ. (නි)
නිකම් බහුබූත කතා නැතුව බත් කටක් කන්න දෙන්නකෝ (නි)