
(යොහාන් භාසුර)
ආනයනික ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා වන බදු අයකරගැනීමට 30 දෙනෙකුගෙන් යුත් සමීක්ෂණ මණ්ඩලයක් අද (17) පත්කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම මණ්ඩලය පත්කළ අතර එම මණ්ඩලයට මෙරට ප්‍රවීණ ටෙලි නාට්‍ය ශිල්පීන්, ජනමාධ්‍යවේදීන් සහ ගීත රචකයන් ඇතුළු ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් ඇතුළත්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙන් වෙන්නේ විදේශ රටවල නිෂ්පාදනය වන හොඳ නිර්මාණයක් රටේ සාමාන්‍ය ජනතාවට නරඹන්න රසවිදින්න අපහසුවෙන එක , ඉහළ පැලැන්තියේ ඉංග්‍රීසි දන්නා මිනිස්සු නම් ඉන්ටෙර්නෙට් හෝ සටලෛට් භාවිත කර ඉංග්‍රීසියෙන් මේ නරඹාවී , ඉංග්‍රීසි නොදන්නා හෝ අඩු දැනුමක ඇති අපට සිංහල උප සිරස් දමල බලනන එක අහිරේවි , හැම මගුලටම බදු ගහන්න වරණ දමන්න පටන්ගතොත් ජනතවට ආණ්ඩුව එපා වේවි..
ඔය සාමාජිකයින් 30 දෙනාට මහජනතාව ගෙවන බදු මුදලින් වසරකට රුපියල් කෝටි කීයක් විතර ගෙවීමට රජය තීරණය කර තියෙනවාද? මාලිමා රජය බලයට ගේන්න දර දිය ඇද්ද ගොල බාලයන් කීයක්, ඔය 30 රංචුවේ ඉන්නවාද?
මේකේ අරමුණ, ආනයනික ටෙලි නාට්‍ය පාලනය තුලින්, ලාංකික කර්මාන්තය ආරක්ෂා කර ගැනීමයි. නැතහොත් චිත්‍රපට කර්මාන්තයට වෙච්ච දේම වෙලා, නාට්‍ය කර්මාන්තයම විනාශ වී යාම සහ ඒ තුලින් ජිවත් වන විශාල පිරිසකගේ රැකියා නැතිව යාමයි. කෙලින්ම වහල දාන්නේ නැතිව එකට තමයි, පාලක මන්ඩලයක් දාල තියෙන්නේ. හැම එකටම කොට කොට ආණ්ඩුව එපා කියන වචනය ප්‍රවර්දනය කරන්න බලන්න එපා කියල තමයි කියන්න වෙන්නේ. කලින් ක්‍රමය වැරදි හින්ද තමයි බොහෝ ශේත්‍ර විනාශ වෙලා තියෙන්නේ. හැබැයි ඇහුවොත් කියන්නේ, කරන්න හිටියේ කියල. එක තමයි ලොකුම විහිලුව.
30 ක් මදි නේද ?