රංජන් කස්තුරි
ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියලක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30 දක්වා ඉහළ නංවා තිබේ.
දේශීය අර්තාපල් අස්වැන්න මේ දිනවල වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන හෙයින් දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත් අපට 50ට ගත්ත අල කිලෝව 90ට ගන්න වෙනවා... මේ ගන්න මෝඩ තීරණ නිසා. ආරක්ෂා කල යුත්තේ සුළු පිරිසක් වන අල ගොවියා නොව, ලක්ෂ ගණනක් වන මහජනයා බව දැන්වත් නොතේරීම පිළිබඳ අපට ඇත්තේ යහපාලනය පිළිබඳ දුකකි. මෙයින් ප්‍රයෝජන ගන්නේ විපක්ෂය බවත් නොදැනීම මොවුන්ගේ නූගත්කම ලොවට හඬගා කියයි.
දැන් සැප ඇති නේද යහපාලනේ ..?
දැන් ඉතින් වෙළෙන්දෝ අර්තාපල් විකුණන්නේ ඒ බදු මුදලත් එකතු කරලනේ. මරුනේ අර්තාපල් වල මිල ඉහල යවපු හැටි. ගොවියාගෙන් කීයට හරි ගන්න එක තවත් තිහක් තියාගන වෙළෙන්දෝ දෙයි දැන් ..
දේශීය ගොවීන් රැක ගැනීමට ගත් හොඳ පියවරක්. පරිභෝගිකයා මෙන්ම ගොවියාත් එකසේ රැක ගත යුතුයි.
අල ටික වෙළඳ පොළට ආවාට පස්සේ බදු ගහලා වැඩක් නෑ. දැන් ගෙන්නන අය ගෙනත් ඉවරයි. එ්කෙන් වෙන්නේ ආපු ටිකත් බදු එකතු කරලා විකුණන එක. දැනටමත් ගොවියන්ට විකුණගන්න බැරුව ඉන්නේ. මේක කරන්න ඕනේ අස්වැන්න ලැබෙන්න කලින්. මේවා හොඳට හිතල බලලා කළමනාකරණය කරන්න පුළුවන් අය එන තාක් කල් ගොවියෝ අසරණයි. ලංකාවට අබ සරණයි...