සිකුරාදා (30) උදේ කොළඹ ආනන්ද විද්‍යාලයයේ දී ගුරුවරයකුගේ වාහනයකට හැප්පුණු බව කියන එම විද්‍යාලයයේ හය වැනි ශ්‍රේණියේ සිසුවෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
බාහිරින් තුවාල නැතත් සිසුවාගේ උදරයේ අභ්‍යන්තර ලේ ගැලීමක් ඇතැයි රෝහල් ආරංචි කියයි.
මීට වසරකට පමණ පෙර මෙම විද්‍යාලයේ සිසුවකු පාසලේ දී ගල් රෝලකට යට වී මිය ගියේය.
දින දෙකකට පෙර විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකුගේ පහර කෑමට ලක්වූ බව කියන සිසුවෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.
පාසලේ ආරක්ෂිත භාවය ගැන ප්‍රශ්නයක් ඇති බවත්, අධ්‍යාපන බලධරයන් වහා මේ ගැන සොයා බලා පියවරක් ගත යුතු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
පාසලේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විද්‍යාලයයේ ආදි සිසුන් පිරිසක් අගමැතිට හා ජනපතිට ද පැමිණිලි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියෝජ්‍ය විදුහල්පති සත්‍ය වසන් කිරීමට බොහෝ උත්සාහයන් අරගෙන . දරුවා හැපුනේ යකඩයක බව රෝහලට භාර දෙද්දී වෛද්‍යවරයාට කියල තියෙන්නේ ඔහුගේ කීමටලු. මේ නිසා දරුවා ස්කෑන් කිරීම පමා කරලා වෛද්‍ය වාර්තාව වාහනයක හැපුන බවට නිවැරදි කළාට පස්සේ ස්කෑන් එක කරලා . මොන තරම් බොරුවක්ද මේ පොඩි දරුවට පාසලේ ලොකු මහත්තුරු කළේ (බ)
පුදුම පාසලක් ,ළමයින්ගේ පරිස්සම ළමයින්ටම බලාගන්න වෙයි වගේ (බ)
අප්පමාදෝ අමතපදන් මොකද මේ වෙන්නේ? නරක කාලයක්ද (බ)
මහා සිංහල බෞද්ධ ඉස්කෝලේ ගුරුවරුන් උගන්වන්න වගේම ගහන්න හප්පන්නත් හරි දක්ෂයි වගේ (ත)
මුණසිංහ මහතාට පිළිතුරක්! අපිත් දකුණේ තමයි. අපිටත් ලැජ්ජයි මේ විදුහල්පතිවරයා කොළඹට ඇවිත් පඹයෙක් වගේ හැසිරෙනවට නිකන් පිනට කහින්න එපා අනේ අහිංසක දකුණේ දරු පැටව් ටික. පුළුවදෙන්න නම් මේ දකුණෙන් ආපු මේ පඹයෝ දෙන්නම බෙන්ගාල බොක්කෙන් එහාට දාන්න.(කේ)
මේක ඇත්තටම කණගාටු දායක සිද්දියක් .නමුත් මේ වගේ දේවල් වලට ගුරු සංගමය මැදිහත් වෙන්න ඕනෙද කියන එක ගැන ගැටළුවක් තියෙනව .පාසල් වල අභ්‍යන්තර කටයුතු සහ ප්‍රශ්න වලදී ස්ටාලින් වැනි මහත්වරු මැදිහත් වෙන එක ගැන සමාජය අවබෝධයෙන් ඉන්න ඕනේ .මොකද මේ මිනිස්සු එච්චර හොඳ මිනිස්සු නෙවෙයි .මේ මිනිස්සු බලන්නේ මළ ගෙදරින් හරි මගුල් ගෙදරින් හරි තමන්ගේ දේශපාලන වල ඉහගන්න. (බ)
අනන්න්දේ ඉන්නේ ලංකාවේ දක්ෂතම විදුහල්පතිවරයා බව අමතක කරන්න එපා. එහාට එපානම් වහාම නැවත දකුණට එවන්න එතුමා ගන්න පාසල් ගණනාවක් පොරකනවා. (ත)
අනේ අනිච්චං බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩට වෙච්චදේ ! අනේ විදුහල්පතිතුමෝ හෙට අපේ ළමයින් පාසලට එවන්න ජිවිතේ ගැන ආරක්ෂාව දෙනවද? ආනන්දය විනාශ කරන්නේ නැතිව වහාම ගෙදර යන්න.(බ)