කොළඹ ආනන්ද විද්‍යාලයයේ 12 ශ්‍රේණියේ සිසුවකුට පහර දුන් බව කියන නියෝජ්‍ය විදුහල්පතිවරයකු ගැන විමර්ශන අරඹා ඇතැයි මරදාන පොලිසිය කියයි.
පාසලේ විධායක සභිකයකුගේ දරුවකු වන එම සිසුවා පාසලට යද්දී කොණ්ඩේ අවුල් වී ඇති බව කියමින් මුහුණට පහර දී ඇතැයි ද, සිසුවා විසිවී බිම ඇද වැටී ඇති බව ද, ඉන් පසු බෙහත් වර්ග තුනක් බොන්නට දී ඇතැයි ද පොලිස් ආරංචි කියයි.
බෙහෙත් දුන් පසු දරුවාට වමනය ගොස් ඇති බව සිසුවාගේ පියා පවසයි.
‘ඕනෑ කෙරුමකුට කියා ඕන දෙයක් කරගන්නවා.‘ යැයි නියෝජ්‍ය විදුහල්පති කී බවත්, තම දරුවාට පමණක් නොව වෙනත් දරුවන්ට ද මෙලෙස අමානුශික ලෙස පහර දීම නැවැත්විය යුතු බවත් පියා කීවේය.
විදුහල්පති ලියනගමගේ කීවේ දරුවාට පහර දුන්නේ ඔහු වරදක් කර ඇති නිසා බවයි.
‘මේ ළමයා වරදක් කරලා තියෙනවා. ඒකයි ඒ නියෝජ්‍ය විදුහල්පති ගහලා තියෙන්නේ. ඔහු බොරුවට දැන් රෝහල් ගත වෙලා ඉන්නවා. රොහලෙන් කියා තිබෙනවා නැවතිලා ඉන්නේ නැතුව ටිකට් කපාගෙන යන්න කියලා. ළමයාගේ තාත්තාත් වැරදි විදියට නියෝජ්‍ය විදුහල්පතිට කතා කළේ. ඔහු අදි ශිෂ්‍යයෙක් කියල ආදි ශිෂ්‍යයන්ට ඕනෑ විදියට වැඩ කරන්න බැහැනේ පාසලේ. ළමයින් විභාගේ පාස් වුණාම පත්තරවල දාන්නේ නැහැ. හැබැයි වෙන දෙයක් වුණාම මුල් පිටුවෙම දානවා.‘ යැයි ද විදුහල්පති කීවේය.
ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ජයන්ත වික්‍රමසිංහ මහතා කීවේ සිසුවාට පහර දුන්නැයි කියන සිද්ධිය ගැන සොයා බලන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදාගන්න ඕනකමක් තියෙන දරුවන් විතරක් ස්කොලවලට යවන්න ඕන. ගුරුවරුන්ට දඬුවම් කිරීමේ බලය තවුරුකරන්න ඕන. ගුරුවරු වරදක් කළොත් මුල්ගුරුතුමා එය විසදනවා මිසක් පොලිස් යන්නේ අවංකවම තමන්ගේ දරුවන්ට ආදරය කරන ඔවුන්ගේ අනාගතය ගැන හිතන දෙමව්පියන් නෙමෙයි. (බ)
මේ වැරැද්ද නියෝජ්‍ය විදුහල්පතිවරගේ නොව දෙමුපියන්ගේ මේ වගේ දෙමුපියන් නිසා තමයි ළමයි නොමග යන්නේ ගුරුවරයෙක් වරදකට දඩුවම් දුන්නම පොලිසි යන දෙමාපියන්ට දඩුවම් කරන්න ඕනි (ම)
අර අමර කියලා අදහස් දාලා තිබෙන කෙනා ඇත්තටම පාසල් සිසුවෙක් නම්, ආනන්දෙට දෙවියන්ගේ පිහිටයි! (නි)
අමර පුතා විප්ලවවාදියෙක් වෙලා වගේ.මට දුකයි අපි ඉගෙනගත් අපි ආදරය කරන මේ වගේ පාසලක මේ වගේ පුත්තු ඉන්න එක ගැන.මෙයාගේ කතා විලාශය ලියලා තියෙන දේවල් දිහා බලන්න.දැන්මම මේ පුතාලා මෙහෙම හිතනවා නම් සමජයට ගිය දවසට සමාජයට රටට සියල්ලන්ටම දෙවියන්ගේම පිහිටයි. (නි)
සර් මෙයාට ගහල නෑ, අතගාල තියෙන්නේ (ත)
දරුවන්ට පහරදීම වරදක් (බ)
අානන්දේ හොස්ටල් එක ගැන හොයල බලන්න. හොස්ටල් වල ඉන්නේ දුප්පත් සිසුන් කියලා අඩු සැලකීමක් තියනවා . වැඩිහිටි සිසුන් දරුණු විදියට බාල සිසුන්ට සලකනවා. උන්ට තේ හදල දුන්නේ නැත්නම් දන ගහගන ඉන්න ඕනේ. පාලනය බාර ගුරුවරු අහක බලාන ඉන්නවා. හැකියාවක් තියන දෙමව්පියෝ ළමයා බෝඩිමකට දානවා. නැතිබැරි දරුවෝ විතරක් ඉතුරුවෙනවා.. (බ)
කාරයන හැටිහැටි නොදැන කෙනෙකුට එක එල්ලේ ඇගිල්ල දික් කරන්න බැහැ.නමුත් දෙමාපියන් වශයෙන් තම දු දරුවන්ගේ ක්‍රියා පිළිවෙත ගැනත් මිට වඩා සැලකිලිමත් වෙනවනම් දරුවන්ගේ අනාගතයට හොදකලක් උදාවේවි. (ම)
ගහපු එකටත් වැඩිය අර බොන්න දුන්න කියන බෙහෙන්ත් ගැන හොයන්න. ඒක භයානක වැඩක්. ළමය මැරෙන්න තිබුන ඒක නිසා අසාත්මික කමක් ඇතිවෙලා. ඒ බෙහෙත් කතාව ඇත්ත නම් මොකද ඔහොම රත්වෙන්න ගැහුවෙන් කියන එකත් බලන්න වෙනවා. (ම)
දෙමුපියන්ගෙන් ගුරුවරුන්ගෙන් ගුටිකාලා නොහැදුණ එකා, පසුව මහපාරේදී ගුටිකාලා මැරෙනවා. (ම)
ලලින්ද්‍ර ගේ අදහසට මාත් එකගයි.ඔය ලොකුයි කියාගන්නා කොළඹ ඉස්කෝලවල නේවාසිකාගාරවල ඉන්න බාල සිසුන් ගැන වගකිවයුත්තෝ මීට වැඩිය සැලකිලිමත් වෙන්නෝන කියලයි මගෙත් ඉල්ලීම. (ම)
මේ පහර ඉතාම දරුණු පහරක්. කොන්ඩෙ අවුල් වුණාට මෙහෙමත් දඬුවම් කරනවද. ප්‍රධාන පෙලේ පාසල් වල නේවාසිකාගාරත් සැලකිල්ට ගන්න ඕනෑ ඒවලත් වද හිංසා ගොඩයි අසරණයන්ට වහාම පරික්ෂණ පැවැත්විය විය. (ම)
අමර කියන්නේ සිසුවෙකු නම් එයාට භාෂාව හසුරුවා නොගැනීම නිසා කනේ පාරක් නියතයි! (බ)
මේ ගහල තියෙන්නේ පොඩි ළමයක්ට නෙවිනේ, 12 වසර ළමයෙක්ට. පියාගේ සහ නියෝජ්‍ය විදුහල්පතිතුමා අතර අවුලක් තමයි මෙත්නනම් පෙන්න තියෙන්නේ.. (ම)
මම ඉගෙන ගත්තෙත් කර්නල් ඕල්කොට් තුමා විසින් ආරම්භ කරපු පාසලක අටවැනි පන්තියේ ඉන්දැද්දී පාසලේ විනයපාලක ගුරුතුමාගෙන් ලැබුන කම්මුල් පහරවල් දෙක තවමත් දැනෙනවා. හැබැයි ඒ ගුරුතුමාට තවමත් අපි ආදී ශිෂ්‍ය සංගමයේ රැස්වීම් වලදී හමුවුනාම වැඳලා ගෞරව කරනවා. මගේ පියාත් නියෝජ්‍ය විදුහල් පතිවරයෙක්. ඉගෙනගත්තේ මා උගත් පාසලේමයි. ඔහුගේ පාසලේ ආදී සිසුන් හමුවුනාම පවසනවා ඒ අය ඔහුගෙන් ලබාපු දඬුවම් ගැන. එ්ක කියන්නෙත් ගෞරවයෙන් ගුරුතුමා ගැන සිහිපත් කරලා. අපි කිසිම කෙනෙක් ගෙදර ගිහින් කනේ පාරවල් වේවැල් පාරවල් ගැන පැමිණිලි කළෙත් නැහැ පොලීසි ගියෙත් නැහැ. ආනන්දයේ කම්මුල් පාර කාපු ශිෂ්‍යයාට බැඳලා දරුවෝ ඉන්න කාලෙක තේරේවි කම්මුල්පාරේ වැදගත්කම. එදාට ඔහුට හිතේවි දඬුවම් කරපු ගුරුතුමාගෙන් වැඳලා සමාව ගන්න (බ)
පොටෝඑකේ පෙනෙන විදියට මේ ළමයා පාසලට නොගැලපෙන විදියට කොණ්ඩය වවල නැහැ. දුර සිට බස් හෝ දුම්රියෙන් එනවිට කොණ්ඩය අවුල් වෙන එක සාමාන්‍ය දෙයක්. මේ වගේ පහර දීමකට ලක්වියයුතු නැහැ.(ම)
ආනන්දේ නාලන්දේ විදුහල්පති කමට නුසුදුස්සෝ පත් වුනාම වෙන දේ තමයි !! නාලන්දේ ඉගෙන ගත් මගේ පුතාටත් එහෙම එක්කෙනෙක් ගහල අපිටත් සැහෙන්න තද වෙලා තිබුනා. විජේතිලක කරුණානන්ද වැනි විදුහල්පති තුමන්ලාගේ කාලවල ඔවැනි දේවල් සිදු වුණේ නැත්තේ ඒ මහත්ම වරුන්ගේ තිබු පෞරෂත්වය නිසයි
ගහන්න අයිතියක් නැහැ. වේවැලක් ගන්න තිබුණා. මූලික අයිතිවාසිකම් කඩ කරලා තියනවා. නඩුවකට යායුතුමයි (බ)
ආනන්දයේදී 6 පන්තියේ ගණන් සර්ගෙන් කාපු පුටු පතුරු පාර තමයි අද මගේ සාර්ථකත්වයට පාර කියලා දුන්නේ. ඔවුන්ව මට නම් ගුරු දෙවිවරුන්. (බ)
මම කෝට්ටේ ප්‍රදේශයේ ප්‍රාථමික බාලිකා විදුහලකට යන කාලයේ ඉංග්‍රීසි ගෙදර වැඩ නොකිරීම හේතවෙන් අපේ පන්තියේ සියලුම ළමයින්ව වේවැල් පාර බැගින් දීලා දන ගැස්සෙව්වා. ඒ අතර එම පාසලේම තවත් ගුරුතුමියන් තුන් දෙනෙකුගේම ළමයින් හිටියා. ඒ සහෝදර සිසුවියන් අපෙන් ඉල්ලා සිටියේ තමන්ගේ මව්වරු දඬුවම් විඳින තමන් දැක්කොත් වස ලැජ්ජාවක් නිසා අනිත් සිසුවියන්ට තමන්ව කවර් කරගෙන එම විනාඩි 10 සිටින ලෙසය .ඉන් එක සිසුවියෙකු කිව්වේ මේ බව අම්මා දැන ගත්තොත් තමන්ට ගෙදර ගිහිල්ලාත් දන ගසා ගන්න වෙන බවය . ඒ සිසුවියන් තිදෙනා ඇතුළු අප සැවොම අර දඬුවම් දුන් ගුරු මැණියන් ඉන්න දෙසට වඳින්නේ ඕනෑම සභාවක බය නැතිව ඉංග්‍රීසි බසින් කතාවක් කිරීමට ඇයට පින් සිදු වෙන්න අපිට අත්තිවාරම් වැටුන නිසාය. (ත)
යහපාල වගේ අයත් ආනන්දෙටයි ගියා කියල හිතන්නත් බෑ. (ස)
සමහර ගුරුවරු දේවත්වයෙන් පුදන්න පුළුවන්. හැබැයි මේ වගේ අයත් ඉන්නවා. පවි කොල්ලා. මටත් කොල්ලෝ තුනක් ඉන්නවා. ගුරුවරු ගැහැව්වත් තාත්තලාට හිතට දුක දැනෙනවා. කම්මුලට ගහන්න කවුද ගුරුවරුන්ට අවසර දුන්නේ? කැතයි දුකයි.(ත)
අපිත් පාසලේදී වැරදි වලට පන්ති පිටින් දඬුවම් වින්දා . වේවැල් පාරත් කැවා. එත් කවදාවත් ඒවා ගෙදර ගිහින් කිව්වේ නැහැ. අපිට බයයි මව්පියන් ඒවා අහල ගෙදරදී තවත් දඬුවම් කරාවි කියලා. මෙතන මොනවා වුනාද දන්නේ නැහැ. හැබැයි මම නම් අද නීතිගරුක අධ්‍යාපනයක් සහිත පුරවැසියෙක් වෙලා ඉන්නේ ඒ ගුරුවරු නිසා. (ම)
ගෙදර වැඩ නොකිරීම නිසා මගේ කන හොලව ටොක්කක් ඇනපු ගුරුතුමා ට මම පින් දෙනවා. එදා සිට දෙන හෝම් වර්ක් එදාම මම උසස් විභාග දක්වා අද වෙනකන් කිසිම විභාගයක් අසමත් වී නැහැ. පන්තියේ කට්ටි පනින මැට්ටෙක් හෝ නුගත් දේශපාලකයෙකු වීමේ අගතියෙන් මාව ගලවා ගත් ඒ උතුම් ගුරුතුමාට උපහාර පිණිසය. (ම)
දැන් ඉන්න දරුවන්ට විනයක් නෑ..ගුරුවරුන්ට ඉවසීමක් නෑ. දෙගොල්ලොම ආකල්පමය වශයෙන් දියුණු විය යුතුයි. එක සමාජයමය වශයෙන් දෙමවුපියන්ටත්, ප්‍රතිපත්තිමය වශයෙන් අධ්‍යාපන බලධාරීන්ටත්, අධ්‍යාත්මක වශයෙන් ආගමික නායකයන්ටත් පැවරෙන වගකීමක්. (ම)
ඔය මෝඩයෝ මොනවා කිව්වත් අධ්‍යාපන අමත්‍යංශයේ තිබෙනවා ළමයෙකුට දඩුවම් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමය ගැන චක්‍රලේඛනයක්. දෙපාර්තමෙන්තුවේ, නීති හදලා තිබෙන්නේ හේතුවක් ඇතිව. (ම)
ආනන්දේ ඉගෙන ගත්ත 80 දශකයේ අයට මතක හිටින චරිතයක් තමයි එඩිසන් සිල්වා සර් ..මන් හිතන්නේ එතුමාගෙ දෙකේ දෙකේ පොල්ලක් වගේ තඩි වේවැලෙන් ගුටි නොකාපු එකෙක් ඒකාලේ ආනන්දේ හිටියේ නැතුව ඇති..එදා ඔය විදියට අම්මල තාත්තල පොලිසි ගානේ ගියානම් මරදානේ පොලිසියට ආනන්දෙට වෙනම ඒකකයක් වෙන් කරන්න වෙනවා..ටියුෂන් අධ්‍යාපනය මත සියල්ල රැදෙමින් පාසල නමට පමණක් තියන් ඉන්න සිසුන්ගෙනුත් ඔවුන්ව එමගට යොමු කරවන දෙමව්පියන්ගේනුත් ගුරුවරයෙක් පිලිබදව ඇති ගෞරවය වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පාවල දුන් ජෝසප් ස්ටාර්ලින්ලගේ පන්තියේ ගුරුවරුන්ගේනුත් අපිට අද මෙයිට වඩා දෙයක් පාසල් ක්ෂේත්‍රයේ විනය හා සදාචාරය වෙනුවෙන් බලාපොරොත්තු වෙන්න බැහැ..(බ)
කොමෙන්ට් කරනකොට විෂයට අදාලව කොමෙන්ට් කළා නම් හොදය කියල මට හිතෙනවා. ළමයාගේ කොණ්ඩේ කොටට කපල තියෙන වග පින්තුරෙන් පේනවා.කම්මුල නම් හොදටම රතුවෙලා. කොන්ඩේ අවුල්වීම වරදක් කියල හිතනේ ගුරුවරයෙක්ද බුරුවෙක්ද කියල මට ප්‍රශ්නයක්. මේ ගුරුවරයාගේ ඉතිහාසය එතරම් හොද නැහැ. ගාල්ලේ ඉස්කෝලවලත් ප්‍රශ්ණ ඇතිකර ගත්ත ගුරුවරයෙක්. හොදට මතක තියාගන්න පාසලක උගන්වන්න පත්වීම් ලැබුවට ඔක්කොම ගුරුවරු නොවන බව.(බ)
එහෙම ගහන්න බය හිතුන් නැද්ද දන්නැ. (ම)
ආනන්දේ ඉගෙන ගත්ත 80 දශකයේ අයට මතක හිටින චරිතයක් තමයි එඩිසන් සිල්වා සර් ..මන් හිතන්නේ එතුමාගෙ දෙකේ දෙකේ පොල්ලක් වගේ තඩි වේවැලෙන් ගුටි නොකාපු එකෙක් ඒකාලේ ආනන්දේ හිටියේ නැතුව ඇති..එදා ඔය විදියට අම්මල තාත්තල පොලිසි ගානේ ගියානම් මරදානේ පොලිසියට ආනන්දෙට වෙනම ඒකකයක් වෙන් කරන්න වෙනවා..(ම)
අමර කියන කෙනාටයි මමත් කියන්නෙ, ඔබේ කතා විලාශයෙන්ම තේරෙනවා ඔබ වර්තමාන සිසුවෙන් නොවන බව. මමත් ගියේ ආනන්දෙටම තමයි. ඔතන සිද්ධවුණදේත් අපි දන්නවා. ගුරුවරු පන්නන්න කලින් තමන් හැදෙන්න. අපිත් ගුටි කාලා තියනවා වැරදි වලට. ඔයා ඇත්තටම ආනන්දෙ ඉන්න කෙනෙක් නම්, නුඹලා වගේ උන්ව තමයි මුලින්ම ගහලා එළවන්න ඕනෑ. (නි)
ගහලා මදි. කණ පලන්න ඕන. දෙමාපියන්ට දරුවෝ හදා ගන්නත් බෑ. ගුරුවරුන්ට හදන්න දෙන්නෙත් නෑ. පේනවද ලොකු ඉස්කොලවල ලොක්කොන්ගේ ළමයි වැද්දෝ වගේ කොණ්ඩේ රැවුල වවාගන පාසල් එන අපුරුව. කිසි විනයක් නැති විදියට ප්‍රධාන නගරවල ටියුෂන් ක්ලාස් ළග පිස්සු කෙලින අපුරුව. ජංගම දුරකථන පාසලට ගෙනඒම තහනම් කළාට හැම එකා අතේම රටේ නැති කුණුහරුප තියෙන ෆෝන්. දරැවන්ට පණ්විඩයක් කියන්න විඩීයෝ ෆෝන්ම ඕනද? ගුරැවරයෙක්ට දරුවන්ට දඩුවමක් දීලාවත් හදාගන්න දෙන්නේ නැත්නම් දෙමාපියන්ටම දරැවන්ට උගන්න ගන්න කියන්න ඕන. (බ)
අනේ නිහාල් දන්නා දෙයක් කථා කරන්න.. ඔබට මෙහෙම වුනානම් ඔහොමද කතා කරන්නේ (බ)
මේකත් එක්තරා සිද්ධියක් පමණි, පිවිතුරු කිව්වා විදියට අපි 80 දශකයේ එඩිසන් සිල්වා සර්ගෙන් ගුටිකෑව විදියට උසාවියේ නඩු ගොඩක් දන්නා තිබ්බ. එ්ත් අපි දන්නවා එතුමන්ලා අපිට ගැහුවේ බැන්නේ අපේ වැරදි හද ගන්න කියල. ඒ අත්දැකීම් අපි අද හොඳ තත්වෙක ඉන්න උදව් වුනා. ඒ දවස් වල මීට වඩා දරුණු විදියට දඩුවම් වින්ද කට්ටිය ඕන තරම් ඇති. එ්ත් කව්රුත් පොලිසි ගානේ ගියේ නෑ. මේවා ආනන්දේ නමත් කැතවෙන වැඩ. (බ)
ළමයට නෙවේ තාත්තාට තමයි ගහන්න ඕනේ පාසලේ නම කැත කරනවාට අපි මෙහෙමද කාලා තියෙන්නේ (බ)
ආනන්දෙ වගේ ඉස්කෝලෙක විනයක් නැත්නම් වැඩක් නැහැ. මේක පහල මට්ටමින්ම හදන්න ඕන වැඩක්. (ස)
මම මුළු සිද්ධියම දැක්ක.. මේ සර් අපේ යාලුවට නිකන් ගැහුවේ. වෙන කෙනෙක් එක්ක රණ්ඩු වෙලා තිබ්බ තරහකට.. අපේ යාළුවගේ කරුමෙට ඌ මේ දුෂ්ට මනුස්සයට අහුවුණා. මෙහෙ වරෙන් පරය කොන්ඩේ පැත්තට පීර ගනින් කියල සැර පාරවල් දෙකක් තුනක් අපේ යාලුවට ගැහුවා දරුණු විදිහට.. යාළුවා ඇදගෙන වැටුන. අපි මිනිහව අරන් මෙඩිකල් සෙන්ටර් එකට ගියා. ඊට පස්සේ තමයි යාළුවගේ තාත්ත අාවේ යාළුවව එක්කන් යන්න.. මේ අතර තමයි ෆ්‍රැන්සිස් වෙලගේ කියන නපුංසකය අවේ.. මු එකපාරට යාළුවගේ තාත්තට බනින්න ගත්ත "තමුසේ යනවා අපි දන්නවා ළමයි හදන විදිහ" කියල. ඒ අන්කල් ආනන්දෙට සැහෙන උදව් කරන ආදී ශිෂ්‍යයෙක්. එ්ත් අන්කල් "සර් ආනන්දේ ටයි එක ගලවල ඔහොම කතා කරන්න" කියන වචනය විතරක් කියල ගියා ඒ මනුස්සයාගේ වැදගත් කම තියගෙන. මේ ක්‍රිස්තියානි ෆ්‍රැන්සිස් වෙලගේ ආනන්දේ ගැන මොනවද දන්නේ බන්? දැන්වත් ඇත්ත හිතන්න ගනිල්ලා. උඹේ දරුවෙක්ට උඹට ඔහොම අසාධාරන දෙයක් වුනානම් උඹල මොනාද කරන්නේ? සිංහල බෞද්ධ ජාතියේ ගොන්නු තාමත් ඉන්නවා කියල මේ සමහර කමෙන්ට්ස් වලින් පේනවා. උන්ගේ එකෙක්ට දෙයක් වෙච්ච දවසට අපි කව්රුත් නැ කියල මතක තියා ගනින්. අසාධාරණය වෙනුවෙන් එක්වෙන සැමෝම අපි අගය කරනවා.. මේ වගේ අමනුස්සයන් පන්නන්න අපට උදව් වන්න. අසාධාරණය වෙනුවෙන් නැගී සිටින ශිෂ්‍ය සමුහය. (බ)
මේ යකා කලිනුත් ළමයෙක්ට ගහල ගාල්ලෙන් පැනල අාපු එකෙක්.. දඬුවම් නියම කරනු !!!!! (බ)
මට පෙන්නේ ළමයාගේ කොන්ඩේ අවුල් බවක් නොපෙනේ .නියෝජ්‍ය විදුහල්පති, ඇලපති, හෝමියෝපති හෝ (සිද්ධ යුනානි හෝ ආයුර්වේද) වෛද්‍ය සභාවේ ලියාපදිංචිය තියෙනවාද දන්නේ නැහැ.ලියාපදිංචිය නැත්නම් නඩු දැමීමක් කළ යුතුයි . එහෙමත් නැත්නම් නියෝජ්‍ය විදුහල්පති මනෝ වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කළ යුතුයි (බ)
අැයි මේ විදුහල්පති දන්නේ නැද්ද අතින් පයින් ගහන්න බලයක් නැහැ කියල කුමන වැරැද්ද කරත්. අනික කරපු වැරැද්ද අැයි කියන්නේ නැත්තේ.ළමයි හදල තියෙන්නේ මේගොල්ලන්ට ගහන්නද. තව කියවන්නත් එනවා.මගේ ළමයෙකුට ඔය වගේ ගැහුවනම් දන්නවා ඔය දෙන්නට කරන දෙය. (බ)
වැරැද්දක් කළානම් ඒ වැරැද්දට දඬුවම් දෙන්නේ ඔහොමද ? (ත)
ඒ ගුරුවරු අපිට ගහල හැදුවෙ නැත්නම් අපි අද මෙතන නෑ (බ)
වරදක් කරලා ගුටි කන එකෙයි වරදක් නොකර ගුටි කන එකෙයි වෙනසක් තියනවා. කෑගහලා කොමෙන්ට්ස් දාන අයටයි කියන්නේ. වරදක් කළොත් ගහන්න ඕන නමුත් වරදක් නොකරපු කෙනෙක්ට ගහන එක වැරදියි. පහතට පීරන්න බැරි බොකුටු කොන්ඩයක් පාතට පීරලා නෑ කියලා කනට ගහන එකේ කිසිම හොඳක් මට නම් පෙන්නේ නෑ. ෆොන් ගේන අයට ගංජා ගහලා කුඩු ගහලා අහුවුණු අයට කන පැලෙන්න දෙන්න ඕන. නමුත් මේක මොන විහිළුවක්ද? අනික ඔය ගහපු ගුරුවරුන්ට අතීතයක් තියෙනවා ඒ දේවල් හොයලා බලලා කථා කරන්න. (බ)
දමිත් තමන්ට ලමයෙක් හිටියනම් තමන්ටත් දරු දුක කියන එක තෙරෙයි ! මේ විදුහල්පතිවරයාගේ පලවෙනි වරද්ද නෙමෙයි මේක ! ලමයින්ට ගහන්නෙ සත්තුන්ට වගේ ! ඉස්කෝලෙට මේකෙන් කිසිම වරදක් වෙලා නැ. ඉස්කොලෙ නම වගේම ලමයින්ගේ ආරක්ෂවත් ගොඩක් වැදගත් !(බ)
ඉස්ස්කෝලෙදි ගුටි කන හැමෝම පොලිසි යන්න ගියොත් පොලිසියට වෙන වැඩ නැති වෙයි. ආනන්දෙදි අපි ගුටි කාපු හැටියට අපේ තාත්තලා පොලිසි ගියානම්,පොලිසියේ පදිංචි වෙන්න වෙනවා. ආනන්ද ගුනසේකර සර් ජීවිතාන්තය තෙක් හිරේ අරින්න වෙනවා. අපේ කැඩෙට් සාජන්ලා එල්ලුම් ගස් යවන්න වෙනවා. අද අපි මේ තත්වෙ ඉන්නෙ ඒ ලැබුනු පන්නරය නිසා...අනික පස්සෙ කාලෙක මතක් කරල හිනා වෙන්න ඉතුරු වෙන්නෙත් ඔය දෙවල් ටිකම තමයි. (බ)
පැහැදිලිවම මෙතන තියෙන්න ළමයගෙ පියාගෙ මාන්නය.. ළමයත් පියාගෙම පාරෙ යන හැඩයි.. (බ)
මිලාන්ලා වගේ නූගත් මිනිස්සු මේවට කමෙන්ට් දාන්න එපා (බ)
මෙහෙමයි මෙච්චර දරුණු ලෙස දඬුවම් කරන්න තරම් මේක වරදක්ද? අනික කොච්චර දරුනු වරදක් කරත් ළමයින්ට මෙහෙම ගහන්න පුලුවන්ද ? හැම දේකටම නීති තියන මේ රටේ ළමයෙක්ට මෙහෙම ගහන එක විහිලුවක් !!! නිලාන් තමන්ගෙ කෙනෙකුට මෙහෙම වුනොත් ඔයාටත් ගොඩක් රිදෙයි ! ඒ නිසා මනුස්සයෙක් වගේ හිතන්න බලන්න ! (බ)
දැන් කාලේ ළමයෙක්ට ගහල හදන්නවත් බැනේ ඔක්කොම පොලිසි යනවා ළමයි ගුරුවරුන්ට උගන්වන කාලයක් මේක (ම)
මෙහෙම, තමන්ගේ දරුවන් වගේ දරුවනට අමානුෂිකව පහරදෙන නරුමයන්ට අමතක නොවන විදියට පහර දෙන්න ඕන. (ම)
මේ ළමයගෙ එච්චර කොන්ඩෙ නෑ. අනිත් එක පින්තූරෙ විදියට මේ ළමයගෙ කොන්ඩෙ ක්‍රේල්. සිසුවාට පහර දෙන්න තරම් වෑරෑද්දක් නෑ කියලයි මට හිතෙන්නෙ. (බ)
ළමයින්ට දඩුවම් කරන්න ඕනේ හැබැයි මේ විදිහට ගහන්න හොඳ මදි මේ වයස වැරැද්ද තමා මේ වයසට හිතන පතන විදිහයට ළමයින් අවවාද කරන්න ඕනෑ (ම)
අපිත් ඉගෙනගත්තේ මේ ඉස්කෝලේ. අපිත් ඕනේ තරම් ගුරුවරුන්ගෙන් කන පැලෙන්න කාල තියෙනවා. හැබයි පොලිසි ගියේ නෑ. ගුරුවරයෙක් වරදකට පාරක් දුන්නම දෙමව්පියෝ කරන්න ඕනේ ළමයට වරද හදාගන්න කියන එක මිසක් ගුරුවරයව හිරේ දාන්න යන එක නෙමේ. (ම)
අපි පාසලෙදි කාපු ගුටි වලට මේවා මොනාද... එහෙම දඩුවම් විදලා තමයි අපි මෙ තත්වෙට අවෙ.. නැතිනම් දැන් කුනු බැනුම් අහගෙන මොකෙක්ට හරි යටත් වෙලා කියක් හරි හොයගන්නවා.. අපි තාමත් අපිව දඩුවම් දීලා යහ මගට ගත්තු ගුරු දෙවිවරුන්ට තාමත් වදිනවා.. (බ)
සමහර ගුරුවරු ගෙදර ප්‍රශ්න, තරහ පිට කරන්නේ ළමයින්ගෙන්. මොනවා වුනත් දැන් පාසල් ළමයින් හැසිරෙන්නේ වැඩිහිටියන් විදියට. බස් වල ටවුන් වල ළමයින්ගේ හැසිරීම මම හැමවෙලේම දකිනවා. ඒ අතර හොඳ ළමයිනුත් නැතුවම නොවේ. දෙමාපියන් හරි වැරදි බලල ඉවසීමෙන් කටයුතු කරනවානම් ගොඩක් හොදයි. (බ)
කොල්ලෙක් වරදක් කළා කියල ඔහොම ගහන සිරිතක් අපි ආනන්දේ ඉගෙන ගන්න කාලයේ නම් තිබුනේ නැත . ටිකක් මේ ගැන හොයාබලන්න වෙනවා. ළමයාගෙන් පළි ගන්න එපා (බ).
ළමයෙකුට පහර දීම නින්දා සහගතයි. දියුණු රටවල ඕවා වෙන්නේ නෑ ... වහාම දඩුවමක් පමුනවන්න.(හේ)
එහෙම කරන එක හොඳ නෑ (බ)
ගහනවා කියලා ළමින්ට ඔය විදිහට ගහන්න ඕනේ නෑ..අනිත් එක මෙයාගේ කොන්ඩේ ඇති වරදක් මටනම් පෙන්නේ නෑ..අද කාලේ ළමයි මෙහෙමද කොන්ඩ වවාගෙන පාසල් යන්නේ.(හේ)
දැන් කාලේ වෙනස් , සිසුන්ට දඩුවම් දෙන්න ඕන පරිස්සමින් .මෙහෙම ගහන එක හරි නැහැ .ළමය සමාජයට වෛර කරන්න ගන්නවා අන්තිමට .ගුරුවරයා දුර දිග බලා දඩුවම් කරන්න ඕන නේද ? (ම)
කොණ්ඩය අවුල් විම පහර දිමට තරම් වරදක් නෙමෙයි නේ ඒ වේලේ පිරුවා නම් ඉවරනේ (ම)
හැම ඉස්කොලේකම විනයක් තියෙන්න ඕනේ. අද විනය හදන්න ඕනේ සමහර ගුරුවරුන්ගේ ඉදන් ලමින්ට කලින්. ළමයින්ට ගහන්න ගුරුවරුන්ට නීතියෙන් කිසිම අයිතියක් නැහැ. දෙමවුපියන් ගහන්නේ නැතුව හදන ළමයි ඉස්කෝලෙන් ගහලා එවනවා. ස්විඩන් වගේ රටක නම් ගුරුවර අවුරුදු 5 කට හිරේ. (ර)
මේ වගේ දේවල් වලින් වෙන්නේ පාසල් දරුවෙක් වත් හදා ගන් බැරි වෙන එක මුලින් බලන් ඕනේ ඇයි දඩුවම් කළේ කියල අවුරුදු ගානක් සේවය කරපු ගුරුවරයෙක් නිකන් ළමයෙක්ට ගහන් නෑ. (ම)
මේ ළමයාගේ අවුල් වෙන්න තරම් දිග කොණ්ඩයක් මටනම් පේන්නේ නැහැ. ඒ වගේම කම්මුල් පාරත් සැරට වැදිලා තියනවා. බිම වැටෙන්න තරම් සැරෙන් ගැහුවානම් ,වමනෙත් ගියානම් පොලිසි යාමේ වරදක් මම දකින්නේ නැහැ. 70 දශකයේ රාජකීය කනිෂ්ඨ විදුහලේ ගණිතය උගන්වපු ගුරුවරයෙකුත් මේ විදියට කම්මුලට පහර දෙනවා .එතුමාව අපි හැඳින් වුයේ තන්ඩර් (අකුණු පහර ) නමින් (බ)
චාමර, මමත් ගියේ ආනන්දෙට. වරදවල් කරලා ගුටි කාලත් තියෙනවා. ඒ වුනාට දැන් මට තේරෙනවා ගහල ළමයි හදන්න බැහැ කියල. මොකද මම වරදවල් හදා ගත්තේ ගුටිකනවට බයේ නෙමෙයි, මමම තේරුම් අරගෙන. ඒවා ඒ කාලෙම ප්‍රයෝගිකව තේරුම් කරලා දීල හරි පැත්තකට යොමු කළානම් කලින්ම වරද හදා ගන්න තිබ්බ. අප්පමාදෝ අමතපදං කියන එක ගුරුවරුන්ටත් අදාලයි. (බ)
චාමර කියනවා වගේ අපි ඉගෙන ගන්න කාලේ නම් කොහොම ගුටි කෑවත් ගුරුවරුනට පාඩම් උගන් වන්න හිතන්නෙවත් නෑ. දෙමව්පියන්ගේ වැරදි මේවා. මීට පස්සේ ගුරුවරුත් වැරදි බලාගෙන නිකන් ඉදි. (බ)
මේ ළමයට ඇත්තේ කෙටි කොණ්ඩයක්. ඇත්තටම මේකමද කාරණාව.පොලිසියට නොගිහින් මෙය සමනය කර ගත්ත නම් කොතරම් හොඳද ? (බ)