වනජිවී නිලධාරින්ට පහරදී ඔවුන් භාරයේ සිටි සැකකාර ආදිවාසියකු සහ එම සැකකරු සන්තකයේ තිබු ගිනි අවියක් පැහැරගෙන යාම සම්බන්‍ධව සැකකරන ආදිවාසිනායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට, ඔහුගේ පුත් ඌරුවරිගේ මුතුබණ්ඩා සහ ඌරුවරිගේ ගුණතිලක යන තිදෙනාට මේ මස 21 දින මහියංගන මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස මහියංගන වැඩබලන මහේස්ත‍්‍රාත් එස්. ගෝවින්ද මහතා අද නියෝග කළේය. මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුල සතුන් දඩයමේ යෙදි සිටි දඹාන හිදංගලයාය පාසල ඉදිරිපිට පදිංචි ඌරුවරිගේ පුංචිබණ්ඩා හෙවත් අතබැරි කිරියා යන ආදිවාසියා මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුලදී ගල්කඩ උද්‍යාන පිවිසුම් කාර්යාලයේ නිලධාරින් විසින් 15දා රාත‍්‍රී අත්අඩංගුවට ගනු ලැබීය. වනජිවී නිලධාරීන් විසින් සැකකරු උල්හිටිය කාර්යාලයට රැගෙනයාමට ජිප්රියට නංවද්දී ආදිවාසී නායක වන්නිලා ඇත්තන් ඇතුලූ ආදිවාසීන් කණ්ඩායමක් රාත‍්‍රී දහයට පමණ එතැනට පැමිණ වනජිවී නිලධාරින්ට පහරදී සැකකාර පුංචිබන්ඩා සහ ඔහුගේ තුවක්කුව ද පැහැරගෙන ගිය බව මාදුරුඔය ජාතික වනෝද්‍යාන භාරකරු ඒ. ටී. ආර්. රවීන්‍ද්‍ර කුමාර මහතා අධිකරණයට කරුනු දැන්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට මොකද
දැන් දඹානේ ආදිවාසී පවුල් ඉන්නේ බොහොම අඩු සංඛ්‍යාවක් (නි)
වැද්දන්නටත් ගිය කලක් (දී)
ක්‍රිකට් ගහනවා , උසාවි යනවා , නඩු කියනවා ..... වද්දොත් දැන් මොඩන් වෙලා (දී)
සනා- සතුන් දඩයම් කිරීම වැද්දන්ගේ අයිතියක්නම් නුඹව දඩයම් කිරීමට ද වැද්දන්ට අයිතියක් ඇත.(ස)
හයේ හතරේ පාරවල් ගහන්න එතුමන්ලා කොහොමත් දක්ෂයි (නි)
ආදිවාසි නායකයෝ අතනින් මෙතනින් හැලප කිරිබත් කන්න යනවා වැඩි නිසා තමයි ඒ තැන් වලට හැදිලා තියෙන ලෙඩ මෙයාලට බෝවෙන්න ඇත්තේ. කවුදෝ කියලා තිබුනා, පොලීසියේ අයට මාරුවීමක් හදාගන්නත් වන්නියලැත්තෝ හම්බවෙන්න යන්න වෙලා කියලා. ඒ තරම් ඔහු දේශපාලන බලවතෙක්. වැදී ජනතාව ගැන 'කුමාරෝදය, නවමග' වැනි පොත්වලින් පමණක් ඉගෙනගත් අය "අනේ පවු" කියලා කමෙන්ට් දමනවා. එයාලා ආදිවාසීන් තරම් වත් අප්ඩ්‍රේට් වෙලා නැති එක කණගාටුවක්. (ස)
දුන්නයි ඊතලයයි අරන්ගියානම් නඩු දාන්න බෑනේ , තුවක්කුව තමයි ප්‍රශ්නේ..(ස)
කැලෑ නිතිය කඩලා
අයියෝ වන්නියලැ ඇත්තෝ! (නි)
ඉස්සර ඉඳන් තිබුන කැළෑ ජාතික වනෝද්‍යාන කියල නම් කරගත්තට ඒවායේ ඉන්න සත්තුන් ට විනය නීති පනවන්නේ නැහැනේ... වැද්දන්ගේ උරුමය ගැනත් ඒ විධියට හිතන්න ඕනෑ. ප්‍රශ්නය පටන් ගත්තේ අතබැරි කිරියා අත්අඩංගුවට ගත්ත නිසානේ... රටේ පහල පැලැන්තියේ සාමාන්‍ය අපි වගේ ජනතාවට රෝම ලන්දේසි නීතිය බල පෑවට, වැද්දන්ට එක ඒ විදියටම බලපානවද? (ස)
දඹානේ නීතිය ඇයි කොලඹට නැත්තේ ...(ස)
රටේ නීතියට සෑම කෙනෙක්ම හිස නැමිය යුතු වෙනවා...(ස)
සාමාන්‍ය රජයේ නිලධාරියකුට පහරදීල උසාවි එන්න කියල.පව් අර මිනිස්සු. උසාවියේදී අසරණ වෙනවා.පිස්තෝලය උදුරා ගෙන ගහපු කෙනා තවම නිදැල්ලේ.චන්ඩියන්ට එක නීතියක්. දුප්පතාට තව නීතියක්..(ස)
අයියෝ සල්ලි
ආදිවාසින් නම් වෙනස් කරානම් හොඳයි...ලොකු කෙනෙක්ගේ නමක් දා ගන්න..(ස)
අපරාදේ මීට පස්සේ ක්‍රිකට් මැච් බලල ඉවරයි..!(නු)
අවංකව නීතිය ඉටු කරන්න...නීතිය සැමට පොදු විය යුතුයි ..(ස)
හමුදා නිලධාරින්ට පහරදී ඔවුන් සන්තකයේ තිබු ගිනි අවිය පැහැරගෙන යාම ගැන නම් තවම කිසිම දෙයක් වෙලා නැහැ. (නි)
වැදි හූරලත් ඡන්දෙ ඉල්ලන්න පුරුදු වෙනවා වගේ. (නි)
අලි මදිවට හරක්..(ස)
නීතිය කාටත් එකයි .එයාලා අපේ සමාජයේ ඉන්නවා නම්, පාසල් යනවනම්, කඩෙන් බඩු ගන්නවානම්, බත් කනවානම්, ක්‍රිකට් ගහනවානම් තව මොනවටද ආදිවාසීන් කියලා වෙන් කරන්නේ. අපිත් ආදි වාසීන් තමයි...(ස)
පුංචි රටේ නීති දෙකක්. (නි)
මේක අර නුවර පෙරහැරේ සිද්ධියේ දෙවෙනි කොටසද? සිදාදියේ වැද්දෝ කැලෑ වැද්දන්ට පාඩමක් උගන්නවන්නද යන්නේ...(ස)
එස්.එල්.ටී.කේ., ඔයා හරි. දඩයම කරන්න ඕනෑ දුන්නෙන් ඊතලයෙන්. ආදිවාසීන් නම් එයාලත් තුවක්ක්ව භාවිතා කරන්න බැහැ. එටතකොට එයාලා ආදිවාසීන් වෙන්නේ නැහැ. ඒ වගේම ජාතික වනෝද්‍යානයක දඩයම් කරන්න බැහැ. රටේ නීතිය කාටත් එකයි. (නි)
එක දවසයි ක්‍රිකට් ගැහුවේ. පේනවනේ. (නි)
ගහලා, ගිනි අවිය පැහැර ගත්තා නම් මෙයත් අහවල් කෙනෙක් වෙන්න ඇති. නඩුව දිනනවා ෂුවර්! (නි)
ඔවුන්ට නීතියට සහ අණකිරීම්වලට යටත් වන්න බැහැ.. එයලට තියනවා එයාලගේ නීතියක්.. දඩයම ඔවුන්ගේ ජීවන අංගයක්..!(නු)
කෝ ආදින්ගෙ උරුමය.. බලමු උසාවිය තීරණය කොයිතරම් බුද්ධිමත්ද කියලා..!(නු)
නැහැ.. ජාතික වනෝද්‍යානයක ජීවත්වන සතුන් නිදහසේ ජීවත් වීමට අයිති සතුන් එයාලව දඩයම් කිරීම කිසිවෙකුට ලොවේ ඉඩක් නැත..!!(නු)
දඩයම් කිරීම ඔවුන්ගේ ජීවිතයට අයිති දෙයක්... ඔවුන්ට සමාව දීමට පුළුවං නම් එය ලොකුම පිනක්.. ඔවුන් අහිංසක මිනිසුන් පිරිසක්..!!(නු)
කෝ මේ පණ්ඩිත අදහස් මොනවත්ම නැහැනේ..!!(නු)