බැලූ බැල්මට ඇය නම් පිටරටක සිටින තරුණියකැයි කියා ඔබ හිතාවි. නමුත්, මේ සුරූපී තරුණිය පිටරටක කෙනෙක් නම් නොවෙයි. එදා අවුරුදු 13 ක් පමණ කාලයේදී ”සුළඟක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට” ගීතය ගැයූ නතාෂා පෙරේරාය. පසුගිය කාලයේදී නතාෂා බොහෝ ගීත ගායනා කර නොතිබුණද, අදටත් ඇය ගැන බොහෝදෙනා කතා කරන්නේ මේ ”සුළඟක් වී” ගීතය නිසාය. එදා පුංචි සුරංගනාවියක ලෙස පැමිණ ඒ අපූරු ගීතය ගැයීමට දායකවූ නතාෂා අද සූදානම් වන්නේ ”ආදර වැස්සේ” තෙමෙන්නටලූ?
මොකක්ද මේ ආදරවැස්ස? ඒ ගැන සහ නතාෂාගේ ජීවිතයේ නවමු තොරතුරු ගැන කියන්නට ඇය සඳැල්ල කතාබහ හැඩකළ විදියයි මේ.
”නතාෂා” හැබෑටම ඔබගෙ ඒ නාමයෙහි තේරුම මොකක්ද?
ජේසුතුමාගේ උපත කියන එක.
නතාෂා විතරද නම?
නතාෂා ෂෙලීන් පෙරේරා.
ඇයි ඒ විදියෙ නමක් ඔබට ලැබුණෙ?
මම උපන්නෙ ඉතාලියෙදියි.
රෝමය ගිනි ගනිද්දීත් එහේ හිටියද?
ආ... ආ.... එතකොට හිටියෙ ලංකාවේ.
ඇත්තටම ඔයා හරි වෙනස්වෙලා නේද?
එහෙම නැහැ. එදා හිටිය නතාෂාම තමයි. වෙනසකට තියෙන්නෙ විලාසිතා කලින් කලට වෙනස් කළ විදිය විතරයි.
ශ්‍රී ලංකාවේ කෙනෙක් නෙවෙයි වගෙයි පෙනෙන්නෙ? මොකක්ද මේ වෙනස?
හදවතින්ම සහ ගතිගුණ සියල්ල වෙතින්ම මම සියයට - සියයක්ම ශ්‍රී ලාංකිකයි. කාලයෙන් කාලයට විලාසිතාවලින් විතරයි වෙනස් වෙන්නෙ. ඒකට මම හරි කැමතියි. එහෙම කළාම මගේ හිතට සතුටුයි.
නමුත් එක්වරම මේ විදියට ඔබ දකින අය, ඔබ ශ්‍රී ලංකාවේ කෙනෙක් කියලා හිතන එකක් නැහැනේද?
බාහිර ස්වරූපයෙන් මොන විදියට පෙනුණත්, මම ශ්‍රී ලාංකීයයි. හොඳ ශ්‍රී ලාංකීය දියණියක්.
මොකක්ද මේ ”ආදර වැස්සේ” තෙමෙන්න හදනවා කියන කතාව?
පෙබරවාරි 14 වැනිදා මම ආදර වැස්සේ තෙමෙන්නයි හදන්නෙ.
ඒ කිව්වෙ?
පෙබරවාරි 14 වැනිදා ශාන්ත ජෝෂප් විද්‍යාලයේදී පැවැත්වෙන සංගීත ප‍්‍රසංගයක්. ශිහාන් මිහිරංග, දසුන් මධුශංඛ, ප‍්‍රදීප් රංගන කියන තාරුණ්‍යයේ සුපිරි ගායකයින් තිදෙනා තමයි මේ ”ආදර වැස්ස” ආදරයෙන් හැඩකරන්නෙ.
එතකොට ඔබ?
මම තමයි එම ප‍්‍රසංගය නිවේදනයෙන් මෙහෙයවන්නෙ. එය මට අපූරු අත්දැකීමක් වේවි. මොකද මේ දක්වා මම නිවේදිකාවක ලෙස රූපවාහිනියෙ විතරයි කටයුතු කළේ. සජීවීව කරන මෙම ප‍්‍රාසාංගික කටයුත්ත මට හරි අපූරු දෙයක් වේවි. ඉතින් හැමෝම එන්න ආදර වැස්සේ තෙමෙන්න මා එක්ක.
ඉතාම නුදුරේදී ”නීතිඥවරියක” ලෙස දිව්රුම් දීමට නේද සූදානම?
ඔව්, මගේ වසර හතරක නීති අධ්‍යාපනය හමාර කළා. දැන් දිව්රුම් දීමට සූදානමින් සිටින්නෙ.
කොහොමද නීතිඥතුමිය, එතකොට මොනවගේ නඩුද කතා කරන්න කැමති?
මම මේ නීතිඥ විභාගයට පෙනී ඉඳලා ප‍්‍රතිඵල ගන්න ගොඩාක්ම මහන්සි වුණා. ඉතින් දැන් මට ආඩම්බරයි. මොනවගේ නඩුද කතා කරන්නෙ කියලා විශේෂයක් නැහැ. හැබැයි අපරාධ නඩු වෙනුවෙන් පෙනී සිටීමේ කැමැත්ත වැඩියි.
ඉදිරියේදී පූර්ණ කාලීනව නීතිඥවරියක ලෙසද කටයුතු කරන්නෙ?
කොහොමටත් මම කලාවේ යම් යම් දේ කළේ පූර්ණ කාලීනව නෙවෙයි. අර්ධකාලීනවයි. නීතිඥ වෘත්තිය මගේ ජීවිතයේ ප‍්‍රධාන දේ වේවි.
”ආදර වැස්සේ” තෙමෙන්නට හීන දකින ඔබගෙ සැබෑ ආදර සිහිනය දිග හැරියොත්?
ජීවිතයේ හරි කාලයේදී ආදරය ඕනෑ, විවාහය ඕනෑ. ඉතින් තරුණියක ලෙස මගේ ජීවිතයේදීත් ඒ දෙවල් සිද්ධ වේවි.
නතාෂා අද ඔබට ඔබ ගැන හැෙඟන්නෙ කොහොමද?
ඇත්තටම මං කියන කෙනා ගැන මම දන්නෙ නැහැ. මම මාව දකින්නෙ ඉවසිලිවන්ත, ධෛර්යවන්ත, ඒ වගේම වැටෙන අවස්ථාවලදී වැටිච්ච, එය පන්නරයක් කරගෙන ආයෙත් නැගී සිටි තරුණියක ලෙසයි. ඒ සියල්ල තුළදී මම කාටවත් ඊර්ෂ්‍යා වෛර කළේ නැහැ. මාව ඒ තැනට ගෙනාව මගේ ”අම්මාට” තමයි ඒ සියලූ ගෞරවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කෘතිමයි. මම කැමතියි ඇයව මේක් අප් නැතිව බලන්න. (නදී)
මම නම් හිතන්නේ මේවා ලංකාවේ සංස්කෘතියට ගැළපෙන්නේ නැතිබවයි (නි)
අම්මෝ ඔයාගේ හැඩ මටනම් දැන් පිස්සුවගේ...(අ)
කොච්චර ලස්සනද පුංචි කාලේ? විලාසිතා කරන්න ඕනෑ තමයි. එහෙත් තමන්ට තිබෙන ප්‍රසිද්ධිය වගේ දේවල් ගැනත් හිතන්න ඕනෑ (නි)
ඔයාට කවුරුන් මොනවා කිවත් මම නම් ඔයාට ගොඩක්ම කැමතී ඔය හරිම හොදයිනේ! (අ)
තිබුන ලස්සන ටිකත් උවමනාවෙන්ම කාගෙන (නදී)
අපොයි! මෙයාගේ මේක්අප් විතරනේ.හරිම කෘතිමයි. ස්වාභාවික ලස්සනක් ඇත්තෙම නැහැ. (නි)
අනේ ඉතින්, මේක්අප් වලින්නේ ඔහොම පෙනෙන්නේ! (නි)
මට නම් කිසිම ලස්සනක් නැහැ (නි)
අපෝ, ලස්සනට හිටිය කෙල්ල. මොකද්ද මේ කරගෙන තියෙන්නේ? (නදී)
මේක දැන් ඇති.ඉක්මනට වෙනස් කරලා අලුත් එකක් දාන්නකෝ.අදම අලුත් එකක් දාන්නකෝ.හරිම කෘතිමයි.කිසිම ලස්සනක් මටත් පෙන්නේ නැනේ.තරහකට කියනවා නෙමෙයි.(දිල්)
මට නම් ලස්සනක් ඇත්තෙම නැහැ. (නි)
ඔයාගේ ඉදිරි වැඩකටයුතු මොනවාද? මම නම් ඔයාට ගොඩක් කැමතියි (නි)
මට නම් පිස්සු වගේ අනේ (නදී)
හොදයි වෙන අය නැතිනම් තව (දිල්)
මෙලෝ රහක් නැහැ අනේ (නදී)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මෙලෝ රහක් නෑ" (නදී)
මෙතන බොහෝ අය නතාෂට බැනලා තිබුනේ තිබුනේ කාන්තා පක්ෂයේ අයමයි. මේකප් විවේචනය කරලා. ඒත් ලංකාවේ මේකප් වලට තියන ඉල්ලුම නම් ඉහලයි. කෙනෙක් කාලයත් එක්ක වෙනස් උනාට කමක් නැහැ. එදා දැකපු පුංචි නතාෂා නෙවි අද. (නදී)
ඉස්සර හරිම ලස්සනයි. ගෑනු තමන්ගේ ලස්සන තියාගන්න දන්නේ නෑ. මේක නම් එ්කට හොඳම උදාහරණයක්. මට නම් අදුනන්නවත් බැරි උනා. (නදී)
දෙවියනේ! මෙයාට මේ මොනවා වෙලාද? (නි)
මම නම් ඔයාට ගොඩක් කැමැතියි. ඔයාගේ ඡායාරූප හැමදාම වුණත් බලබලා ඉන්න කැමැතියි. (නි)
ඇයි ඔබ මේ දවස් වල පුංචි තිරයේ පේන්න නැත්තේ.(හේ)
මෙයාව මීටවැඩිය ලස්සන කරන්න ක්‍රමයක් මට පුලුවන් කියන්න (නි)
ඔබට සුබපතනවා.(හේ)
අයියෝ! ඉක්මනට අලුත් එකක් දාන්නකෝ... (නි)
හ්ම් හ්ම්.... මොනවා කියන්නද මන්දා? (නි)
මට නම් කිසිම දෙයක් හිතෙන්නේ නැහැ (නි)
මේ කෘතිම ලස්සනක්. ඔයාගේ චාම්බව නැතිවෙලා ගිහින්. (නි)
මේ තරම් කියන නිසාවත් දැන් මේ ලිපිය අයින් කරන්න (දිල්)
අපොයි! ලංකාවේ නිළියෝ මේ වගේද? ටිකක් පිළිවෙළකට ඉන්නකෝ. (නි)
අපේ රටේ හැම ගෑනු ළමයෙක්ම මේ වගේ උනානම් කොච්චර අගේද ? (ර)
ලංකාවේ මිනිසුන්ට ලස්සන පෙනෙන්නේ කොහොමත් වෙනස් විදියකටනේ. ගම්වල ඉන්න සාමාන්‍ය ගැහැණු ළමයි ලස්සනයි ගොඩක්. බලන්න ලෝකයේ අනෙක් රටවල නිළියෝ ඔච්චර මේක්අප් කරනවද කියලා.එයාලා හරි සරලයි. (නි)
අපෝ දැන් මේක ඇති වෙලා. ඉක්මනටම අලුත් එකක් දාන්න. නැත්තම් පත්තරේ බලන්නත් එපා වෙනවා. කරුණාකර ගොඩක් අය කියන නිසාවත් මාරු කරලා අලුත් එකක් ඉක්මනට දාන්නකෝ. දැන් ඇති මේක. (නදී)
ලස්සනයි නංගි (නි)
අයියෝ මොකද මේ තියෙන ලස්සන නැති කරගෙන. ඉතින් ඔය විදියට නම් නඩු කතාකරන්න බැරි වෙයි. ටිකක් පිළිවෙලකට ඉන්න එපැයි (නදී)
එයා හිතාගෙන ඉන්නෙ එයා මොනවිදියේ පෙනුමක් ඇති කෙනෙක් කියලද දන්නෙ නැහැ? (නි)
ඉක්මනට වෙන එකක් දාන්නකෝ. අපොයි මෙයා හරිම මිටියි. (නදී)
දැක්කම අප්පිරියයි. (බ)
මම හිතනවා ඔබ ලස්සනයි. (නදී)
මේකප් එක නැත්තම් තනිකරම යකෙක්.. මං මේ නිකං අහන්නෙ.. ඔය විදියට උසාවි යන්න පුලුවන් ද? ලෙන්ස් දාලා එහෙම.(හේ)
නටාෂා අනේ ඔයත් එක්ක ටිකක් කතාකරන්න තියෙනවා නම් කොච්චර හොදද (අ)
කෙල්ලෝ කෙල්ලන්ටමනේ ඉරිසියා කරන්නේ, ඔයා ඕවා ගණන් ගන්න එපා. එයාල ඔයාට බැන්නට ඔයා වගේ ලස්සන වෙන්න අවස්ථාවක් අවොත් කීයටවත් මග අරිද? ඉරිසියාකාර කෙල්ලෝ. (හේ)
ටිකක් අවුල් වගේ අපරාදේ ලස්සන කෙල්ල (නදී)
මොනවට ගත්තු ෆොටෝද මේ?
අනේ මේක දැන් නම් ඇති අනේ. දැකලම එපා වෙලා. නළු නිලියන්ගේ ඒවා විතරක් බලල එපා වෙලා. එයාලට ඔච්චර ප්‍රසිද්ධිය දෙන්න එපා. (නදී)
හරිම ලස්සනයි... (අ)
නටාෂා, අනේ ඔයාගේ තවත් ලස්සන ඡායාරූප ටිකක් බලන්න මම ගොඩක් කැමැතියි (නි)
මෙයාව වැස්සේ තෙමි තෙමී යන ජවනිකාවකට ගත්තා නම් නියමෙට තියෙයි. (නි)
නතාෂා හරිම ලස්සන ළමයෙක්. ස්වබාවික ලස්සන තමා ගොඩාක් වටින්නේ. සුබ පතනවා. (නදී)
ඔබේ ලස්සන ගීතයත් අහන්න එපා හිතෙනවා මේවා දැක්කම, ඕනෑම දෙයක් ඕනවට වැඩ ඕනෑම නැහැ කිව්වලු (දිල්)
ඔයා ලස්සනයි නතාෂා. මිනිස්සු ඉරිසායාවට කියන කතා. ගනන් ගන්න එපා. උගත්කමයි, ලස්සනයි කියන එක හැමෝටම ලැබෙන්නේ නැහැ (නදී)
මෙයාගෙන් නීති උපදෙස් ගන්න සේවාදායකයන්ට දෙවියන්ගෙම පිහිටයි (නදී)
මේ කෙල්ලට ස්වාභාවික ලස්සනක් තමයි ඉස්සර තිබුනේ එ්ත් දැන් එ්ක ඇත්තෙම නැහැ. හරිම කෘතිමයි ලස්සනක් නැහැ. (නදී)
අනේ මොකද මෙයාට වෙලා තියෙන්නේ? කොච්චර ලස්සනට හිටපු කෙනෙක්ද අනේ? දැන් නිකන් හොල්මනක් වගේ. දැක්කම බය හිතෙනවා (නදී)
කෘතීම හෝ නැතුව හෝ ඇති ලස්සනක් නෑ. මේ නිළියෝද? රාත්‍රී 12 ට බොරැල්ලේ කනත්ත ඇතුලෙන් එන මෝහිනී වගේ නේද? යක්කු නටන බංගලාවේ නටවන්න නියමයි . පොඩි එවුන්ව බයකරන්නත් ටොප් .(අ)