
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව පාස්කු ෆයිල් යට ගැසූ නිලධාරීන් ආරක්ෂා කරන අතර බුද්ධි අංශ නිලධාරින් සිරගත කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
"අද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා පාස්කු ප්‍රහාරයේ ෆයිල් යට ගහපු ,ෆයිල් හංගපු බුද්ධි අංශ වාර්තා හංගං හිටපු නිලධාරීන් ආරක්ෂා කරනවා. යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නායකයින් මේ ආණ්ඩුව විසින් හිරගත කරලා. රණවිරුවන්ට බුද්ධි අංශයන්ට නායකත්වය දීපු නිලධාරීන්ව හිරගත කරනවා.
මේ ආණ්ඩුවට තියෙන ජනතා විරෝධී න්‍යාය පත්‍රය නිසා ගොවියාට ධීවරයාට කම්කරුවට විරුද්ධව ගන්න තීන්දු තීරණ නිසා අද ගම්වල ජනතාව නැවත වතාවක් ශ්‍රී ලංකාපොදු ජන පෙරමුණ වටා ඒකරාශී වෙනවා. අපි වැඩ කරපු දේශපාලන බලවේගයක්. අපි බොරු කියල ඡන්ද ගත්තේ නෑ යනුවෙන් ද මන්ත්‍රීවරයා කීය.
කැකිරාවේ ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සලේ මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්නවා කියලා මුලින්ම පාර්ලිමේන්තුවේ කිව්වේ රනිල්, මනූෂ සහ හරීන්, එහෙම සැක තියෙද්දී පරීක්ෂණ කරන්ඩ ඕනෑ. ජනතාව 2/3 ට එහා බලයක් දුන්නේ ඒකට තමයි... කෝ අනුරගේ කැබ් එකේ තිබ්බ ෆයිල්, කෝ මාලිමාව හොරු ඇල්ලුවාද...? කෝ පාස්කු වින්දිතයින්ට යුක්තිය කියලානේ දැං ටික දවසකට කලින් ඇහුවේ, දැං ඒක අහන්නේ නෑ නේද? දැං කෙඳිරිය.. ඕන්න ඕකට තමා AKD කලින්ම කීවේ නීතිය ක්‍රියාත්මක වෙද්දි කෙඳිරි ගාන්ඩ එපා කියලා ... දැං කෙඳිරිය ලතෝනියක් වෙලා නේ... යුද වීරයෝ ඔහොම කෙඳිරි ගාන්නේ නෑ, ප්‍රශ්නයට මුහුණ දෙනවා, හරියටම සරත් ෆොන්සේකා වගේ...
බොරු කියලා ඡන්දේ ගත්තේ නැති වුණාට ජනතාව රවට්ටලා සුරන්ගනා කතා කියලා නම් බලය ගත්තා. මහින්ද චින්තනය 1,2 බේගල් වට්ටෝරු, තාරුණ්‍යයට හෙටක්, ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ,ආසියාවේ ආස්චර්ය සවුබාග්යේ දැක්ම පෙන්වනවා කියලා මුලුමහත් ජනතාවම නොමග යවපු හැටි අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ. ජනතාවගේ චන්දෙන් බලය අරන් පව්ලේ උන්ව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු ,ගුණමකුවෝ රැවට්ලිකාරයෝ අදමයෝ ..ජනතාව අරගලයකින් එළවළාම දැම්මේ නිකම්ද ? පාස්කු ප්‍රහාරය එල්ලවෙන තැනට වැඩ සිද්ද කරලා බලය ගත්තු බලලෝබි බඩගෝස්තර වාදී දූෂිත පව්ල් පාලනේ උන් ගැන කවර කතාද? චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවේ එකම මන්ත්‍රී දූරයෙන් පාර්ලිමේන්තුවට රින්ගපු හොර පෙරකදෝරුවා සුද්දවන්තයා වෙන්ඩ හදනවා .ලැජ්ජයි .
මේ අයගේ ආණ්ඩු කීයක් තිබුණද? පාස්කු ප්‍රහාරයේ ඉඳලා... ඒ කාලේම ඕක හොයන්නැතුව ඉඳල දැන් තප්පුලනවා. බාප්පාගෙන් ඇහුවාද මහ මොලකරු ගැන...?