
(අංජුල මහික වීරරත්න)
වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇත.
මේ අනුව, ජනතා අනුමැතිය ප්‍රතිශතාංක ±3 ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි මට්ටමක පවතී.
මෙම මත විමසුම සඳහා දත්ත එකතු කිරීම වැන්ගාඩ් සර්වේ (Vanguard Survey (Pvt) Ltd) ආයතනය විසින් කරන ලදී.
ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන පිරිසෙහි ප්‍රතිශතය අඩු මට්ටමක පවතී. එය මීට පෙර 2025 පෙබරවාරි මාසයේ පැවති අගයෙන් වෙනස් වී නැත.
මෙම මත විමසුමේ සිව් වසරක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, පවතින ආර්ථික තත්ත්වය "යහපත්" හෝ "විශිෂ්ට" ලෙස ඇගයූ පිරිස, එය "දුර්වල" ලෙස ඇගයූ පිරිස ඉක්මවා ගොස් ඇත. ජනතාව, රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව වඩා සුබවාදී මතයක් දැරීම ද මෙවර දක්නට ලැබේ. ආර්ථිකය "යහපත් වෙමින් පවතින බව" පැවසූ පිරිස වසරකට පෙර පැවති 55% ක අගයේ සිට 64% දක්වා ඉහළ ගොස් ඇත. ආර්ථිකය "නරක අතට හැරෙන බව" පැවසූ පිරිසෙහි වෙනසක් සිදු වී නැති අතර ඒ පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති පිරිස අඩු වී ඇත. ආර්ථිකය පිළිබඳ පවතින සියලුම ආකල්ප සෘණ (-) 100 සිට ධන (+) 100 දක්වා පරාසයක විහිදෙන “ආර්ථික විශ්වසනීය දර්ශකයක්” ලෙස ඒකරාශී කර ඇත. මීට වසරකට පෙර +14 ක් ලෙස සටහන් වූ මෙම දර්ශකය මෙවර +36 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඉතා විශාල වර්ධනයකි.
මීට අමතරව, ජනතාවගෙන් බහුතරයක් (59%) වර්තමානයේ රටේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන තෘප්තිමත් බව ප්‍රකාශ කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආයතනයේ ස්ටැටිස්ටික්ස් (සංඛ්යාණය) පිළිඹඳ ආචාර්ය නොව, අවම වශයෙන් පශ්චාත්, මූලික උපාධියක්වත් තිබෙන එක් පුද්ගලයෙක් වත් නොමැත. මෙම පර්යේෂණ කරණු ලබන්නේ පෞද්ගලික වෘත්තීය සුදුසුකම් (සී.අයි.එම්.ඒ.) ඉගෙන ගනිමින් සිටින අයවලුන් වන අතර, ඔවුන් විසින් සාදනු ලබන වාර්තාව අනුමත කරණු ලබන්නේ ද ඒ.සී.එම්.ඒ. (අවම වශයෙන් එෆ්.සී.එම්.ඒ. වත් නොමැති) ආධුනික මැනේජර් වරුන් විසින් ය. අවසානයේ ප්‍රසිද්ධියට පත් කිරීමට අනුමැතිය ලබා දෙන්නේ කළමණාකාර උපාධි ධාරියෙකි. ඔහු ගණිතය අසමත් අයෙකු වන අතර, සංඛ්යාණය පිළිඹඳ දන්නේ මූලික සම්භාවිතාව ගැටලු විසඳීමට පමණි. මෙම ආයතනය විසින් ප්‍රසිද්ධ කරණ ලබන දත්ත මත පදනම් වන වාර්තා නිසි සුදුසුකම් ලත් අයවලුන් විසින් සිදු කල සංඛ්යාණමය අධ්‍යයනයකින් තොරව ප්‍රසිද්ධ කරණු ලබන බැවින්, එම වාර්තා එතරම් සැලකිල්ලට ගත යුතු නැත...
ඇත්ත දැනගන්න මේවා බලන්න ඕන නැහැ. ඔච්චර ශුවර් නම් ඡන්දයක් තියන්නකෝ...
ආණ්ඩුව ගැන දැන් ජනතාව පැහැදිලා ඉන්නේ
ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා බලමු...
අනුර ජනපතිතුමාගේ නියම දැක්ම තමයි.
රට ගැන සුබවාදීව සිතන පිරිසක් දැන් අපට ඉන්නවා.
ආණ්ඩුවට ජයවේවා...
ඕවා විශ්වාස කරන්න බැහැ... ඉදිරියට බලමු
මේ දත්ත වාර්තා හරිද දන්නේ නෑ...
කවුරු මොනදේ කරත්, හිතුවත් වෙන දේ වෙලාවට බලාගනිමු...