(ක.ග.කරුණාරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු සූදානමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සන්ධාන ගොඩනැගීම පිළිබඳව කෙරෙන කථාබහ අලූත් දෙයක නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් යන බවට යමෙක් කියනවා නම් එය මුලූමනින්ම අසත්‍යයක් බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය යෙදී තිබෙන සැප්තැම්බර් 02දාට යැයිද ඒ නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහනේදී පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳව ප්‍රකාශයක් කරන බවද ඒ මහතා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය නිමිත්තෙන් එයට සමගාමීව පොලෙන්නරුව නව වෙළඳ සංකීර්ණයේ ශ්‍රවණාගාරයේ පැවැති ලේ දන්දීමේ වැඩ සටහනේ සමාරම්භක අවස්ථාවෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණුඩවෙන් යනන ඒපා විශාල ආර්ථික පාඩුවක් වෙනවා
හිටියා කියලා අපි දන්නෙත් නැ
මග සිටියොත් තෝ නසී... ගෙදර ගියොත් අඹු නසී...
පිස්සුද? එහෙම ගියොත්... පාස්කු ප්‍රහාරයට අහුවෙනවනේ...
ඔව් ඉතින්, හිරේ ඉන්නවාට වඩා ආණ්ඩුවේ ඉන්න එක හොඳයි නේද?
ආණ්ඩුවෙන් ගියොත් වෙන දේ අපි නොදන්නවායෑ..
මෙයාලා ගහල එලෙව්වත් යන්නේ නැහැ.
කොහේ කියලා යන්නද? ආයෙත් කොළ මඩින්න තමයි යනවා නම්...!
දැන් ආණ්ඩුවෙන් යන්න එපා. වරප්‍රසාද භුක්ති විඳිමින් ආණ්ඩුවේ ඉඳලා, ලබන පාර්ලිමේන්තු මැතිවරණය කිට්ටු වෙනකොට ආණ්ඩුවට අවාසි වන තත්වයක් පෙනෙනවා නම් පමණක් අනිත් පැත්තට මාරු වෙන්න.
අනිවාර්යයෙන්ම ඔයාලා වගේ දේශප්‍රේමීන් වෙන කවුරුවත් නෑ. ලංකා ඉතිහාසයේ නරකම පාලකයා...
අවිහිංසක මුහුණක් පෙන්වා ජනතාවගේ බදු මුදලින් යැපී කාටත් වරදක් නොකළ ළමා, මහළු ඇතුළු ආදරණීය පවුල් පිටින් වැනසෙනු දැක දැකත් සියළු දෙනා මැරෙන සුළුයි වැනි තේමා පාඨ කියමින් සුරසැප සදා විඳින නායකයින් බිහිවූ රටයි මේ.
බැරිදේ පුලුවන්ද දත් මිටි කෑවාට
නිසැකවම! ඔබට හැර යාමට තැනක් නැත.
ඔහු ඡන්දදායකයින් වෙනුවෙන් බලා සිටී.
එයාට යන්න බෑ, ගියොත් පස්කු ප්‍රහාරය නිසා හිරේ. කලබල වීම වළක්වා ගැනීම සඳහා ඔහු සදහටම රැඳී සිටියි. ඔහු කළ වැරදි දේවල් ඔහු දනී. එම නිසා මෙය අළුත් දෙයක් නොවේ, නිවේදනයක් අවශ්‍ය නොවේ.