අජිත්ලාල් ශාන්තඋදය
ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි ලබන 15 වැනිදා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ගෙනන බවත්, එය සම්මත කරගෙන ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වන බවත් කම්කරුහා වෘත්තීය සබඳතා හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.
‘මේ ගමන එක්තරා විදියට ව්‍යාකූල බවක් පේනවා. අපේ පක්‍ෂය ඉන්නවා ආණ්ඩුව පැත්තේ. අපි යනවා විපක්‍ෂය පැත්තට. මේ මාසේ පහළොස් වෙනිදා අපි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ගේනවා මේ ආණ්ඩුවෙන් ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂය ඉවත් විය යුතුයි කියලා. ඒ යෝජනාව ජයග‍්‍රහණය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක ජයග‍්‍රහණය කළොත් මුලූ පක්‍ෂයට එනවා. එන්න බෑ කියලා කවුරුහරි කියනවනම් ඒ අයට යූඇන්පියට යන්න වෙනවා. එදාට ඒ ආණ්ඩුවේ ඉන්න ඕනෑ අයට මැති ඇමතිවරුන් වශයෙන් ඉන්න වෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ අය විදියට. අපේ පක්‍ෂයේ ලේකම්, සන්ධානේ ලේකම් ඇතුළු තුන් හතර දෙනෙක් එක්සත් ජාතික පක්‍ෂයට බැඳෙයි කියලා මම හිතනවා. අනිත් අය අපිත් එක්ක විපක්‍ෂයට එයි කියලා විශ්වාසයක් තියනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමා ලංකාවේ දේශපාලනය. අපිට මතක ඇති කාලේ ඉඳන්ම අපි එක එක්කෙනාට කඩේ ගියා විතරයි. කොහෙට පැන්නත් ඒ අයගේ දරුවන්ට හොඳ පාසල් පිටරට අධ්‍යාපන, යාන වාහන, ගෙවල් ඉඩකඩම් පරම්පරා කීපයක් ගොඩ. අපිත් පිල් කීපයකට බෙදිලා හැමදාම මැරීගෙන මෙයාලටම කඹුරමු..
නැව ගිලෙන්න යනකොට මීයන්ට දැනෙනවා.
අපෝ දැන් අත උස්ස උස්ස හිටිය ඇති , දේශපාලනයෙන් ඉවත් වෙලා ගෙදරට වෙලා නිදහසේ ඉන්න කියල යෝජනා කරනවා. මහජනතාව හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ මෙතෙක් කල් ඔබලා කරපු දේශපාලුව නිසා.
නියම යෝජනාව... පැට්රල් ඩීසල් නොමිලේ දෙන්න කීවටත් වැඩිය හොඳ යෝජනාවක්...