(නිමන්ති රණසිංහ)
විදුහල්පති සේවයේ වැටුප් සියයට 25කින් ද, ගුරු සේවයේ වැටුප් සියයට 13කින් ද ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බැවින් ඒ පිළිබදව අවධානය යොමු කොට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන ලෙසට ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
කැබිනට් මණ්ඩලය ලබාදුන් එම පොදු විසඳුම පිළිගන්නා ලෙස ගුරු වෘත්තීය සමිතිවලින් ද ඉල්ලීමක් කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.
ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා ඒ පිළිබඳ නිරේදේශ ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජික විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
විදුහල්පති III සේවයේ සියයට 19%කින් ද, විදුහල්පති II සේවයේ සියයට 22%කින් ද, සහ විදුහල්පති I සේවයේ වැටුප් වැඩිකිරීම සියයට 25%කින් ද, වශයෙන් ගුරු වැටුප් වැඩිකීරීමක් කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කළ වාර්තාවට අනුව නිර්දේශ කර ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
විදුහල්පති III සේවයේ වැටුප් වැඩිකිරීම සියයට 19%කින් ද, එනම්, මේ වන විට පවතින වැටුප වන රුපියල් 35,000, රුපියල් 42,000 ක් දක්වා ද, විදුහල්පති II සේවයේ වැටුප් වැඩිකිරීම සියයට 22 %කින් ද, එනම් දැනට පවතින රුපියල් 42,000 වැටුප රුපියල් 48,000 දක්වා ද වැඩිකිරිමට මෙමගින් නිර්දේශ නිකුත් කළ බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
විදුහල්පති I සේවයේ වැටුප් වැඩිකිරීම සියයට 25%කින් ද, එනම්, මේ වන විට පවතින වැටුප රුපියල් 42,000, රුපියල් 58,345ක් දක්වා වැඩිකිරීමටත් එමගින් නිර්දේශ කර ඇතැයි ද ඔහු පැවසීය.
ගුරු වැටුප් වැඩිවීම එස් එල් පී එස් 3, සදහා මේ වන විට වැටුප 27,000ක් වන අතර එය 31,000කට වැඩි වන බවත් එය 13% ක වැටපු් වැඩිවීමක් බවත්, සදහන් කළ අමාත්‍යවරයා, ඊට පහළ තනතුරුවල 19% ගාණකින් වැඩිවිමක් නිර්දේශ කර ඇතැයි ද පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප මෙසේ යෝජනා කරන්නෙමු. මේ ඉන්නේ ගුරුවරුන් නොව ඉන්නේ එක එක්කෙනාගේ දේශපාලන අතකොලු මෙන්ම එක එක්කෙනාගේ නැට්ටුවන්ය. එබැවින් තව තවත් මේ අය ඉදිරියේ පිං සෙන්ඩු වීමෙන් පලක් නැත. මේ යෝජනාවලට කැමැත්ත දැක්වුවත් ඊළග ඉල්ලීම වන්නේ අපට නිදහස ලැබුනායයි කියන 1948 සිට අද දක්වා හිග වැටුප් මුදල් ගෙවන තෙක් ගුරු හොරුන් වන අප දිගටම වර්ජනය කරන්නෙමු යන්නය.
අපි ජිවිත කාලෙම ඉගෙනගන්නවනේ. මේගොල්ලෝ අපිට ඉගැන්නුවට අපෙන් ඉගෙන ගන්නේ නැහැ. හොඳ පාඩමක් උගන්වන්නම්
මම ඉන්නේ පිටරටක... මගේ වැටුප සතියකට රුපියල් 175,000.
මෙයා ඉල්ලුවාට නම් කවුරුත් ගණන් ගන්නේ නැහැ...
ගුරුවරු දැනගන්න ඕනේ ඔය ප්රශ්නය අවුරුදු 24 ඇදුනේ ඔය මෝඩකම් නිසයි කියලා. බාර ගන්න බැරිනම් තව අවුරුදු 24 බලන් ඉන්න කියමු.
වැදගත් විසඳුමක් .ගුරුවරුන්ට පිලි ගත හැකි විය යුතුයි .අනෙත් සමාන සුදුසුකම් ඇති වෙනත් වෘර්තීන්ට අසාදාරනයක් වියහැකි මීට වඩා වෙන විසඳුමක්
ගුරු වැටුප් මෙන්ම වෙනත් ගැටළු සම්බන්ධ විරෝධතා ආරම්භයේ සිටම, එයට පාලක පක්ෂයේ උත්සාහය වූයේ ව්‍යාජ කරුණු, හේතු සහ අනීතික උපක්‍රම මඟින් එය කඩාකප්පල් කිරීමටයි. ආරම්භයේ දී ගුරුවරුන් අතුරින් 20-30% ක් එක්වුණු විරෝධතාවයන් සඳහා 80%ක් ඉක්මවා එක්වීමට හේතු වූයේ එම ගුරු සංගම් වලින් පලිගැනීමට සහ බලහත්කාරයෙන් පිරිසක් රඳවා ගැනීමයි. කෙසේවෙතත් පසුගිය මාසයේ අමාත්‍ය කමිටුවක් පත්කර විසඳුම් ඉදිරිපත් කිරීමට ගත් තීරණය ප්‍රමාද වී හෝ රජය ගත් හොඳ තීරණයක් වේ. එම කමිටුවේ සාධාරණ ලෙස විසඳුමක් ලබා සැකසීමට උත්සාහ කරන ඇමතිවරුන් ද සිටියි. නමුත් එය එසේ සිදු වී නැත. අවසන් ලෙස ලබා දී ඇති විසඳුම, සාධාරණ ලෙස ලබාදිය යුතු ප්‍රමාණයෙන් 50% කටත් අඩු ප්‍රමාණයක් බැවින් ගුරු අරගලය තවදුරටත් පවතිනු ඇත. මෙහිදී පාලක පක්ෂයේ ඇතැම් කොටස්වල පළිගැනීම සහ දේශපාලන වාසි අතහැර වඩාත් සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු කිරීම වඩාත් කාලෝචිතයි. එමෙන්ම මෙම වසංගත ගැටළු සහිත කාලය තුළ විශ්වවිද්‍යාල පනත, රසායනික පොහොර හා කෘමිනාශක පිළිබඳ නීති වැනි රටට විශාල බලපෑමක් සහිත කාරණා පිළිබඳ තීරණ ගැනීම මඳකට ප්‍රමාද කිරීම රටටම සුබදායක වනු ඇත.
මේ විසඳුමට අකමැති නම්, මම කියන්නේ, 8-6 ජොබ් එකක් කරන්න, පෙන්ෂන් ගන්න කියලා රජයේ රස්සාවක් විදියට ගුරු වෘත්තියට එන වර්ජනකාරයින් ටික ගෙදර යවලා, ගුරු වෘත්තියට එන්නම ආස, මාස්ටර්, ගුරු පුහුණු තියෙන පිරිසකට පාසල් ටික බාර දෙන්න කියලා...
අපේ භාෂාව ලියන, කියවන සියල්ලම අකුරු ඉගෙනුම ලැබුණේ ඔය ඔබලා ගරහන ගුරුවරුන් නොවේද? මෙම ප්රශ්නය මෙතරම් බැරෑරුම් වී ඇත්තේ ආණ්ඩුවට ඇති විශ්වාසය නැතිවීම නේද? ගුරුවරුන්ට පමණක් නොව අපටත් විශ්වාසය ගැන බරපතල අවුලක් නේද?
ගුරුන්ව මෙල්ල කරගන්න බැරිවුණොත් තුම්මුල්ලට ගිහින් උපවාසයක්වත් කරලා බලන්න...
අනේ ඇමැතිතුමා ඔයා නිකන් පීචං වෙන්නැතුව ඉන්නවද?
ගණිතය දන්න එක්කෙනෙක්ද? මේ ප්‍රතිශත හැදුවේ නැත්තම් වීරවංශ උන්නැහේද..?
වීරවංශ කියන්නේ මහ උගතෙක් කියලා හුඟදෙනෙක් දන්නේ නැහැ...
විහිළු වංශ කියන මනුස්සයා කියන දේවල් කවුරුවත් දැන් ගණන් ගන්නේ නැහැ..
මේ විසදූමට දරුවන් ගේ පැත්තෙන් කිසිදු සඳහනක් නැත.සියලු යෝජනා අතපසු කල අධ්‍යයනය කටයුතු පරිපූර්ණ කරන කාලය සමග සසදන්න.
කැපෙන බවට ඉඟි ලැබී ඇති නිසා ශේප් වෙන්න පක්ෂපාතිව කතා කරනවා. ඔයාගේ ප්‍රියතම "අන්තර් ජාතික කුමන්ත්‍රණය" ත් ඇතුළත් කරලාම කතා කරන්න. හැමදාමත් ජනතාව නොමග යැවීමට කෑ ගහනවා. අද එයා අසරණ වී ඇති නිසා එයා ලව්වා ආණ්ඩුවට අවශ්‍ය දේ කියවනවා...
අවුරුදු 02ක් පාසල් වහලා... ඔන්ලයින් කම්පැණිවලට සල්ලි ගරන්න දුන්නා ඇති. දැන්වත් පාසල් විවෘත කරන්න. නැතිනම් අධ්‍යාපන ඇමැති කෙනෙක් මොකටද? වහාම රටේ මුදල් විනාශ නොකර ඉල්ලා අස්වෙන්න.
වීරවංශ කියන්නේ කවුද? කිසිම අධ්‍යාපනයක් නෑ... අපේ බල්ලත් ඔහොමයි. නැට්ට පෑගුණාම යටිගිරියෙන් කෑ ගහනවා.
ගරු වීරවංශ ඇමතිතුමා කියලා කියන්නේ රට යායුතු මග කියන, පෙන්වා දෙන පරිණත දේශපාලන පඬිවරයෙකි. එතුමා කියන දෙයක් පිළිගැනීම කාගේත් යුතුකමකි...