(විනීතා එම් ගමගේ)
ඡන්ද ප්‍රතිඵල අනුව ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව පෙනී යන බව ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වූ ප්‍රතිපල ලබා ගන්නට නොහැකි වුවත් පෙර පැවැති ඡන්ද හා සැසඳීමේ දී ඡන්ද ප්‍රමාණය හා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වැඩි වී ඇතැයි ද ඒ මහතා කියයි.
දිසානායක මහතා මේ අදහස් පළ කළේ ජවිපෙ මුලස්ථානයේ දී අද (11) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘‘ 2011 හා 2015 වසරවල පැවති මැතිවරණවලදී ලැබූ ප්‍රතිපල හා සැසඳීමේ දී ජවිපෙ සැලකිය යුතු වර්ධනයක් අත් පත් කරගෙන තියෙනවා. පළාත් පාලන මැතිවරණය පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. ජනතාව ආණ්ඩුවෙන් අපේක්ෂා කළ කාර්ය භාරය සිදුවී නැහැ. ආණ්ඩුව ඉදිරිපත් කළ කි‍්‍රයාමාර්ග අසමත්. ආණ්ඩුවේ ක්‍රියා මාර්ග කිසිසේත්ම ජනතාව පිළි අරගෙන නැහැ. 2015 ජනවාරි 8 වැනිදා පත්වු ආණ්ඩුවේ ගුණ අගුණ මැන බලන ඡන්දයක් ලෙස මේ මැතිවරණය හඳුන්වා දිය හැකියි.
ජනවාරි අටවැනිදා පරාජයට පත් කළ දුෂ්ඨ බලවේග, මහජන දේපල තමන්ට ඕනැ විදියට පරිහරණය කළ බලවේග, ප්රජාතන්ත්රවාදය කිසිසේත්ම මායිම් නොකර බලය වෙනුවෙන් ඕනැම දෙයක් කරන්න සුදානම් බලවේග ඒ වගේම රටේ යම් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න කටයුතු කළ බලවේග රටේ තිබුණා.ඒ බලවේග යළි ගෙන එන්න ජනතාව කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් රාජපක්ෂ බලවේග යළි ගෙන එන්න කටයුතු කර තිබෙනවා.
ජනතාව පැත්තෙන් කල්පනා කර බැලූවොත් මෙතැන් සිට දිගහැරෙන දේශපාලන කි‍්‍රයාදාමය අනුව මේ පළාත් පාලන ආයතන වලින් සිදුවන ජනතා සේවයට මේ ආයතනවල පාලනය බලපෑම් කරනවා. අපි හිතන්නේ ජනතාවටත් මේ ගැන වගකීමක් තිබෙනවා. එසේ නම් මේ වැනි අපරාධකාරි කණ්ඩායමක් යළි ගෙන එන්න කටයුතු කිරීම තුළ ඇතිවිය හැකි හානියට ජනතාවටත් අත් හැරිය නොහැකි වගකීමක් තියෙනවා.
පොදුවේ අපේ රට අවුරුදු 70 ක් පාලනය කරල තියෙන්නේ මේ දෙපක්ෂය විසින්. ආර්ථිකය කඩා වැටීමට මේ අය බලයට පැමිණිම හේතු වෙනවා නම් පොදු ජනතාවටත් වගකීමක් තිබෙනවා මොවුන් පත් කීරීම ගැන.“ යැයි ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව විතරක් නෙමෙයි. ඔයගොල්ලොත් කිව්ව දේ කළාද? නැහැ. කෝ තිස්සමහාරාමය? මිනිස්සු ඡන්දෙ දුන්නේ බුද්ධීයෙන් නෙවෙයි හැඟීම්වලින්...මේක ලංකාවේ හැටි. අනික හොරු නැලෙව්වේ නැහැ. මේවට කේන්තියක් මිනිස්සු තුළ තිබුණා. ඒ වගේම ජනාධිපතිවරයා නගින්න දුන්නු ඉනිමගට පයින් ගහලා චණ්ඩි කතා කියලා තිබ්බා හුළං ටිකත් බස්සවාගත්තා. ඒකට කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්මය කියලා...
මේක සමාජවාදීන්ට හෝ ලිබරල්වාදීන්ට හොඳ කාලයක් නෙමෙයි. මේක ජාතිවාදීන්ගේ යුගයයි. ලෝකේ කොහෙත් එහෙමයි. මේ කාලේ කරන්න තියෙන්නේ පොතක් පතක් කියවගෙන ඉන්න එක. ජාතිවාදයේ පරතෙරටම ගියාට පස්සෙ මිනිස්සුන්ට තේරෙයි එතන නිවන නැහැ කියලා. ඊට පස්සෙ බලමු ලෝකේ වෙනස් කරන්න.
අනුන්ගේ සිනි කිරන්නේ නැතුව ජවිපෙ එකටම වෙලා තියෙන දේ ගැන කිව්වොත් නරකද?
ආණ්ඩුව විතරක් නෙවේ ඔයාත් ප්‍රතික්ෂේප වෙලා. අකුලාගෙන ගෙදර යන්න වෙලාව හරි. නිකන් ජනතාවට වැරැද්ද පටවන්න එපා.
ආණ්ඩුව කෙසේ වෙතත් ඔයගොල්ලෝ හොඳටම ප්‍රතික්ෂේප වෙලා
අැත්තටම ලංකාව කියන්නේ කවදාකවත් හදන්න බැරි රටක් කියලා ලංකාවේ උගත් බුද්ධිමත් ජනතාව මෙවරත් ඔප්පු කර පෙන්නුවා
වහල්කම බුක්තිවිඳින ජනතාවක් ඉන් නිදහස් කර ගැනීම ඔබතුමාගේ පක්ෂයට පහසු කටයුත්තක් නොවේ. ජනතාවගේ බහුතරයට නිවැරදි අරමුණක් මේ මැතිවරණයේදී තිබුනේද යන්න සැකසහිතය. ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය යනු ජනතාව විසින් හොරු කණ්ඩායම් මාරුකිරීමක් වශයෙන් සැළකීමට පුළුවන.
ඔබට දැන්වත් තේරුණා නම් හොඳයි. ඔබලා නේද මහින්ද මහත්තයට පහර ගසමින් අභූත චෝදනා ඉදිරිපත් කරමින් කඩේ ගියේ? ඔබලාට දුන් ජනවරමින් පේනවා ඔබලාට රටේ තිබෙන පිළිගැනීම..
එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පටන්, මෛත්‍රිපාල සිරිසේන මහත්මයා දක්වා, (හරි හෝ වැරදි හෝ වේවා), මේ රට පාලනය කල පාලකයින්ට රට කරගෙන යාමට ඉඩ නොදුන් හා මේ රටේ බුද්ධිමත් තරුණ පරපුර නොමගට යොමුකළ දේශපාලන අනාතයින්ට රටේ බුද්ධිමත් ජනතාව කදිම පිළිතුරක් දී තිබෙනවා. දැන්වත් රටට හා අපට පව් නොදී ගෙදර යන්න !!
බද්රානි මහත්මිය ඔබ නිවැරදියි. රනිල් වික්‍රමසිංහ හා මේ ජේවීපී නඩය නොහිටින්න, අපේ රට තිබෙන්නේ අද සිටින මේ තැන නොවෙයි. ජාතියේ පවට උපන් මොවුන්ට ජාතියේ ප්‍රතිචාරය නිසි ලෙස දී තිබෙනවා.
ජවිපෙ හැමදාමත් ගහන්නේ ඔය පදේ. එක්කෝ අරයට කඩේ යනවා නැත්තම් මෙයාට කඩේ යනවා. ආණ්ඩුව ප්‍රතික්ෂේප වුනේ ඔවුන් ජනතාවට දීපු පොරොන්දු ඉටු නොකරපු නිසා. රටේ හොරාකාපු ධනය මරා දැමූ පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් රටකට නොගැලපෙන ධනයෙන් මවාපාන බොරුව... මේවට දඬුවම් දෙන්න පත්වුණු රජය අපොහොසත් වීම ඔවුන්ගේ විනාශයට හේතුවයි. හිරගෙවල්වල ඉන්න ඕන අය අද වීරයෝ කලේ සිරිසේන-රනිල් දෙපළයි.
හරියට හරි. හරියට හරි. ළඟක හිටියානන් කටේ දානවා පුස්නාම්ඹු කෑල්ලක්. ඡන්ද පදනම ඡන්ද ලක්ෂයකින් පමණ මෙවර වැඩි වෙලානේ නේද සහෝදරයා. ලෙඩා මැරුණට බඩ හොඳට සුද්ධ උනානේ. එයින් ගියා මදෑ අතක් පයක් නොකැඩි. චන්ද වැඩ කරලා මහන්සි ඇතිනේ. ඔය සද්ද බද්ද අඩුවෙනකල් අයර්ලන්තේ පැත්තේ ගිහිල්ල පොඩි නිවාඩුවක් අරගෙන එන්න. ජයවේවා.
එතකොට බද්රානි මේ හොර පාලකයන් හරි හෝ වැරදි හෝ වේවා හොරකම් කරලා රට නැති බංගස්ඨාන කරනකොට කට පියාගෙන උන් ගන්න ණය වලට පොලි ගෙව ගෙව ඉන්න ඕන! 2020 එහෙම කාලයක් එනවා !! ගෝටා රට කරනකොට කොහොමටත් කට ඇරියොත් සුදු වෑන් එකේ තමා යන්න වෙන්නේ!
ජනතා විමුක්ති පෙරමුණ බොහෝ විට සිදුකරන්නේ පැවති හෝ පවතින රජයේ ක්‍රියා කලාපය විවේචනය කිරීම පමණයි. ජනතා වරමක් ලබාගන්නට නම් ඔවුන්ගේ දේශපාලන දර්ශනය සහ ඔවුන් විසින් රට දිව්නු කිරීම සඳහා යෝජිත වැඩ පිළිවෙල මහජනයාට සන්නිවේදනය කල යුතුයි. එසේ නොකොළොත් සිදුවන්නේ '71 සහ 88/89 සමයේ ඔවුන් ගත් ප්‍රචණ්ඩකාරී වැඩ පිළිවෙල සලකා, මහජනයා විසින් ජවිපෙ ප්‍රතික්ෂේප කිරීම පමණයි.
රටේ පවට උපන් පාපතාරයෝ. ජනතාව හොඳ කනේ පහරක් දීලත් තව ලජ්ජා නැතිය කයිවාරු ගහන්නත් එනවා.
මේ උදවිය බලයට ගෙනල්ල, ඒ හොරු බහ බැංකුව කොල්ලකාපු එකට වග කිවූවද . නැහැනේ. දැන් ජනතාවට කියනවා, ඡන්දෙ දුන්න නම් වගකීම ගන්න කියල.
ඔබතුමා ඉල්ලා අස්වී පුළුවන් කෙනෙකුට භාරදෙන්න. ජනතාවට දොස් නොකියා
කොහොමත් ජනතාවට වග කියන්න වෙනවා . මේ පත් කිරීමෙන් ඇතිවන යහපත් හා අයහපත් සියලු දේ ජනතාව මත තමයි වැටෙන්නේ .
වැරදි තීරණ ගත්තොත් ඔබට ඉදිරියේදී පරාජය නියතයි. එහෙම නැතුව හරි තීරණ අරගෙන නියම දේශප්‍රේමියෙකු ලෙස මට පෙර රට ලෙස තීන්දු ගන්න. සිංහල ජනතාව අමනාප කර ගන්නා මේ රටේ මොන ජගතාටත් පරාජය නියතයි.
සුද්දා ලංකාවට නිදහස දුන්න දා ඉඳලා අද වෙනකම් ලංකාව පාලනය කළේ පක්ෂ දෙකක් විතරයි. පාලනය කරපු පක්ෂ දෙකේ නම වෙනස් වුනාට පාලනයේ ලොකු වෙනසක් වෙලා නෑ. අවසාන දශක කීපයේ සමහර අය පක්ෂ දෙකම නියෝජනය කරනවා. ඉස්සර හොරා කිව්ව අයම දැන් වත්මන් රජයත් විවේචනය කරනවා. නව මැතිවරණ ප්‍රථිපල අනුව ජනතාව පවතින රජය ප්‍රතික්ෂේප කළාට ප්රතිපත්තිවල ලොකු වෙනසක් නෑ. ජනතාවට කවදහරි මේ පක්ෂ දෙක එපා වෙන දවසක් එ්වි. එදාට ජවිපෙ ජය ගනීවි.
ඔයාලත් එහෙම තමා!