ජනාධිපතිවරයා ජනවරම ලබා ගැනීමේදී ලබාදීපු පොරොන්දු සහ ආණ්ඩුවේ නිල ස්ථාවරය මේ වනවිට පරස්පර විරෝධී ලෙස පවතින්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක මොහමඞ් මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමතවිචාරණයකින් පමණක් වෙනස් කළ හැකි වගන්තිවලට අත නොතබන බවට සහතික වී බලයට පැමිණි ජනාධිපතිවරයකු ධුරය දරන විට ඔහුගේ ආණ්ඩුවේ පාර්ශ්වයක් වන පාර්ලිමේන්තුවේ සභානායක ධුරය, විදේශ අමාත්‍ය ධුරය දරන එජාප මන්ත්‍රීවරුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකින් සම්මතකර ගන්නා බවට පවසමින් සිටින බව ද මුසම්මිල් මහතා කීය.
ඔහු මේ අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී අද (12) පැවැති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ඒකටත් එක්ක විපක්ෂය. එකම තීරණයක ඉඳගෙන, එකම මතයක් ප්‍රකාශ කරන, ඉතාම සමගියෙන් ඉන්න අපුරුව...! (නි)
පසුගිය වසර විස්ස තුළ ලංකාවේ මැතිවරණයට පෙර වුණ පොරොන්දු ඉටුකළේ මොන පක්ෂයද? (නි)
හොරකමට වංචාවට කැමති අය දැන් මරු විකාරයෙන් දොඩවනවා ගත් සැප අඩුවෙලා (නි)
එකනම් ඇත්ත තමයි. ඒ සමාජවාදී කතා කර කර වාහන අවභාවිතය වගේම මහජන මුදල් වංචාවත් වැරදියි කියලා ඔය රත්තරන් කටින්ම කියන්නකෝ. (නි)
2005 දී මුළු රටේම මිනිසුන් බලාපොරොත්තු වුනේ යුද්ධේ නවතා ගැනීම, ඒක කෙරුනේ නැත්ද ? රටේ පාරවල් ටික හරියට තිබුනද ? 2005න් පසුව තමයි පිටරටක ඉදල එන මනුස්සයෙකුට අපේ රටේ පාරක යන්න පුළුවන් විදියට හැදුනේ. ඔබෙගේ ප්රශ්නය මෙහෙම ඇහුවනම් නිවැරදි වෙන්න තිබුන. "අපේ රටේ දේශපාලන පක්ෂයක් (හෝ කිහිපයක්) බලයට ඇවිත් මුල් අවුරුදු 2 ක ඇතුලත මෙහෙම හොරකම් කරපු ආණ්ඩුවක් තිබේද " ? පොරොන්දු ඉටුවෙනවා සුළු පිරිසකට නම්. (අ)
සෙනරත් කියන කතාව 100% නිවැරදියි ,මම මුල ඉදන්ම කියන්නේ මෙම යහපාලනය කියන්න හුදෙක් වචනයකට සීමාවූ රටට ජනතාවට කිසිම සේවයක් නොකරන ආණ්ඩුවක් කියලයි,අන්තිමට එක පාරක්වත් හැදුවද මේ අවුරුදු දෙකට. මෙයාල සිනි බෝල දීලා ජනතාව රවට්ටනවා . දන්න එකම මන්තරේ "මහින්ද හොරා "කියා කියා රටේම සම්පත් ටික විකිණීමයි. ඉතාම කෙටි කාලයකින් වැඩි මුදලක් ඉපයීම,මේ ආණ්ඩුවේ ඉන්න ලොකු ලෝකකන්ගේ ඒකායන අරමුනයි .(අ)
ජාතික නිදහස් පෙරමුණේ නායකයා නෙමෙයි (ම)