20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පෙර ආණ්ඩුව විසුරුවා හරින්නැයි එක්සත් ජාතික පක්ෂ කියන්නේ නම් පවතින පාර්ලිමේන්තුව තුළම අලුත් ආණුඩුවක් බිහිකරගෙන හෝ එම සංශෝධනය සම්මත කර ගැනීමට සිදුවන බව පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසුහ.
පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි කීමෙන්ම එජාපයට ආණ්ඩුව කරගෙන යාමට නොහැකි බව පැහැදිලි වන්නේ යැයි ද අතුරලියේ රතන හිමියෝ කීහ.
20 වැනි සංශෝධනය ඇතුළුව ජනතාවට පොරොන්දු වු අණ පනත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර සම්මත කර ගැනීමේ වගකිමක් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට තිබෙන බව කි රතන හිමියෝ වත්මන් ආණ්ඩුවට ඒ ගැන කිසිදු උනන්දුවක් නැතිවිම කණගාටුවට කරුණක් යැයි ද කියා සිටියහ.
රජය පාර්ලිමේන්තු න්‍යාය ප්‍රස්තකයට මියගිය අය පිළිබඳ ශෝක යෝජනා ඇතුළත් කරමින් පාර්ලිමේන්තුව ශෝකාලාපයක් බවට පත්කර ඇතැයි කී රතන හිමියෝ පාර්ලිමේන්තුවේ කාලය නාස්ති නොකර අවශ්‍ය අණ පනත් සම්මත කර ගැනීමට දැන්වත් ක්‍රියා කළ යුතු යැයි ද පැවසුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට දැන්ද මේවා වැටහෙන්නේ?? අපි නම් කලින්ම ඔය තත්ත්වය දැනගෙන හිටියා. (නි)
මේ වගේ රට අයාලේ යාමට ඔබ වහන්සේලා දර දිය ඇද්දේ නැද්ද එතකොට? (නි)
ඔබ වහන්සේ ඒ ගමන මේ මොනවද කියන්නේ? (නි)
ටෙනිසන්. වටාපත උවමනා බණ දේශනා කරන හාමුදුරු නමකටයි. මෙතුමා බණ කියනවා. එ්කයි වෙනස. (නදී)
ගල් ගහන්නද, දොර පොල්ල ගන්න කියන්නද කියලා මට නම් හිතාගන්න අමාරුයි (නි)
බුදුහාමුදුරුවන් වහන්සේගේ බුද්ධ පුත්‍රයින්ට උන්වහන්සේ විසින් ඔවදන් දී වදාළ විනය මාර්ගය අලුයම ලු කෙළපිඬක් සේ බැහැර කර සසර අතරමං වී ඉන්න සත්වයන් හට මුල ,මැද, අග අර්ථයෙන් ධර්මය දේශනා නොකොට..... දේශපාලනය නැමැති මඩ ගොහොරුවේ එරෙමින් ගිහිසමාජයේ නොයෙකුත් අවලාද වලට පාත්‍රවෙනවා, මගේ ස්වාමිනේ ..... (නි)
අනේ මගේ හිතට එන දේවල්! (නි)
ටෙනිසන්. වටාපත් ඕනා පන්සිල්පද වරද්දන්නෙ නැතුව කියන ස්වාමින්වහන්සේ කෙනෙකුටයි. සාමනේර නමකට උවමනා නැහැ. (බ)
අපිට ජීවත් වෙලා ඉන්න වාසනාව උදාකර දුන් රට සංවර්ධනය කරා ගෙන ගිය මහින්ද රාජපක්ෂ මහත්තයාව ගෙදර යවලා කරපු පාපය අපිට දිට්ඨ දම්ම වේදනිය කර්මයක් ලෙස පඩිසන් දෙනවා කියලා තමයි මට තේරෙන්නේ. (බ)
දැන්ද ඕවා තේරෙන්නේ? (නි)
අපේ අය බුද්ධිමත්ව අදහස් දානවා නම් වටිනවා... (නි)
හෙළ උරුමෙටත් පිවිතුරු හෙටක් දෙකටම පැවැත්මකුත් නැති බවයි ඇහෙන කතා වලින් තේරෙන්නේ. (නදී)
දැන් කට්ටියටම මහන්සිත් ඇති නේද? කොත්තමල්ලි ටිකක් බීලම ඉතිරි වැඩටික කරන්න බලන්න (බ)
ස්ථාවරව තිබු රට අස්ථාවර කිරීමට විදෙස් බලවේගයට හසුවෙලා කටයුතුකළ හෙල උරුමය දැන් ඉවරයි (බ)
සමාජය ඔබවහන්සේට හා රණවකට දල තියෙන නම් දෙක මේකේ පලකරන්ද සුදුසු නැහැ . නමුත් රට අද තෙබෙන තත්වයට පත්කිරීම ගැන කනගාටුවෙන්න ඕන . දැන් නොයෙකුත් දේ කීමෙන් වැඩක් නැත .හිටපු ,නව නායකයන් නෙමේ අපට රට තමා නැතිවෙන්නේ . (ස)
ඔහොම යමු ඔහොම යමු. කාටද ගෞරවය? (නි)
දැන්ද තේරුනේ? (නි)
කාටද පුළුවන් කියලත් පැහැදිලි කරලා දෙන්නකෝ (නි)
අපිටත් වඩා ඔබවහන්සේ සංසාරයේ සහ දේශපාලනයේ අතරමං වී ඇත (නි)
විරාජ්,මට පසුගිය රජය ක්‍රියාශීලි රජයක් වුණේ මේ රජයට සාපේක්ෂවයි. මම 'මොන ප්‍රශ්න තිබුනත්' යනුවෙන් සඳහන් කරපු කොටස ඔබ දකින්නට නැතුව ඇති.හැම දෙනාගේම හොඳ නරක මම දකිමි. තාමත් අපට කිසිම ආර්ථිකය ගැන හෝ සංවර්ධන සැළසුමක් ගැන හෝ අහන්නටවත් ඇහෙන්නටත් නැහැ.රට නැවතී හෝ ආපස්සට ගොස් තිබේ.ඇහෙන්නේ චෝදනා සහ අවලාද වැනි දේවල් විතරයි.අප කතා කළයුත්තේ හදවතට දැනෙන දේ පමණි. යථාර්ථය මතුවන්නේ එවිටය. (නි)
එහෙනම් කාටද පුළුවන්? (නි)
කැඳවුම්කරු දැන් කාවද කැඳවුම් කරන්න බලාපොරොත්තු වෙන්නේ? (නි)
මේ තිබෙන ව්‍යාකුල තත්වයට කවුද වග කියන්න ඕන,අපේ හාමුදුරුවනේ! (ස)
පවතින පාර්ලිමේන්තුව තුළම අලුත් ආණ්ඩුවක් බිහිකරගන්නේ ඡන්දෙට පෙර සිරිසේන මහතා කියපු යු.පී.එල්.එෆ් හොරු ටිකෙන්ද ? (නදී)
දැන් ඉතින් ගලේ පහරපු බළල්ලු වාගේ තමා මේ අය ? ඔහොම යමුකෝ (නදී)
කොහොම වුණත් මිනිසුන් ඡන්දෙ දුන්නේ දවස් 100 වැඩ ටික ඉවරකර ඡන්දයක් තියන්න.මිනිස්සු ඡන්දේ දුන්නේ නැහැ පක්ෂවල ප්‍රශ්න විසඳාගන්න මාස ගණනක් කල්ගන්න.ඉක්මනට ඡන්දයක් තිබ්බා නම් අපිට පුලුවන් හොරු ටික පන්නා දමන්න (නි)
භික්ෂුන් වහන්සේලා තමන්ගේ භූමිකාව දැනගැනීම වැදගත් නේද? රටට බලපාන වැදගත් ප්‍රශ්න වලදී ඉදිරියට ආවාට කමක් නැහැ. නමුත් රටේ තිබෙන හැම ප්‍රශ්නයක්ම බාරගන්න ගියොත් ඒක එච්චර සුභ නැහැ නේද? (නි)
මේවා අපිට කියලා වැඩක් නැහැනේ හාමුදුරුවනේ. ඔබ වහන්සේලානේ පත්කර ගත්තේ (නි)
අනේ මගේ රටට මේ මොකද වෙන්න යන්නේ.(ම)
මම නම් දකින්නවත් දැන් කැමති නැහැ (නි)
චම්පිකයි ඔබ වහන්සේයි හොඳ සටන් කාමියෝ. හැබයි වැඩ නැහැ. දැනටමත් වැඩ බැරි ටාසන් ලගේ තත්වයට වැටිලා ඉන්නේ. (නදී)
19, 20 ගැන කතා කරනවා ඇරෙන්න හෙළ උරුමය ගැන කතා කරන්නේ නැත්නම් පින් සිද්ධවෙයි. (නි)
එතකොට මේ තිබෙන ව්‍යාකුල තත්වයට කවුද වග කියන්න ඕන,අපේ හාමුදුරුවනේ! (බ)
ඔබ වහන්සේගේ කථා ඇත්තද කියලා හිතෙනවා (බ)
දැන් තමයි ලස්සනම හරිය. කණ්ණාඩි ගැළෙවුවොත් පේනවා පිළිගත්තේ නැති වුණත් (නි)
මොන ප්‍රශ්න තිබුනත් ක්‍රියාශීලි රජයක් නේද,ජනතාව ලවා අයින් කරවුයේ? (නි)
ගිය ඡන්දේදී මහජනතාව කයිවාරුව පිළිගත්තා. ලබන ඡන්දේදී මහජනතාව තෝරාගත යුත්තේ කයිවාරුව ද - වැඩ ද කියන එක හැමෝටම පැහැදිලියි. (බ)
එන පනත් සම්මත කරගන්න ඒ දෙන්නාට විතරක් බැහැනේ හාමුදුරුවනේ. (බ)
ඔබ වහන්සේගේ දැක්ම හා උනන්දුව දඩමීමා කරගෙන තිබුන ආණ්ඩුවත් දැන් තිබෙන ආණ්ඩුවත් ප්‍රතිපල ලැබුව කොහොම වුනත් ඔබවහන්සේගේ වීර්ය තරමක් දුරට හෝ පලදරා ඇතිබව පේනවා. (බ)
ඔවුන් ඉවත් කළේ කියපු දේ නොකරපු / වැරදි පාරේ ගිය මහින්ද විතරයි. ඉතින් කියපු දේ නොකරන රනිලුත් වැරදි පාරේනම් යන්න හදන්නේ ,, එයාටත් අබ සරණයි ! (බ)
හාමුදුරුවන්ට හුඟක් දේ අමතකයි වගේ.කෝ වටාපත? ඒකත් නැහැ. (නි)
තැටිය කරවෙලා වැඩිවෙලා රොටිය පිච්චිලාද? (නි)
ඔබ වහන්සේලා අපිට එපා වෙලා, (ස)
අාණ්ඩුව පත්කරන එක ඔබ වහන්සේගේ වැඩක් නෙමෙයි. එ්ක ජනතාවගේ වැඩක්. ජනතාවට ඒකට ඉඩදෙන්න. විස්ස කිය කියා කරන දෙයක් නැහැනේ. ඊටත් වඩා මනාප ක්‍රමය නැති කරනවා කියලා නැති අවුලක් ඇති කළොත් ඔය කඩිමුඩියට වන්දි ගෙවන්නේ ඔබ වහන්සේ නෙමෙයි. ජනතාව. අහලා තියෙනවනේ එකක් කඩතොලු වසන්නට ගොසින් දෙකක් කඩතොලු හැදුවලු ඉදුරුවේ ආචාර්යා. (නි)
අපොයි ඔව් සාගර හරිම ක්‍රියාශිලි රජයක් තමයි තිබ්බේ. පගා ගැසීම සුදුවෑන් වලින් මිනිස්සු ඉස්සීම. අහිංසක මිනිස්සුන්ව එලියට ඇදලා ඇදීම අතින් හරිම ක්‍රියාශිලියි. දැනුත් ඉතින් විපක්ෂයේ ඉදන් කියන ක්‍රියාශිලි වචන දකිනකොට අපේනම් ඇග හිරි වැටෙනවා. තමන්ටනම් ඕවා හොදට පුරුදු ඇති. (බ)
ආයේ ඡන්ද තිය තියා සල්ලි නාස්ති කරන්නේ නැතුව දැනටමත් එකතුවෙලා ඉන්න විදියට තව අවුරුදු දහයක් පහළොවක්වත් රට කරගෙන යන්න. ඡන්දෙන් ආවත් කරන්නේ එකතුවෙන එකනේ... (නි)
රටට ජාතියට ආදරයක් නෙැති බව ඔබ තුමා සහ චම්පික පෙන්නලා ඉවරයි. ඔබ තුමාට ඉදිරියේදී දානය වත් කට්ටිය දෙයි ද කියල කියන්න අමාරුයි. ඒ තරම් ජනතාවට ඔබ එපා වෙලා ඉන්නේ. (ස)
හෙළ උරුමය ආයෙත් හෙළ කරුමයක් කරගන්න නම් එපා. (නි)
මොනවද මේ වාචාල කතා. මෙයාල එක්කද නිවන් දකින්න හදන්නේ. ගන්න දොර පොල්ල අතට. (ස)
රට අස්ථාවර කරන්න සියලුදේ කරලා දැන් අපිට නඩු කියනවා. යූඑන්පී යට රට හදන්න ඕන නෑ. ඉදිරි මැතිවරණයට සූදානම් වන එකයි එයාල කරන්නෙ. කොට්ටාශ ක්‍රමයට මැතිවරණය තිබිබොත් යූඑන්පී පරාදයි කියල දන්න නිසා 20 ට පස්ස ගහනවා. ඇත්ත එ්කයි. (ස)
මටත් දකිනකොට හිතට එන දේවල් කියන්න වචන නැහැ. (නි)