(පාලිත ආරියවංශ)
‘‘අපිත් මේ ආණ්ඩුවේ ඉන්නේ මහා ලොකු ආශාවකින් නොවෙයි . මේක මැටි ආණ්ඩුවක් තමයි . අපි අපේ ආණ්ඩුවක් හදන කල් මැටියෙන් හරි බළළා මීයෝ අල්ලනවනම් අල්ලපුවාවේ‘‘ යැයි මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා ඊයේ(3) හාලිඇළ උඩගම පැවැති ජන හමුවකදී පැවසීය.
‘‘මේ මැටියෙන් හදපු බළලගෙන් මියෝ අල්ලමින් තව අවුරුදු 3ක් මේ ආණ්ඩුවෙන් වැඩ ගන්න තියෙනවා. වැඩ කරගන්න තියෙන්නේ බුලත් කොළයෙන්ම තමයි. මෛත්‍රී මහත්තයා දිනුවේ අපේ ඡන්දයෙන් නොවෙයි. අපේ නොවන ඡන්ද වලින්. හැබැයි දිනලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආරාධනයෙන් එතුමා පක්ෂය බාරගත්තා. මේ මැතිවරණයේ ප්‍රතිඵලය මොකක් වුණත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2021 ජනවාරි 8 වැනිදා වෙනකල් මේ රටේ ජනාධිපති. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. මේ පක්ෂයේ අනුශාසක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ නිසා මේ පළාත් පාලන මැතිවරණයෙන් ඒ කිසිවක් වෙනස්වෙන්නේ නැහැ. තව අවුරුදු 4 කට අපේ නයාකයා තමයි ජනාධිපතිතුමා. මමයි, නිමල් සිරිපාල ඇමැතිතුමායි 2020 අගෝස්තු වෙනකල් මේ ආණ්ඩුවේ ඇමතිවරු. අපි එළියට බහිනවද ආණ්ඩුව පෙරළලා අපේ ආණ්ඩුවක් හදනවද කියන එක ඒ වෙලාවට කරන එකක්. හැබැයි මේ ඡන්ද කාලේ එහෙම වෙන්නේ නැහැ. මොකද අපි එළියට බැස්සොත් ගමේ පාර හැදෙන්නෙත් නැහැ .ජලය ලැබෙන්නෙත් නැහැ . වරදින්නේ අපට නෙවෙයි අපේ පාක්ෂිකයන්ටයි . එහෙම වුණොත් ඒ ගොල්ලන්ට ඇඩ්රස් නැතිවෙනවා ‘‘ යැයි ද ඔහු කීවේය.
‘‘ශ්‍රී ලංකා කාරයෝ ගිහිල්ලා යූ.එන්පියට මුක්කු ගහලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රීපාල මහත්තයට මුක්කු ගැහුවා. ඒක තමයි ඇත්ත. බණ්ඩාරවෙල මන්ත්රීතුමාත් හරින් ප්‍රනාන්දු මහත්තයත් කියල තිබුණා ඒගොල්ලන්ට එපා වෙලාලු. හරින් ප්‍රනාන්දු මහත්තය කියනවා යකෝ මං දිස්ත්‍රික්කයේ දිනපු එකා. වැඩකරන්නේ නිමලුයි ඩිලානුයි කියලා . ඒ නිසා අපි තීන්දුවක් ගන්නවා .වෙනම ආණ්ඩුවක් හදනවා කියනවා. මෙහෙම කතා කියන්නේ මොළේ උඩ ඉඳගෙනද ? අගමැති පත්කරන්නේ ජනාධිපති , අගමැති අයින් කරන්නේත් ජනාධිපති , ඇමැතිවරු පත්කරන්නේත් අයින් කරන්නේත් ජනාධිපතිතුමා. රවි කරුණානායක ගියේ ඇයි ජනාධිපතිතුමා යන්න කිව්වා. කොමිසමේ වාර්තාව අනුව දෙන්න ඕන තැන්වලට වැඩ වෙන්න ඕන ආකාරයට වැඩේ කරාවි. එතකොට අලි බබා සහ හොරු හතළිහ කෙසේ වෙතත් අලි බබා සහ හොරු ටිකත් එතනින් එළියට එනවා‘‘ යනුවෙන් ද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නං දොඩවන්නෝ ඇමතිකම්වල ඉන්නේ යහපාලනේට පින් සිදු වෙන්න. එදිරිව ඡන්දෙ දීලත් ඇමතිකම් දරනවා ඉන්න බැරි නම් යාම නම්බුවක්..
සල්ලම් වෙච්ච වැඩකට නැති යාචකයෝ.. බැරිකම් වසා ගන්නට බොරු කියන නියෝ .. පල්ලම් බැස්ස රට කරවපු පිශාචයෝ .. මහකම් කියා බිම ලගිනව බලාපියෝ...
ඇයි අපි. අපිත් කැමැත්තකින් නොවෙයි මේ රටේ ඉන්නේ. උපන්නට ඔහේ ඉන්නවා
පනින්න පෙරමන් හදන්න කියන කතා.
හැබෑවටම.. වස්තරයක් වත් නැති නිසා කිසි ගැටළුවක් නැහැ...
නිකන් තෙපර බානවා. කරපු දේකුත් නෑ. කරන මගුලකුත් නෑ.
ලැබෙන උපරිම සැප ගන්නෙත් ආශාවෙන් නොවේද? එහෙනම් ගෙදරින් බත් මුලත් බැඳගෙන පාරේ බස් එකේ එන්නකෝ දියවන්නා ඔය මඩවගුරට සැමදාම. මේ ගොයියෝ ඔහෙත් අපේ දෙවෙනියා වගේ "මදුවැල් කැඳද" උදේට උදේට බොන්නේ?
අනේ මෙහෙමත් පීචන් වෙච්ච්ච ඇමතිවරු. මේ වගේ අය හින්ද තමයි අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. කනකොට කබරගොයත් තලගොයා වෙනවා මේ වගේ උන්ට.
මෙයාව තියාගන ඉන්නෙත් කිසිම කැමැත්තකින් නොවේ ...................
ආණ්ඩුවෙන් එළියට එන්න කියලා.... මුදල් දී ඔබව කවුරු හරි පොලඹවන්න උත්සාහ කරනවා නම් වහාම නීති මගින් කටයුතු කරන්න. මෙච්චර කල් අවංකව ජනතාවට කල සේවය සැහැල්ලු කරගන්න එපා. පක්ෂ පාට නොබලා ජනතාවට සේවය කරන්න.
ඔබතුමාලා පහුගිය ආණ්ඩුවේත් ඇමතිකම් දරලා... මේ ආණ්ඩුවේත් ඇමතිකම් දරනවා. ජනතාවට අවශ්‍ය කිසිම වැඩක් හරියට කරගන්න බැරුව කෙඳිරි ගගා ඉන්නවා. ජනතාවට එපා වෙලා ගෙදර ඇරියම අයෙත් පස්ස දොරෙන් ඇවිත් කෙඳිරි ගානවා. කරුණාකරලා දේශපාලනයෙන් විශ්‍රාම යන්න. ඕක කවුරුහරි පුළුවන් කෙනෙක් කළාවි... මේ පාර ලොක්කා පස්සදොරෙන් ඇතුළට ගත්තට ලබන පාර එන්න වෙන්නේ නැහැ... ඔබතුමා කිව්ව එක කරුණක් සමග මම එකඟ වෙනවා. ගියපාර ලොක්කට ඡන්දෙ දීපු වැඩි ප්‍රමාණයක් එජාප සාමාජිකයෝ මේ පාර ලොක්කට එම ඡන්දවලින් 80%ක් විතර නොලැබී යන්න පුළුවන්... මට පෙනෙන විදියට ඔබ කරන්න හදන්නේ ලබන අවුරුදු 2 තුල ක්‍රමයෙන් පොහොට්ටු පක්ෂය පැත්තට සංක්‍රමණය වෙන්න. නමුත් එයත් අසාර්ථක වෙන්න පුළුවන් දැනටමත් පොහොට්ටු පක්ෂයේ තිබෙන අැබෑර්තුවලට වැඩිය දෙගුණයක් පමණ ඉල්ලුම් ඇත .
ඔබතුමා ආණ්ඩුවේ ඉන්න එක ගැන නම් අපිත් ඉන්නේ ආසාවෙන් නෙවෙයි. එ්කනේ අපි ඔබතුමාව ගිය ඡන්දෙන් පැරැද්දුවේ...
අනේ! අපිත් ඉන්නේ හරිම දුකෙන් ඔබතුමාලා ඉන්න කණගාටුදායක තත්වය ගැන. අහිංසක අපි නිසානේ ඔබතුමාලා රෑ දහවල් නොබලා නොකා නොබී මෙච්චර දුක් විදින්නේ.
මේවගේ දෙතුන් දෙනෙක්ම කකුල් දෙක හැමදාම දෙපැත්තේම තියාගෙනනේ ඉන්නේ.
යකඩෙන් හැදිච්ච මලකඩ ටික යකඩය කා දමා විනාශ කරනවා, මෙන්ම ඩිලාන් වගේ පුද්ගලයෝ රොත්තක් යහපාලන රජය ඇතුළේ ඉඳන් මේ රජය කා දමන්න වලිකනවා. ජනාධිපතිතුමා තදින් ඉන්නේ නැති නිසයි මෙහෙම අය රජය කකුලෙන් අදිමින් හොල්මන් කරන්නේ. පින්සිද්ද වෙයි යන දේවාලයකට ගිහින් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියන්න මේ වගේ අයට. කකුල් දෙක ඉවුරු දෙකේ තබාගෙන ඉන්න ඩිලාන්ලා වගේ අයගේ යටිහිත්වල තිබෙන දේ ගැන නොදන්නේ අද ඉපදුන බිලිඳෙක් පමණයි ! ! !
මෙයාගේ කථා වල අර්ථයක් නැහැ, දැන් මේ ගොල්ලා ඉදළාත් කොහේද පාරවල් හැදෙන්නේ, කොහේද වතුර දෙන්නේ, මේ කොළඹ පාරවල් හදනු තියා හරියට නඩත්තු වන්නෙත් නෑ
අනේ බලන්නකෝ මුහුණ දිහා... මූණ නිකන් වතුරේ වැටුණු බනිස් ගෙඩියක් වගේ නේද?