(තලවකැලේ -ශාන්ත චන්ද්‍රසිරි)
පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන 21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂයක් හා සුළු ජාතියක් ලෙස ඊට එකඟ නොවන බව කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නායක, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.
තලවකැලේ නගරයේදි අද (04) පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ කීය. හිටපු අමාත්‍යවරයා තවදුරටත් එහිදී අදහස් දක්වමින් මෙසේද පැවැසීය.
‘‘විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන 21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් මගින් එතුමා කියන්නේ දැනට සියයට 5ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව නැතිකරලා එය සියයට 12.5ක් දක්වා වැඩිකර එම ඡන්ද ප්‍රතිශතයක් පාර්ලිමේන්තු යාමට ගන්න අවශ්‍ය බවයි. එහෙම වුනොත් සුළු ජාතික පක්ෂවලට හෝ සුළු ජාතීන්ට පාර්ලිමේන්තුවට යාමට නොහැකි වෙනවා.
ඒ අයගේ බලාපොරොත්තුවක් තියෙන්නේ මහ පක්ෂයක් එක්ක එකතුව ඡන්දය ඉල්ලන්න අවශ්‍යයි කියලයි. ඒ අයගේ අදහස හැමදාම සුළු ජාතික පක්ෂ සමග සම්බන්ධ වෙන්න බැහැ කියලයි. කෙලින්ම ඡන්දය අරගෙන ඇවිත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න අවශ්‍යයි කියලා. එහෙම සුළු ජාතීන් හා සුළු ජාතික පක්ෂ ප්‍රතික්ෂේප කරලා ඒ අය පක්ෂය ගෙනයනවා නම් ඉස්සරට ඔවුන් අමාරුවේ වැටෙනවා.
විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ මාරු කරමින් එහෙට මෙහෙට නිතරම පනින අයෙක්. එයා කියන කරන දේවල් මේ රටේ ජනතාව පිළි ගන්නේ නැහැ. එක පක්ෂයක ඉන්න කොට එකක් කියනවා. අනෙක් පක්ෂයට මාරුවුණාම තව එකක් කියනවා. ප්‍රතිපත්තියක් නැති ඒ වගේ අය කියන ඒවා අපිත් පිළිගන්නේ නැහැ.‘‘ යයි කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ප්‍රේමදාස මහත්මයා ඕක 5 කරන්න කලින් තිබ්බේ 12.5 ලෙස තමයි. ලංකාවේ මිනිස්සු මැරිලා ඉපදුණේ නැහැ... ඕවා මතකයි. වහාම ඒ වැරැද්ද වහමු.
මේ වගේ අය කියන දේවල් නම් කොහෙත්ම පිළිගන්න බැහැ. ඒ වුණාට විජේදාස රාජපක්ෂ මහත්තයා ගැන කියලා තියන දේ නම් 100%ක් ඇත්තක් කියලා රට තොටේ වෙනදේවල් ගැන යන්තමින් හරි දැනුමක් තියන ඕනෑම කෙනෙකුට තේරෙනවා.
මේක වෙනස්. පුතානෝගේ තාත්තානේ. ඉතින් ඉස්සර නැති ප්‍රශ්නයක් ඇති කළේ එජාපය. මේ රටේ නැති ප්‍රශ්න ඔක්කම ඇති කළේ එජාපය. තවත් උදාහරණයක් දෙමළෙන් ජාතික ගීය කියන එක...
රට දියුණු කරන්න අවශ්‍ය නම් මේ සංශෝධනය අත්‍යාවශ්‍යයි. මෙතෙක් කල් පත්වූ ආණ්ඩු රූකඩ බවට පත්කර ඒවා නටවන නූල ජාතිවාදී, බෙදුම්වාදී සුලුතර, පක්ෂ අතට ලැබුණේ ප්‍රේමදාස නම් නූගත්, අදූරදර්ශී, දේශද්‍රෝහී, බලලෝභී, අසිංහල සිංහලයා ගෙනා මේ 5% සංශෝධනයයි. නූතන ලෝකයට අනුව රට ඉදිරියට ගෙනයාමට නම් මේ ජනාධිපතිවරයාට ශක්තිමත් සහ බුද්ධිමත් පාර්ලිමේන්තුවක් ලබාදීමට ජනතාව වග බලා ගත යුතුමයි.
විජේදාසට ප්‍රතිපත්තියක් නැහැ. විජේදාසව ලං කරන්නට රනිල්ට ලැජ්ජාවකුත් නැහැ, රාජපක්ෂලාට ලැජ්ජාවක් නැහැ. 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂලාට සුදු වෑන් මතක් කරමින් පට්ට ගැහුවා. දැන් ආපහු රාජපක්ෂලත් එක්ක. මහ බැංකු වංචා සහ හම්බන්තොට වරාය විකුනපු ගැන රනිල්ට දොස් කියමින්, නැවතත් රනිල්ගේ කැබිනෙට් එකට රිංගුවා.
මේ රටේ ව්‍යවස්ථාව රටට ඕනේ විදිහට හැදෙන්න ඕනේ. ඔයාලා අකමැති උනා කියලා අපේ වැඩ වෙනස් කරන්න බැහැ. එයාලා මේ රජය පිහිටුවන්න සහය දීපු අය නොවෙයි. නුඹලා නැතිව සිංහලයින්ට මේ රට ගෙනියන්න පුළුවන්. කැමතිනම් ඉන්න නැතිනම් ආව ප්‍රදේශයකට යන්න.
ප්රජාතන්ත්රවාදය කියන්නේ වැඩිදෙනාගේ කැමැත්තට අනුව රට පාලනය කිරීම. එහෙම නැතුව එක් ආගමකට නැතිනම් ජාතියට අවශ්‍ය විදියට වැඩ කරන එකට නෙමෙයි. ජාතින් සහ ආගම් 50 ක් තිබුනත් ඒවා ඉතා සුලුතරයක්නම් ඒ අයගේ කැමැත්තට රටම හසුරුවන්නට බැහැ. කළ යුත්තේ පාර්ලිමේන්තුවේදී ජාතික මට්ටමේ තීරණ ගැනීමට ප්‍රධාන පක්ෂ සමග එක්වී සුළුතරයකට ආවේනික නීති රීති සහ අවශ්‍යතා වෙනුවෙන් පළාත් සභා ප්‍රාදේශීය සභා ආදියට වෙන්ව ඉදිරිපත් වීමයි.
කුමන පක්ෂයෙන් හෝ රටට අවශ්‍යය ස්ථාවර රජයක්. සුළු පක්ෂ වලින් මහ ජාතිය සැහැල්ලුවට, උපහාසයට ලක්වීම මෙයින් අවම විය හැකිය.