නව රජයක් පත්වුව ද ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල පැවති තත්ත්වයේ වෙනසක් සිදුව නොමැති බව ඉන්දියාවේ ඩි.එම්.කේ.පක්ෂ නායක එම්.කරුණානිධි පැවසීයැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (31) වාර්තා කළේය.
පසුගිය ජනාධිපතිවරණයේ දී උතුරේ දෙමළ ජනතාව බහුතරයක් වත්මන් ජනාධිපතිවරයාට ඡන්දය භාවිත කළ බවත්, ඒ හරහා ඔවුන් බලාපොරොත්තු වුයේ බලය බෙදීම සහ උතුරේ හමුදාව ඉවත් කිරීම අරමුණ ඉටුකර ගැනීම බවත් කරුණානිධි ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් මේ වනතෙක් එම අපේක්ෂාවන් ඉටුකිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඩි.එම්.කේ.පක්ෂ නායකයා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝගනාදන් මහත්තයෝ, ඔබ වගේම තවත් දහස් ගණනක් සිංහල දෙමළ මිනිස්සු පවුල් වශයෙන් එකතුවෙලා රටේ හැමතැනම ඉන්නවා.ඒත් දෙමළ කියලා සිංහලයන්ගෙන් ඔයාලට වරදක් වෙන්නේ නැහැ නේද?ඔයාලා දන්නවා උතුරට වඩා ඔයාලට දකුණේ සුළඟත් සැපයි කියලා.ඒත් තනිකර උතුර ඔයාලට දීලා හැමෝටම දකුණෙන් යන්න කිව්වොත්? සිංහල මිනිසුන්ගේ අනුකම්පාවෙන් මනුස්සකමින් ගොඩක් උදව් ගන්න පුළුවන්. (නි)
තමිල්නාඩුවේ වෙනදේවල් බලාකියාගෙන සිටියොත් මදිද? අපි අපි ගැන බලාගන්නම් (නි)
පලනිපන්, ඔබ දන්නවා ඇතිනේ සිංහල අයගේ හිතන පතන විදිය. අපි ළඟ ජාතිබේදයක් තිබෙනවද කියලත් ඔබ දන්නවා ඇතිනේ. පලනිපන්, අපි කිසි දිනක දෙමළ අය සමඟ තරහක් නැහැ. අපේ ආගමෙන් කුරා කූඹියෙකුටවත් හිංසාවක් කරන්න එපා කියලයි අපිට කියාදීලා තියෙන්නේ. ඒත් එක දෙයක් කියන්න ඕනෑ. සිංහල අපි කවදාවත් නිවටයෝ නෙමෙයි. ඕනෑ දෙයක් වෙච්චදෙන් කියලා බලාගෙන ඉන්න අපිට බැහැ. (නි)
ජයලලිතා පරාජය කරගන්න බැරුව විකාර කියවනවා. (නි)
"මියක් කඩන්නේ අත ලෙවකන්නද "කියන්නේ ඔන්න ඕවට තමා. ඉස්සරහට බලමුකෝ තව මොන මොන දේවල් ඉල්ලගෙන ඒවිද කියලා. (නි)
යෝගනාදන් මහත්මයා,මගේ විවාහයේ දෙවැනි මනමාලයා වුණේ ද්‍රවිඩ මිතුරෙක් . අපි කැමතියි සමගියෙන් වාසය කරන්න. එමනිසා කවදාවත් ඔබලාට සාමය කැමති සිංහල ජනතාවගෙන් කිසිම ගැහැටක් සිද්ධවෙන්නේ නැහැ. අහිතක් නැහැ. (නි)
මම අදහස් ලිව්වේ කරුණානිධිට මිසක් අපේ රටේ අහිංසක දෙමළ ජනතාවට නෙමෙයි. යෝගනාදන් වරදවා හිතන්න එපා. සාමය කැමති ඔබේ හිත අවුල්වීමට තරම් දෙයක් ලිවීමට මම අදහස කළේ නැහැ. අනුන්ගේ රටේ ප්‍රශ්න වලට හොටදමා තිබෙන ප්‍රශ්න තව අවුල් කරන කෙනෙකුට අප්‍රසාදය පළකළා පමණයි. ඔබ දිගටම මෙම තීරයේ ලියන්න. අපි කැමතියි අපේ අදහස් ඔබ සමග බෙදා හදාගන්න. (නි)
දේශපාලන වළිප්පුව දකුණු ආසියාවේ තරම් ලෝකයේ කොහෙවත් උග්‍ර නැහැ. ආගම, ජාතිය, වර්ගය කුලය කියන්නේ සංස්කෘතික ප්‍රභේදනයකට එහා යන දෙයක් හැටියට අරගෙන ඊට ව්‍යාධිගත භාවාත්මක බවක් ආරූඩ කරගෙන විලක්කු දෙක කටේ රුවාගෙන ආවේගශීලිව නටන්නේ රෝගී දේශපාලුවෝමයි. මේ විලම්භීත වලට උඩගෙඩි නොදෙන්න ජනතාව වගබලා ගතයුතුයි. (නි)
එහෙනම් උතුරේ ඔක්කොම කට්ටිය පටවලා අපි ඔහෙට එවන්නම්. භාර අරන් කර ගන්නකො බලන්න. තමන්ගේ ප්‍රාන්තයේ වැඩ ටික කරගන්න බැහැ. අනුන්ගේ රෙද්ද අස්සේ රිංගන්න යනවා. (බ)
ශ්රී ලංකා හමුදාවන් ශ්‍රී ලංකාව තුළම සිටිය යුතුය. රටේ දසාතේම එකම නීතිය විය යුතුය. (බ)
අපේ රටේ එාවට ඇඟිලි ගහන්නේ මොකද? (ත)
ලංකාව ගැන ඔහුට ඇති රුදාව මොකක්ද? (ත)
දෙන්නම් දෙන්නම් පොඩ්ඩක් ඉන්න තවම දින 100 ගිය විතරයි ජනාධිපති පොරොන්දු වුණ විදියට ශ්‍රී ලංකා එක නැති කරලා අගමැති රනිල් කරලා හමුදාව දකුණට අරගද්දම ඇති නේ (ම)
දෙමල බස ඉන්දියාවේ රජ බසක් කරගන්නට බැරි ,දිල්ලි ගුවන් තොටුපල නාම පුවරුව්ව් දෙමළෙන්ද නම සටහන් කරව ගැනීමට බැරි මේ දෙමල අන්තවාදීන් , මේ සිංහල රටේ කටයුතු වලට ඇඟිලි ගසන්නේ (ම)
අනුන්ගේ ඒවට ඇඟිලි ගහන්න එනවා, තමුන්ගේ රටේ වැසිකිලි ටිකවත් හරියට හදාගන්න බැරුව. තාම යන්නේ කැලේට එළිබහින්න වැද්දෝ (බ)
රුවන්ගෙ අදහස රත්තරන්. ඕකුන්ගෙ කයිවාරු විතරයි. සාමාන්‍ය දෙමළ මිනිස්සු වෙනුවෙන් කරපු දෙයක් නෑ. ඡන්ද ටික ගන්න බොරුවට ලංකාවෙ දෙමළ අය ගැන කිඹුල් කඳුලු හෙලනවා.(බ)
ඉන්නේ වල පයයි ගොඩ පයයි තියාගෙන කොයි මොහොතේ පන ටික යයිද දන්නේ නැහැ. හොයන්නේ වෙන රටක දෙයක් උන්ගේ ඉන්න එවුන්ට කන්නත් නැහැ නාඩුවේ(බ)
බලාගෙන ගියාම තිස්ස මාමා කියාපු ගිවිසුමේ අත්සන් විතරයිනේ වැරදි. (ම)
එයාල හිතාගෙන ඉන්නේ ලංකාවත් එයාලගේ ප්‍රාන්තයක් කියලනේ.ඒකනේ මේ බෙරිහන් දෙන්නේ. (නි)
ආණ්ඩුව මාරුඋනාට උතුර වෙනස් වෙන්නේ කොහොමද? තමන්ගේ රටේ ප්‍රශ්න විසඳා ගන්න. අනුන්ගේ ඒවාට අත නොදා. (ස)
ඔයා ඔයාගේ වැඩක් බලාගන්න (නි)
අනේ ඔච්චර අමාරු එකේ අපි එවන්නද උතුරේ ඔකොම පටවල තමිල් නාඩුවට?? (කේ)
දැන් එතකොට උතුරේ වැඩ කරන්න ඕනෑ ඔයාලගේ න්‍යාය පත්‍රය අනුවද? (නි)
මොවුන්ගේ රටේ දහසකුත් ප්‍රශ්න, මොවුන් අපව තියාගන දේසපාලන කරනවා. රුවන් මහත්මයට යමක් කියන්න ඕන, මම තරුණයෙක් නොවේ. මම සිංහලයෙක් නොවුනාට, මගේ ප්‍රියතම බස සිංහල කියල දන්නවද? මට සිංහල නොඇසනවිට මට හැඟෙන්නේ විදේශ රටක ඉන්නවා වගේ, අපි බස හා සිංහල මිනිස්සු සමඟ බැඳිලා. අපේ පවුලේ සිංහල අය සමඟ විවාහ වූ බොහෝයි. ඒ නිසා මෙවැනි අදහස් දක්වීමේදී අපේ සමගියට හානියක් නොවීමට වග බලාගන්න. තෙරුවන් සරණයි! (කේ)
කරුණානිධි නින්දෙන් අවදිවෙලා වගෙයි. ඉන්දියාව, දැන් සර්ව සම්පුර්ණ රටක් වෙලා ඉවර නිසාද මේගොල්ලෝ අපේ රට ගැන කතා කරන්නේ?ඔය රටේ, ඔය පළාතේ ඉන්න ලක්ෂ ගණන් දුගී දුප්පත් අය ගැන හිතලා, ඒ අයට උපරිම සහන දීලා, ඒ අයගේ ජීවන තත්වය උසස්කර අවසන් වුණාම බහින්නකෝ අපේ රටේ ඉන්න අය ගැන හිතන්න.එතකන් අපේ ජනතාව ගැන බලාගන්න අපේ රටේ ඉන්න නායකයන්ට ඉඩ දීලා, ඕගොල්ලෝ පාඩුවේ ඉන්න (නි)
යෝගනාදන් මහතා, ඔබතුමා බොහොම වැදගත් වෙන්න පුළුවන්. නමුත් විග්නේශ්වරන් මහතා ඩයස්පෝරාව එක්ක මේ යන ගමන නම් වැදගත් නැති බව ඔබතුමාටත් වැටහෙනවා ඇතිනේ. අද මේ භුක්ති විඳින නිදහස කොළඹ ඉන්න අපිට වඩා උතුරු නැගෙනහිරා ඔයාලා තමා හොඳට විඳින්නේ. ආයේ කවදාවත් මේ රටේ ඔයාලට හෝ අපිට යුද්ධ කරන්න නම් ඉඩතියන්න හොඳ නැහැ නේද? අද මේ නිදහස වෙනුවෙන් ඔයාලගේ සහෝදරයෝ කී දෙනෙක් බිලිවුණාද? අපේ කී දෙනෙක් බිලිවුණාද? අද උතුර යන්න පටන් අරගෙන තියෙන්නේ අමුතු ගමනක්. (නි)
තමන්ගේ රටේ තමන්ගේ ප්‍රදේශයේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ නැතුව අල්ලපු රටේ ප්‍රශ්න ගැන කතාකරනවා. වැඩිය ඕනෑ නැහැ. තමිල්නාඩුවේ වැසිකිළි ප්‍රශ්නයවත් විසඳලා නැහැ.පාන්දර 4 ඉඳලා මිනිස්සු ගැහැණු පාර අයිනේ තමයි ඒ වැඩේ කරන්නේ. (නි)