(බිඟුන් මේනක ගමගේ)
කසිප්පු භාවිතය සම්බන්ධයෙන් තමා පර්යේෂණ වාර්තාව සකස් කළේ සම්මත විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ‘ලංකාදීපය’ට පැවැසීය.
ආචාර්ය දුනුසිංහ මහතා මේ බව පැවසුවේ අදාළ වාර්තාවේ දත්ත වැරදි බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ආදායම් වියදම් සමීක්ෂණය, සුරාබදු දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තා ආදී ද්විතියීක මූලාශ්‍ර මෙන්ම සම්මුඛ සාකච්ඡා හා ප්‍රශ්නාවලි ආදී ශාස්ත්‍රීය ක්‍රමවේද මේ සඳහා යොදාගත්තේ යැයි ආචාර්යවරයා අවධාරණය කර කීය.
නීතිවිරෝධී දේවල් සම්බන්ධයෙන් පර්යේෂණ කරන සම්මත ක්‍රමවේද ඇති බව කී හෙතෙම තම වාර්තාව එම සීමා තුළ සිටිමින් සිදු කළ බවට සහතික වන්නේ යැයි ද පැවැසීය.
අදාළ වාර්තාව සම්බන්ධයෙන් සැකයක් ඇති නම් ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් දත්ත රැස් කර වාර්තාවක් සැකැසීමට රජයට පහසුවෙන් හැකි යැයි ද ආචාර්ය දුනුසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෝ කියන දේවල් එක කණකින් අරගෙන අනික් කනින් පිට කලොත් මුළු ලාංකිකයින්ටම සුබ සෙතක් වියහැකිය.
ඔබතුමාගේ වටිනා කාලය මේ වගේ මුකරි ඇමති කෙනෙක්ගේ මෝඩ කතා වලට පිළිතුරු බදින්න විනාස කරන්න එපා. ඒ ලිපිය ඉතාම නිවැරදිව සොයාබැලීමක් ඇතුව කරපු එකක්. එක කියවන මොලයක් තියන ඕනිම මනුස්සයෙක්ට තේරෙනවා,
රාජිතට කොහොමත් හිතාගෙන ඉන්නේ සියල්ල දත් කියලා. අනික් ඔක්කොම මෝඩයෝ කියලා. නමුත් යථාර්තය එකේ අනික් පැත්ත
දේශපාලුවො සිතන්නේ එයාලා සියල්ල දත්තෝ එයාලගේ අය ඒ කියන සියලු දේ විශ්වාස කළයුතු බවයි
සියල්ල දත් යැයි සිතතත් දත් ගැනවත් මොහු කිසිවක් හරියට නොදත්
රාජිතට බැනලා වැඩක් නැහැ. චාන්ස් දුන්න කළුතර අපිට ගහන්න ඕන
කොහොම උනත් මෙතුමාගේ වාර්තාව මුදල් ඇමතිතුමා වක්‍රව යොදාගෙන තියෙන්නේ කසිප්පු ප්‍රවර්ධනයටම තමයි. මොකද බියර් සුලබ උනහම ගැහැණු ළමයිත් ඒවා බොන්න ක්‍රමයෙන් පුරුදු වෙනවා. පස්සේ ශරීරය ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි වැඩියෙන් ඉල්ලන්න හැඩගැහෙනවා. ඊළඟට අරක්කු සහ කසිප්පුවටම ඇදිල යනවා. එතකොට තමයි කියන්න වෙන්නේ බොන අයත් මැරෙනවා බොන්නැති අයත් මැරෙනවා. ඒ නිසා අපි බීලම මැරෙන එක තමයි හොඳ කියල.
විස්වාශ කරන්න එපා මෙම පවුල් අංශ බොරු
අපේ රටේ දේශපාලකයෝ කියන කතා තුට්ටුවකටවත් මායිම් කරන්න පුලුවන්ද? එදා එකක්, අද එකක්, හෙට එකක්. උදේ සවස කියන්නෙත් මෝඩ තකතීරු කතාවක්. අචාර්ය, දුනුසිංහ මැතිතුමනි, අපි ඔබතුමාගේ වාර්තාව නිවැරදියි කියන තැන ඉන්නවා.
අට සමත් වෙච්ච අය එක්ක රට පාලනය කරනකොට ඔහොම කතා නිතැතින්ම අහගන්න වෙනවා. මොකද බහුතරයක් ඉන්නේ සමාන්‍ය පෙළවත් නැති අයනේ. මොකද අනිත් අයටත් එක එක බෝවෙනවා.