මීළග ගිම්හානයේදී එංගලන්තයේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලිය සඳහා කණ්ඩායම තේරීමේදී ඕස්ටේ‍්‍රලියානු තේරීම් කමිටුව කී‍්‍රඩකයන්ගේ පළපුරුද්ද සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වා තිබේ. මෙම තරගාවලිය සඳහා 35 හැවිරිදි කඩුලූ රකින්නකු වන බ‍්‍රැඞ් හැඩින් නැවතත් කණ්ඩායමට කඳවා තිබේ.
ඕස්ටේ‍්‍රලියානු පිලේ උප නායකයා වශයෙන් සිටි ෂේන් වොට්සන් ඉවත්ව යාමෙන් පසු එම තනතුරට පසුගිය මාස 16 ක කාලයේදී එකම ටෙස්ට් තරගයක් පමණක් කී‍්‍රඩා කර ඇති හැඩින් පත්කර තිබේ. මේ අතර තවත් 35 හැවිරිදි කී‍්‍රඩකයකුවන කි‍්‍රස් රොජර්ස්ද කණ්ඩායමට ඇතුළත් කර තිබේ. රොජර්ස් කණ්ඩායමට එක්වන්නේ වසර පහකට පසුවය.
වසර ගණනාවක් පුරා කි‍්‍රකට් ලෝකයේ ඉහළින්ම වැජඹුන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ සිටි දැවැන්තයන් වූ රිකී පොන්ටිං සහ මයිකල් හසී ටෙස්ට් පිටියෙන් සමුගැනීමත් සමගම ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් පිල අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 4 වැනි ස්ථානයට ඇද වැටිණ. ඉන්දියාවට එරෙහිව පසුගිය මාසයේදී පැවැති තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියානු පිලට අත්වූයේ 4-0 ක තරගාවලි පරාජයකි.
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් (අළු බඳුන) තරගාවලිය ජූලි මස 10 වැනිදා නොටිංහැම් නුවර ටේරන්ට්බි්‍රජ් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.
අළු බඳුන තරගාවලිය සඳහා ඕස්ටේ‍්‍රලියානු සංචිතය
මයිකල් ක්ලාක් (නායක), බ‍්‍රැඩි හැඩින් (උපනායක), එඞ් කවන්ස්, ඬේවිඞ් වෝනර්, පිලිප් හියුස්, ෂේන් වොට්සන්, උස්මන් කවාජා, කි‍්‍රස් රොජර්ස්, මැතිව් වේඞ්, නේතන් ලයන්, ජේම්ස් ෆෝල්ක්නර්, පීටර් සිඞ්ල්, රයාන් හැරිස්, ජේම්ස් පැටින්සන්, මිචෙල් ස්ටාක් සහ ජැක්සන් බර්ඞ්
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අළු බඳුන දිනන්න ඕස්ටේ‍්‍රලියානුවෝ පළපුරුද්ද සොයති