IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අහසට වෙඩි තැබූ රාජ්‍ය ඇමැති කවුද?

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු  මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිට දී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනි අවියකින්  අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

අධික ලෙස බීමත්ව මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනි අවිය රැගෙන පැමිණ තිබූ මන්ත්‍රීවරයා  එයින් වෙඩි තුනක් අහස දෙසට එල්ල කර තිබූ බව එම ආරංචි මාර්ග වලින් පැවසේ

මෙම රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර අවස්ථා කිහිපයකදී ආන්දෝලාත්මක  සිද්ධීන් කිහිපයක්  සම්බන්ධයෙන් සමාජය අතර විවේචනයට පවා ලක් වූවෙක් බවත්  පැවසේ

පෙරේදා (5) රාත්‍රී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින්  උසස් නිලධාරීන් ද දැනුම්වත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි



අදහස් (22)

අහසට වෙඩි තැබූ රාජ්‍ය ඇමැති කවුද?

sachith Wednesday, 06 September 2023 03:31 PM

නම ගම කියන්න පුළුවන්ද?

:       1       56

sisiraWednesday, 06 September 2023 05:22 PM

අහසට වෙඩි තැබූ රාජ්‍ය ඇමැති කවුද? නමක් ගමක් නොමැති දේශපාලකයින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තනතුරු දරන්නේද?

:       0       50

මැක්ස් Wednesday, 06 September 2023 03:50 PM

අරක්කු බී වාහන පදවා රාජගිරියේ දී ලයිට් කණු පෙරළුෑ ජවිපෙ මන්ත්‍රීගේ හිතවතෙක්ද? මේ පොහොට්ටු ඇමැති? ජවිපෙ මන්ත්‍රීට මෙන් නොවී මේ යෝධයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අදාළ අංශවල වගකීමකි. ජවිපෙ මන්ත්‍රී බේරාගත් හස්තය දැන් රටේ මහා පුටුවේ ඉන්න නිසා මේ වැඩේ කෙරෙයි දැයි සැකයක්ද නැත්තේ නොවේ...!

:       125       15

Dinesh Wednesday, 06 September 2023 04:29 PM

තවමත් පොහොට්ටුවේ වැරදි නොදකින මේවගේ අමන මිනිස්සු ඉන්නවානේ

:       8       105

ravin Wednesday, 06 September 2023 03:50 PM

ඔන්න ඕක තමයි... වඳුරාට දැලිපිහිට හම්බවුණාම කෙරෙන වැඩේ...

:       2       71

Nimal Wednesday, 06 September 2023 04:01 PM

විනයක් නැති මෙවැනි දාමරිකයන්ව අපේ ජනතාව පාර්ලිමේන්තුවට යවන්නේ...!

:       1       76

පිටිගල මිලානෝ Wednesday, 06 September 2023 05:16 PM

වෙඩිල්ල පස්සේ ගිහිල්ලා චැනල් 4 කේස් එක අමතක කරගන්න එපා…

:       6       51

Pradeep Kumara Wednesday, 06 September 2023 05:49 PM

මේ වගේ එවුන්ගේ ඔලුව ඉලක්ක කරන්න පුළුවන් එකෙක් නෑනේ...

:       1       31

Rata Perata Wednesday, 06 September 2023 06:19 PM

දැන් මොකක්ද මේක? මේවා අපෙන් අහන්නේ..

:       0       27

මාරා Wednesday, 06 September 2023 07:03 PM

ජවිපෙ ලයික් හමුදාව තමන්ගේ මිනිහ සිදුකරන ඕනෑම පාදඩ ක්‍රියාවක් සාධාරණීකරණය කරන විහිළු සහගත විලාසය ද මේ අමන ඇමැතිගේ ක්‍රියාව මෙන්ම පිළිකුල් සහගතයි...!

:       67       18

MaraWednesday, 06 September 2023 09:09 PM

යන්නේ කොහේද මල්ලේ පොල් කතාවක් තමයි... අනික මැක්කගේ රචනාව වගේ කොහෙන් ගියත් ජවිපෙට බැනලා ඉවර කරන්න ඕනෑ...

:       6       50

Prabha Wednesday, 06 September 2023 10:42 PM

යන්නේ කොහේද මල්ලේ පොල් කිව්වලු...

:       1       10

Prabha Wednesday, 06 September 2023 08:16 PM

වෙන කවුද රත්වත්තගේ බූරු පුතා මිස

:       0       15

hafiz Wednesday, 06 September 2023 11:54 PM

ඇයි අහුමුළුවල කුණු ඇදංකන මාජ්ජවේසියට හරියට නමක් ගමක් කියන්න බැරිද අපෙං අහන්නෙ?

:       0       5

සෙනෙවිරත්න Thursday, 07 September 2023 12:33 AM

මේ අර හිරගෙදර බාර ඇමති, රූප සුන්දරීීට එල්ලුම් ගහපෙන්නපු බේබද්ද, කව්ද අර ජවිපෙට අවලාද කියල මිනීමරුවො හෝදන අංගොඩ යවන්න ඕන කෙනා, ඔක්කොම බය ජවිපෙට,ඒ බය තියාගන්න, අපි ආසයි ඒකට.

:       0       12

Bamunuarachchi Friday, 08 September 2023 10:27 AM

සෙනවිරත්න එතකොට ජෙප්පෝ රාජපක්ෂල ගැනම නිතරම කතා කොරන්නේ රාජපක්ෂලාට තිබෙන භය නිසා නේද?

:       1       0

Nimal Thursday, 07 September 2023 06:24 AM

මහ රෑ එල්ලුම් ගස බලන්න ගිය කෙනා.

:       0       7

yaka Thursday, 07 September 2023 06:39 AM

වහෙන් ඔරෝ ගහන්නේ කෙලින් කියාපල්ලා..!

:       0       11

ලුම්බිණි Thursday, 07 September 2023 10:26 AM

මැරයන් මන්ත්‍රී නිවාස වල ඉන්නකොට මෙහෙම දේවල් වෙනවා.

:       0       12

Nalaka Thursday, 07 September 2023 11:56 AM

නීතිය නැති රටක්

:       0       8

Bunny Preena Thursday, 07 September 2023 01:40 PM

පෙරේදා රාත්‍රියේ බටහිර ගොපලු චිත්‍රපටියක් බලලා වගෙයි

:       0       4

Bamunuarachchi Thursday, 07 September 2023 11:22 PM

අනේ පොඩ්ඩක් හැරවිලා ඔලුවට තියාගත්තානම් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව කෙහෙල් මල් වඩමක් හරි යවනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site