දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ගුවන් නියමු පුහුණු කුටියක් නිපදවීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිසුහු කණ්ඩායමක් සමත් වී සිටිති. රත්මලාන ‘ස්කයිලයින්‘ ගුවන් යානා ඉංජිනේරු පුහුණු පාඨමාලාව හදාරන සිසුන් දස දෙනෙකු වන ඒ අයි ගුණරත්න, ප්‍රවීන් ප්‍රනාන්දු, අමේශ් ගුණරත්න, එම් ආර් එම් ගසලී, ගයෝමා වික්‍රමසිංහ, අකලංක පතිරත්න, ජේ එස් ගුණවර්ධන, දර්ශන සෙනවරත්න, දිනේෂ් ගිහාන් හා කේ එස් පී කළුබෝවිල ද  උපදේශකවරුන් වන මහින්ද අබේසිංහ, ඒ ටී අමරසේන, ආර් රත්නායක, ඒ එල් ඒ කසුන් යන මහත්වරු මීට දායක වූහ.