IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


අහස සිඹින නෙළුමක් කොළඹ පිපෙයි

දේශීය වාස්තු විද්‍යාඥ සැලසුම් අනුව රුපියල් කෝටි 1147 ක වියදමින් කොළඹ ඩී.ආර් විජයවර්ධන මාවතේ අට මහල් නෙළුම් කුළුනක් ඉදිකිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සැරසේ. උසින් මීටර් 350 ක් වන මෙම බහු සම්ප්‍රේෂණ කුළුනේ පාවෙන අවන්හලක්, විදුලි සංදේශ කටුගෙයක්, ප්‍රදර්ශන ශාලා, භෝජනාගාර, අමුත්තන් දහසකට සහභාගී විය හැකි උත්සව ශාලාවක්ද අතුළත් වෙයි. මේ කුළුනට ලබන 20 වැනිදා මුල්ගල් තබා මාස තිහකින් ඉදිකිරීම් නිම කිරීමට නියමිතය. ගිවිසුමට අද අත්සන් තැබිණි. චයිනා නැෂනල් ඉලෙට්‍රෝනික්ස් ඉන්පොර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් හා ඒරෝ ස්පේස් ලෝන්මාර්ච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩිං කෝපරේෂන් මෙහි ඉදිකිරීම් බාරව සිටියි. නව ගුවන්විදුලි හා රූපවාහිනී සේවා 100ක්ද විදුලි සංදේශ සේවා 20 කටද වේගවත් පහසුකම් සැපයීමට මේ මධ්‍යස්ථානයට හැකි  බව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා කියයි.



අදහස් (0)

අහස සිඹින නෙළුමක් කොළඹ පිපෙයි

කමල් Saturday, 27 October 2012 08:25 AM

රටක් විදියට ඉදිරියට යන්න මෙවැනි දේවල් වටිනවා. නමුත් දුප්පත් අයගේ බඩ ගැනත් ටිකක් හිතනවනාම් නියමයි. මේවට අපිත් කැමතියි. (ස)

:       0       0

තාරක Thursday, 20 September 2012 09:39 PM

ලංකාවේ අය බලන්නේ කන්න විතරයි. වැඩ කරන්න නෙමෙයි. මෙහෙම දේවලුත් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

අජිත් Monday, 13 August 2012 11:51 PM

කවුරු මොනවා කිව්වත් රටක් වශයෙන් අපිත් නැගිටින්න ඕන..(ස)

:       0       0

කසුන් Saturday, 08 December 2012 03:01 PM

මේවත් කරන ගමන් දුප්පත් ජනතාවට නිවාසත් හදලා දුන්නා නම් තමයි හොද. (නි)

:       0       0

නිශාන්ත Friday, 14 September 2012 12:27 AM

මේව කරන්න ඕනෑ. හැබැයි දෙවනුව. මොකද ඒ අය දන්නෙ නැහැ මේ රටේ යන්න පාරක් නැති , විදුලිය නැති, බොන්න වතුර ටිකක් නැති විශාල පිරිසක් ඉන්න බව. (නි)

:       0       0

අචිලා Friday, 06 April 2012 01:23 PM

හොදයි , නියමයි.

:       0       0

රෝහිත Monday, 07 May 2012 09:14 AM

වැඩි විස්තර ඇතුලත් විය යුතුයි..

:       0       0

ඩී.එච්. ජීවරත්න Friday, 25 May 2012 07:58 AM

ගොඩක් හොදයි

:       0       0

විජේරත්න Thursday, 26 April 2012 08:58 AM

සැරදේ ලක්මවිනි. ජයවේ ලක්මවිනි.

:       0       0

ෂ්‍යාමි Monday, 02 July 2012 01:18 PM

ඇත්තටම හරිම ලස්සනයි

:       0       0

ඩන්කන් Monday, 14 May 2012 06:26 AM

මම ලංකාවට ආදරෙයි

:       0       0

මංජුල Monday, 04 June 2012 10:03 AM

හොඳ අදහසක් . මේ පුංචි රටට මේ තරම් වියදමක් දරන්න ඉදිරිපත් වෙලා ඉන්න චීන ජාතිය ගැන ආඩම්බරයි...(ස)

:       0       0

රංජිත් Tuesday, 12 June 2012 07:58 AM

මේ ගොඩනැගීමට වඩා අහිංසක ,දුප්පත් මිනිසුන්ගේ සිත ගොඩනැගෙන දෙයක් කලානම් නෙළුමට වඩා ශක්තිමත් කුළුණු ගොඩනැගේවි ,

:       0       0

ඉරේෂ් Sunday, 13 May 2012 11:25 AM

හොඳ වැඩක්. ඒත් මීට වඩා කරන්න කොච්චර වැඩ තියනවාද?

:       0       0

චාමිකර Saturday, 29 September 2012 12:14 PM

අපේ රජතුමාට ජයවේවා! (නි)

:       0       0

විජේතුංග Tuesday, 29 May 2012 03:21 PM

නියමයි... (ස)

:       0       0

චන්දි Tuesday, 02 October 2012 03:53 PM

මේකට ආණ්ඩුවේ සල්ලි යොදවනවානම් අපි එරෙහි විය යුතුයි (අ)

:       0       0

රංග Wednesday, 22 August 2012 04:48 PM

ගොඩක් ව්‍යාපෘති වගේ මේකත් අසාර්ථක වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

උදය ප්‍රිය කුමාර Saturday, 07 April 2012 12:02 AM

බැරිවෙයිද මේක ලොව උසම කුළුණ කරන්න. එහෙම වුනොත් ලංකාව ගැන ලෝකයම තව තවත් දැනගැනීවි. ජය වේවා. !

:       0       0

කුමාර Monday, 21 May 2012 08:57 AM

ලෝකෙට ප්‍රසිද්දවෙන්න ඉදිකිරීමි කළත් බොහෝරෝහල් ඒවායේ අත්‍යවශ්‍ය ඖෂධ නැහැ.........

:       0       0

චතුර Thursday, 16 August 2012 11:07 AM

නියම ෆොටෝ එකක්.. (ස)

:       0       0

චමල් Tuesday, 29 May 2012 09:53 AM

අනේ මන්ද ..ලංකාවේ තාමත් කන්න නැති අය ඉන්නවා . ඒ මිනිස්සුන්ට මේ කුඵණු හීනයක් විතරයි..

:       0       0

නදීශා Friday, 10 August 2012 10:43 AM

හොඳයි....(ස)

:       0       0

කුමාර Thursday, 27 September 2012 11:27 AM

පිස්සු (ස)

:       0       0

කසුන් Monday, 14 May 2012 10:16 AM

හොඳයි

:       0       0

ඩිලාන් Tuesday, 21 August 2012 05:47 PM

නියමයි. (නි)

:       0       0

චතුර Wednesday, 06 June 2012 09:04 PM

අම්මපා මෙච්චරයි අඩු..... මේකටත් අහවලාගේ කුළුන කියල ගහයිද දන්නෑ නේද..... මේ විකාර නවත්තල මේ අත්‍යවශ භාන්ඩ මිල අඩු කරනවකො අපිට කාලවත් ඉන්න

:       0       0

ජය Wednesday, 06 June 2012 08:25 PM

මේවට තමයි කියන්නෙ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතෙ කියල ආං නැද්ද හා.......

:       0       0

රන්දෙණිය Sunday, 06 May 2012 05:36 PM

ගෑස් 300.00, කිරි පිටි 160.00, පාන් රු.56.00. ඉතින් අපිට මොන කුළුණුද ???

:       0       0

තරංගා Wednesday, 24 October 2012 10:21 AM

කට්ටියම ඕකෙ එල්ලුවනම් හරි (ස)

:       0       0

හර්හා Thursday, 28 June 2012 10:31 PM

හැමෝම හිතා ගෙන ඉන්නේ ලංකාවේ අපිට දැන් අඩු එච්චරයි කියලා

:       0       0

සුසන්ත Thursday, 07 June 2012 11:04 AM

අට මහල් කුළුණක් උස මීටර් 350 එක මහලක් 350/08 = මීටර් 43.75 ??????????????

:       0       0

කුමාරි Thursday, 10 May 2012 06:49 PM

ඇයි ඔක්කොම කොළඹට විතරක්? අපේ පැත්තටත් එන්නකෝ

:       0       0

ඉන්දික Tuesday, 03 January 2012 03:15 PM

විශිෂ්ඨයි

:       0       0

SHAFRAZ SALLY Tuesday, 03 January 2012 03:24 PM

ශ්‍රී ලාංකිකයකු වීම ආඩම්බරයක්

:       0       0

දයාරත්න වීරක්කොඩි Tuesday, 03 January 2012 03:30 PM

ලාංකිකයකු වීම ආඩම්බරයක්

:       0       0

සංගීත් Tuesday, 03 January 2012 03:31 PM

බොහොම හොද වැඩක්. හරිම ලස්සනයි සැලැස්ම.

:       0       0

චතුරංග Tuesday, 03 January 2012 03:47 PM

අතිවිශිෂ්ටයි

:       0       0

ගයාන් Thursday, 31 May 2012 08:46 AM

රෝහල් වල බෙහෙත් නැතිව ලෙඩ්ඩු මැරෙන්න හදද්දි මේවද කරන්න ඕන...

:       0       0

විජයරත්න Tuesday, 03 January 2012 03:51 PM

අපිට අඩුව තිබුනේ මෙච්චරයි. පිටකොටුවේ මුට්ට අදින හරමානිස්ටත් මේකෙ රෙස්ටූරන්ට් එකට ගිහින් තෝසයක් කන්න පුලුවන් වෙයි

:       0       0

හංසි Monday, 08 April 2013 08:53 AM

සමාජයේ හැම තරා තිරකම ඉන්න අයට ඔය හදන හොටෙල් එකෙන් කන්න පුලුවන්නම් තමයි හොද. නැත්නම් ඉතින් වැඩක් නැහැ. මොනතරම් දේවල් හැදුවත් වැඩක් නැ. මිනිස්සුන්ගේ ජීවන වියදම වැඩියි. දුප්පත් අය ගැනත් හිතුවනම් ගොඩක් හොදයි. අපිත් කැමති අපේ රට ලස්සන වෙනවට.(නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 03 January 2012 03:52 PM

ඇති යන්තම්. මෙච්චරයි අපිට අඩුවෙලා තිබුණේ

:       0       0

ජේ Tuesday, 03 January 2012 04:05 PM

උසින් මීටර් 350 ක් වන අට මහල් නෙළුම් කුළුනක් ??????

:       0       0

අනුර විතානවසම් Tuesday, 03 January 2012 04:13 PM

මනස්කාන්තයි

:       0       0

චානක Monday, 08 October 2012 08:30 AM

ශ්‍රී ලාංකිකයෙකු වීම ලැජ්ජාවක් (ස)

:       0       0

රංග Tuesday, 03 January 2012 04:21 PM

ජයෙන් ජයම ලැබේවා

:       0       0

මොහොමඩ් Friday, 13 July 2012 04:59 PM

කාටද ආඩම්බර

:       0       0

අරුණ Thursday, 23 August 2012 03:56 PM

කවදා මේවා අවසාන වේවිද? (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 06 June 2012 09:32 PM

චතුරගේ කතාව සහතික ඇත්ත.

:       0       0

උදය සල්ගාදු Wednesday, 04 January 2012 12:35 PM

මේකේ නම මොකක් වෙයිද ?

:       0       0

කාංචන Wednesday, 04 January 2012 01:49 PM

මීට වඩා අපිට කරන්න වැඩ තියෙනවා. මේ මුදල් මීට වඩා හොද වැඩකට යොදවන්න තිබ්බෙ නැද්ද?

:       0       0

මධුර Tuesday, 21 August 2012 02:41 PM

අපිට ලොකු ආඩම්බරයක්..!!(නු)

:       0       0

අරුණ Friday, 07 September 2012 06:36 AM

මේවයේ තියෙන වටිනාකම සමහරුන්ට තේරුම්ගන්න අමාරුයි. (නි)

:       0       0

බිහාන් කරුණාතිලක Friday, 07 September 2012 06:59 AM

මේකත් රටට අවශ්‍ය දෙයක් වෙන්න ඇති. ඒත් මීට වඩා අත්‍යාවශ්‍ය දේවල් මේ දුප්පත් රටට තියෙනවා. (නි)

:       0       0

පියුමි Thursday, 12 July 2012 02:52 PM

පිස්සු නැත්නම් ශෝක්....

:       0       0

ගයාන් Saturday, 08 September 2012 09:10 AM

දුප්පත් ලංකාවට අඩු වෙලා තිබුණේ නෙළුම් කුළුණු, නෙළුම් පොකුණු විතරයි...(ස)

:       0       0

ඉන්දික Saturday, 08 September 2012 09:15 AM

සාර්තක වැඩක්, දියුණු වෙන ලෝකය සමඟ තරඟ කරමින් ඉදිරිය‍ටම යන්න..(ස)

:       0       0

දුලාසිනී Thursday, 23 August 2012 12:41 PM

ඔයිට වඩා හොඳ දෙයක්,ඵලදායී දෙයක් මේ රටේ සංවර්ධනය උදෙසා නිර්මාණය කරනවා නම් ඒක ගොඩක් හොදයි. මොකද මේ රටේ කරන ප්‍රයෝජනයක් නැති වැඩ වලින් තව තවත් අසරණ වෙන්නෙ මේ රටේ ජනතාවයි. ලෝකෙට ණය වෙලා කරන මේ වගේ වැඩ නිසා අනාගතයට මුහුණ දෙන්න ඉන්න පුංචි කැකුළු ලෝකයට ණයකාරයො වෙනවා. (නි)

:       0       0

නිලන්ත Friday, 04 May 2012 11:07 AM

නෙළුම් පොකුණ, නෙළුම් කුලුණ ඊළඟට මොකක්ද ??????? (ස)

:       0       0

අසංක Sunday, 06 May 2012 07:42 AM

ගොඩක් හොඳ වැඩක්....ජය වේවා..

:       0       0

හර්ෂ Wednesday, 25 April 2012 11:39 PM

දියුණු වෙන රටකට හොද දෙයක්

:       0       0

සුජීව Monday, 30 April 2012 01:16 PM

ඇත්තටම හොදයි.. ආඩම්බරයි... අපිට දැන් අඩුත් මෙච්චරයි...

:       0       0

මයිකා Thursday, 17 May 2012 10:40 AM

එච්චරයි අඩු

:       0       0

ධනූජ Tuesday, 29 May 2012 01:30 PM

වැඩේනම් හොඳයි.හැබැයි මේ වියදම් වෙන සල්ලි වලින් වෙන වැදගත් දෙයක් කරානම් හොඳයි..(ස)

:       0       0

සුමල් Wednesday, 04 July 2012 03:21 PM

ලෝකේ මොකද වෙන්නේ, අපේ රටට මොකද වෙලා තියෙන්නේ කියල දන්නේ නැති අය මේදේවල් ගැන සතුටු වේවි .නමුත් රට උගස් තියල මේ කරන දේවල් අපේ රට තවත් මිදෙන්න බැරි ණය බරකට අරන් යන බවත් ,අපි දවසින් දවස ණය පොලිවත් ගෙවන්න බැරි ජාතියක් වෙන බවත් ,හිතන්න කලේ ඇවිත් .

:       0       0

මධුක Friday, 18 May 2012 02:58 PM

සල්ලි නෑ කිය කිය මේවද කරන්නේ..

:       0       0

ඉන්දික Wednesday, 29 August 2012 04:15 PM

ලස්සනයි... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 27 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 303 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 2511 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 1253 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 708 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 796 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 873 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1411 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 363 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site