දේශීය වාස්තු විද්‍යාඥ සැලසුම් අනුව රුපියල් කෝටි 1147 ක වියදමින් කොළඹ ඩී.ආර් විජයවර්ධන මාවතේ අට මහල් නෙළුම් කුළුනක් ඉදිකිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සැරසේ. උසින් මීටර් 350 ක් වන මෙම බහු සම්ප්‍රේෂණ කුළුනේ පාවෙන අවන්හලක්, විදුලි සංදේශ කටුගෙයක්, ප්‍රදර්ශන ශාලා, භෝජනාගාර, අමුත්තන් දහසකට සහභාගී විය හැකි උත්සව ශාලාවක්ද අතුළත් වෙයි. මේ කුළුනට ලබන 20 වැනිදා මුල්ගල් තබා මාස තිහකින් ඉදිකිරීම් නිම කිරීමට නියමිතය. ගිවිසුමට අද අත්සන් තැබිණි.
චයිනා නැෂනල් ඉලෙට්‍රෝනික්ස් ඉන්පොර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් හා ඒරෝ ස්පේස් ලෝන්මාර්ච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩිං කෝපරේෂන් මෙහි ඉදිකිරීම් බාරව සිටියි. නව ගුවන්විදුලි හා රූපවාහිනී සේවා 100ක්ද විදුලි සංදේශ සේවා 20 කටද වේගවත් පහසුකම් සැපයීමට මේ මධ්‍යස්ථානයට හැකි බව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ මොකද වෙන්නේ, අපේ රටට මොකද වෙලා තියෙන්නේ කියල දන්නේ නැති අය මේදේවල් ගැන සතුටු වේවි .නමුත් රට උගස් තියල මේ කරන දේවල් අපේ රට තවත් මිදෙන්න බැරි ණය බරකට අරන් යන බවත් ,අපි දවසින් දවස ණය පොලිවත් ගෙවන්න බැරි ජාතියක් වෙන බවත් ,හිතන්න කලේ ඇවිත් .
ගොඩක් ව්‍යාපෘති වගේ මේකත් අසාර්ථක වෙයිද දන්නේ නැහැ. (නි)
නියමයි. (නි)
අපිට ලොකු ආඩම්බරයක්..!!(නු)
නියම ෆොටෝ එකක්.. (ස)
කවුරු මොනවා කිව්වත් රටක් වශයෙන් අපිත් නැගිටින්න ඕන..(ස)
හොඳයි....(ස)
කාටද ආඩම්බර
පිස්සු නැත්නම් ශෝක්....
ඔයිට වඩා හොඳ දෙයක්,ඵලදායී දෙයක් මේ රටේ සංවර්ධනය උදෙසා නිර්මාණය කරනවා නම් ඒක ගොඩක් හොදයි. මොකද මේ රටේ කරන ප්‍රයෝජනයක් නැති වැඩ වලින් තව තවත් අසරණ වෙන්නෙ මේ රටේ ජනතාවයි. ලෝකෙට ණය වෙලා කරන මේ වගේ වැඩ නිසා අනාගතයට මුහුණ දෙන්න ඉන්න පුංචි කැකුළු ලෝකයට ණයකාරයො වෙනවා. (නි)
ඇත්තටම හරිම ලස්සනයි
හැමෝම හිතා ගෙන ඉන්නේ ලංකාවේ අපිට දැන් අඩු එච්චරයි කියලා
මේ ගොඩනැගීමට වඩා අහිංසක ,දුප්පත් මිනිසුන්ගේ සිත ගොඩනැගෙන දෙයක් කලානම් නෙළුමට වඩා ශක්තිමත් කුළුණු ගොඩනැගේවි ,
අට මහල් කුළුණක් උස මීටර් 350 එක මහලක් 350/08 = මීටර් 43.75 ??????????????
චතුරගේ කතාව සහතික ඇත්ත.
මේවට තමයි කියන්නෙ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතෙ කියල ආං නැද්ද හා.......
අම්මපා මෙච්චරයි අඩු..... මේකටත් අහවලාගේ කුළුන කියල ගහයිද දන්නෑ නේද..... මේ විකාර නවත්තල මේ අත්‍යවශ භාන්ඩ මිල අඩු කරනවකො අපිට කාලවත් ඉන්න
ලංකාවේ අය බලන්නේ කන්න විතරයි. වැඩ කරන්න නෙමෙයි. මෙහෙම දේවලුත් තියෙන්න ඕනෑ. (නි)
සමාජයේ හැම තරා තිරකම ඉන්න අයට ඔය හදන හොටෙල් එකෙන් කන්න පුලුවන්නම් තමයි හොද. නැත්නම් ඉතින් වැඩක් නැහැ. මොනතරම් දේවල් හැදුවත් වැඩක් නැ. මිනිස්සුන්ගේ ජීවන වියදම වැඩියි. දුප්පත් අය ගැනත් හිතුවනම් ගොඩක් හොදයි. අපිත් කැමති අපේ රට ලස්සන වෙනවට.(නදී)
මේවත් කරන ගමන් දුප්පත් ජනතාවට නිවාසත් හදලා දුන්නා නම් තමයි හොද. (නි)
රටක් විදියට ඉදිරියට යන්න මෙවැනි දේවල් වටිනවා. නමුත් දුප්පත් අයගේ බඩ ගැනත් ටිකක් හිතනවනාම් නියමයි. මේවට අපිත් කැමතියි. (ස)
කට්ටියම ඕකෙ එල්ලුවනම් හරි (ස)
ශ්රී ලාංකිකයෙකු වීම ලැජ්ජාවක් (ස)
මේකට ආණ්ඩුවේ සල්ලි යොදවනවානම් අපි එරෙහි විය යුතුයි (අ)
අපේ රජතුමාට ජයවේවා! (නි)
පිස්සු (ස)
හොඳ අදහසක් . මේ පුංචි රටට මේ තරම් වියදමක් දරන්න ඉදිරිපත් වෙලා ඉන්න චීන ජාතිය ගැන ආඩම්බරයි...(ස)
මේව කරන්න ඕනෑ. හැබැයි දෙවනුව. මොකද ඒ අය දන්නෙ නැහැ මේ රටේ යන්න පාරක් නැති , විදුලිය නැති, බොන්න වතුර ටිකක් නැති විශාල පිරිසක් ඉන්න බව. (නි)
සාර්තක වැඩක්, දියුණු වෙන ලෝකය සමඟ තරඟ කරමින් ඉදිරියටම යන්න..(ස)
දුප්පත් ලංකාවට අඩු වෙලා තිබුණේ නෙළුම් කුළුණු, නෙළුම් පොකුණු විතරයි...(ස)
මේකත් රටට අවශ්‍ය දෙයක් වෙන්න ඇති. ඒත් මීට වඩා අත්‍යාවශ්‍ය දේවල් මේ දුප්පත් රටට තියෙනවා. (නි)
මේවයේ තියෙන වටිනාකම සමහරුන්ට තේරුම්ගන්න අමාරුයි. (නි)
ලස්සනයි... (ස)
කවදා මේවා අවසාන වේවිද? (නි)
මනස්කාන්තයි
ඇත්තටම හොදයි.. ආඩම්බරයි... අපිට දැන් අඩුත් මෙච්චරයි...
සැරදේ ලක්මවිනි. ජයවේ ලක්මවිනි.
දියුණු වෙන රටකට හොද දෙයක්
බැරිවෙයිද මේක ලොව උසම කුළුණ කරන්න. එහෙම වුනොත් ලංකාව ගැන ලෝකයම තව තවත් දැනගැනීවි. ජය වේවා. !
හොදයි , නියමයි.
මීට වඩා අපිට කරන්න වැඩ තියෙනවා. මේ මුදල් මීට වඩා හොද වැඩකට යොදවන්න තිබ්බෙ නැද්ද?
මේකේ නම මොකක් වෙයිද ?
ජයෙන් ජයම ලැබේවා
නෙළුම් පොකුණ, නෙළුම් කුලුණ ඊළඟට මොකක්ද ??????? (ස)
උසින් මීටර් 350 ක් වන අට මහල් නෙළුම් කුළුනක් ??????
ඇති යන්තම්. මෙච්චරයි අපිට අඩුවෙලා තිබුණේ
අපිට අඩුව තිබුනේ මෙච්චරයි. පිටකොටුවේ මුට්ට අදින හරමානිස්ටත් මේකෙ රෙස්ටූරන්ට් එකට ගිහින් තෝසයක් කන්න පුලුවන් වෙයි
අතිවිශිෂ්ටයි
බොහොම හොද වැඩක්. හරිම ලස්සනයි සැලැස්ම.
ලාංකිකයකු වීම ආඩම්බරයක්
ශ්රී ලාංකිකයකු වීම ආඩම්බරයක්
විශිෂ්ඨයි
ගොඩක් හොඳ වැඩක්....ජය වේවා..
ගෑස් 300.00, කිරි පිටි 160.00, පාන් රු.56.00. ඉතින් අපිට මොන කුළුණුද ???
වැඩි විස්තර ඇතුලත් විය යුතුයි..
ඇයි ඔක්කොම කොළඹට විතරක්? අපේ පැත්තටත් එන්නකෝ
හොඳ වැඩක්. ඒත් මීට වඩා කරන්න කොච්චර වැඩ තියනවාද?
මම ලංකාවට ආදරෙයි
හොඳයි
එච්චරයි අඩු
සල්ලි නෑ කිය කිය මේවද කරන්නේ..
ලෝකෙට ප්‍රසිද්දවෙන්න ඉදිකිරීමි කළත් බොහෝරෝහල් ඒවායේ අත්‍යවශ්‍ය ඖෂධ නැහැ.........
ගොඩක් හොදයි
අනේ මන්ද ..ලංකාවේ තාමත් කන්න නැති අය ඉන්නවා . ඒ මිනිස්සුන්ට මේ කුඵණු හීනයක් විතරයි..
වැඩේනම් හොඳයි.හැබැයි මේ වියදම් වෙන සල්ලි වලින් වෙන වැදගත් දෙයක් කරානම් හොඳයි..(ස)
නියමයි... (ස)
රෝහල් වල බෙහෙත් නැතිව ලෙඩ්ඩු මැරෙන්න හදද්දි මේවද කරන්න ඕන...