පෞද්ගලිකරණය කැරුණු ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් සමාගම නැවත රජයට පවරා ගැනීමේ දී රැකියා අහිමි වුවන් සඳහා රැකියා ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා අද (18) ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් සමාගම ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
පෞද්ගලිකරණය කැරුණු ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් සමාගම නැවත රජයට පවරා ගැනීමේ දී රැකියා අහිමි වුවන් සඳහා රැකියා ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා අද (18) ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් සමාගම ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ! මම ඉස්සර දැක්කා මහින්ද ජනාධිපති වෙන්න කලින් කට්ටිය මැරෙන්න හැදුවා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න හදද්දී. දැන් එහෙම කළාම හොඳලු.මහින්දගැතිවාදය කියන්නේ ඕකට තමා. (නි)
ඇයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් රජයේ නෙමෙයි දැන්? මම හිතාගෙන හිටියේ පහුගිය රජයෙන් එය රජයට පවරා ගත්තා කියලා. (ර)
මේ සමාගම පෞද්ගලිකරණය කලාට පස්සේ තමා සමාගමේ සීග්‍ර සංවර්දනයක් වුනේ. රක්ෂණ සමාගම් අතර ලොකු තරගයක් තියෙනවා. හැම මාසයක්ම ඉලක්ක සපුරා ගන්න ඕනේ. ඒ සදහා හොද කළමනාකරණයක් සහ හොද කාර්යක්ෂමතාවක් ඕනේ. නැවත රජයට පවරා ගත හොත් රජයේ අකාර්යක්‍ෂම කළමනාකාරීත්වය නිසා මේ සමාගම වැටෙනවා.(ර)
අකාර්යක්ෂම ආයතනයක් විදිහට තිබු මෙය පෞද්ගලිකකරණය කල විට "හැරි ජයවර්දෙන " තම ඕකේ හිටපු වැඩ නොකරන, පලදායීතාවයක් නැති "අනිත් රජයේ ආයතනවල වගේ" හිටය අය එලවල, ඉතා තරගකාරී තත්වයට ගෙනත්, ලබා ලබන තත්වයට ගත්තේ. එළෙස ලැබූ ලාබ නිසා තමයි" ඇපලෝ රෝහල " ගන්න පුළුවන් උනේ. ඔය ආයතනය දියුණු කළා වගේ සියලුම රජයේ ආයතන වලත් දේශපාලන වන්දි බට්ටයන් ඉවත් කරලා, වැඩ කරන අය ඉස්සරහට ගත යුතුයි (නදී)
රජයට පවරාගැනීම පාඩු ලැබීමට හේතුවිය. බස් ජනසතු කිරීම, වරාය ජනසතු කිරීම, වතු ජනසතු කිරීම ඉන් සමහරකි. (ර)
රජයට ගත්ත ගමන් වැඩ කරන අය වැඩ නොකර පිනට පඩිය ගන්න පටන් ගනී. එතකොට ආයතනය වැටෙනවා. (ර)
රජය සතු අනිකුත් ආයතන වලට වෙලා තියෙන දේ දැක්කම මේක අායිත් රජයට ගන්නව කියන්නේ අනිකුත් පෞද්ගලික රක්ෂණ සමාගම් වල අදායම නිකම්ම වැඩි කරලා දෙනවා කියන එක තමා (බ)
සසංක, ඔය කණ්ඩායම් දෙකක් ගැන ඔබ කියනවා කියලයි මම හිතන්නේ. එජාප ආණ්ඩු සහ චන්ද්‍රිකා කළේ පෞද්ගලිකරණය කිරීම. මහින්ද කළේ ආණ්ඩුවේ තියාගෙන තමන්ගේ හෙන්චයියෝ දාගන්න එක. තරඟකාරී විදියට පෞද්ගලීකරණයට මමනම් කැමතියි. උදාහරණය රක්ෂණ සංස්ථාව. ෂෙල් ගෑස් වගේ නොවෙයි. (බ)
ඔය කියන්නේ අපිට නිකන් ඉඳන් පඩිගන්න විදියක් හදල දෙන්න කියල. රජයට ගත්තොත් එකත් ඉවරයි (බ)
මේ අය ඉල්ලන්නේ අහිමි කළ රැකියා දෙන්න කියල (බ)
මම 1980 ගණන් වල මගේ මෝටර් රථයට රු 2000 ගනනකත් මෝටර් සයිකලයට රු 1500කත් වන්දි ඉල්ලීමක් ඉදිරිපත් කළා. සතපහක්වත් ලැබුණෙත් නෑ. නොලැබෙන හේතුව කියල ලියුමක්වත් ලැබුණෙ නෑ. ළඟදී මගේ මෝටර් රථය හැප්පී රු 35350 කට ඇස්තමේන්තු කර රෙපයාර් කර දින කිහිපයකින් මුදල් බැර කර තිබුණා. මට පුදුම හිතුණා මේ ඉස්සර තිබිච්ච සංස්ථාවමද කියලා. මගේ රථය කලින් වෙනත් තැනක රක්ෂණය කර තිබී ඒ සේවය හරි නැති නිසයි ලංකා රක්ෂණ සමාගමට මාරු කළේ. මගේ රථයේ තිබිච්ච පලුදු ගොඩක් මම මේ වන්දියෙන් හදාගත්තා. (බ)
මේකේ අදහස් දාලා තියන සමහර පණ්ඩිතයන් කිසිම දෙයක් දන්නේ නැහැ. මේ ආයතනය පෞද්ගලිකරණය කළේ ලාභ ලබන කාලේ. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මඟින් නැවත රජයට ගත්තා. දැනුත් අයිතිය රජයටමයි. (නි)