IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අහිමි වූ රැකියා ඉල්ලයි

පෞද්ගලිකරණය කැරුණු  ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස්  සමාගම නැවත රජයට  පවරා  ගැනීමේ දී රැකියා  අහිමි වුවන් සඳහා  රැකියා  ලබා  දීමට  කටයුතු  කරන ලෙස ඉල්ලා අද (18) ශ්‍රි  ලංකා  ඉන්ෂුවරන්ස් සමාගම ඉදිරිපිට  විරෝධතාවක් පැවැත්විණි. 

DSC_0100 DSC_0103 DSC_0108 DSC_0116

 



අදහස් (0)

අහිමි වූ රැකියා ඉල්ලයි

සසංක Friday, 19 June 2015 02:20 AM

අනේ අනේ! මම ඉස්සර දැක්කා මහින්ද ජනාධිපති වෙන්න කලින් කට්ටිය මැරෙන්න හැදුවා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න හදද්දී. දැන් එහෙම කළාම හොඳලු.මහින්දගැතිවාදය කියන්නේ ඕකට තමා. (නි)

:       0       0

කපිල Thursday, 18 June 2015 10:52 AM

ඇයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් රජයේ නෙමෙයි දැන්? මම හිතාගෙන හිටියේ පහුගිය රජයෙන් එය රජයට පවරා ගත්තා කියලා. (ර)

:       0       0

සුරන් Thursday, 18 June 2015 10:55 AM

මේ සමාගම පෞද්ගලිකරණය කලාට පස්සේ තමා සමාගමේ සීග්‍ර සංවර්දනයක් වුනේ. රක්ෂණ සමාගම් අතර ලොකු තරගයක් තියෙනවා. හැම මාසයක්ම ඉලක්ක සපුරා ගන්න ඕනේ. ඒ සදහා හොද කළමනාකරණයක් සහ හොද කාර්යක්ෂමතාවක් ඕනේ. නැවත රජයට පවරා ගත හොත් රජයේ අකාර්යක්‍ෂම කළමනාකාරීත්වය නිසා මේ සමාගම වැටෙනවා.(ර)

:       0       0

හිරාන් Thursday, 18 June 2015 11:12 AM

අකාර්යක්ෂම ආයතනයක් විදිහට තිබු මෙය පෞද්ගලිකකරණය කල විට "හැරි ජයවර්දෙන " තම ඕකේ හිටපු වැඩ නොකරන, පලදායීතාවයක් නැති "අනිත් රජයේ ආයතනවල වගේ" හිටය අය එලවල, ඉතා තරගකාරී තත්වයට ගෙනත්, ලබා ලබන තත්වයට ගත්තේ. එළෙස ලැබූ ලාබ නිසා තමයි" ඇපලෝ රෝහල " ගන්න පුළුවන් උනේ. ඔය ආයතනය දියුණු කළා වගේ සියලුම රජයේ ආයතන වලත් දේශපාලන වන්දි බට්ටයන් ඉවත් කරලා, වැඩ කරන අය ඉස්සරහට ගත යුතුයි (නදී)

:       0       0

වැකෝ Thursday, 18 June 2015 11:33 AM

රජයට පවරාගැනීම පාඩු ලැබීමට හේතුවිය. බස් ජනසතු කිරීම, වරාය ජනසතු කිරීම, වතු ජනසතු කිරීම ඉන් සමහරකි. (ර)

:       0       0

සම්පත් ශ්‍රී Thursday, 18 June 2015 11:46 AM

රජයට ගත්ත ගමන් වැඩ කරන අය වැඩ නොකර පිනට පඩිය ගන්න පටන් ගනී. එතකොට ආයතනය වැටෙනවා. (ර)

:       0       0

සෙලෙන්සියස් Thursday, 18 June 2015 11:53 AM

රජය සතු අනිකුත් ආයතන වලට වෙලා තියෙන දේ දැක්කම මේක අායිත් රජයට ගන්නව කියන්නේ අනිකුත් පෞද්ගලික රක්ෂණ සමාගම් වල අදායම නිකම්ම වැඩි කරලා දෙනවා කියන එක තමා (බ)

:       0       0

සඳුන් Friday, 19 June 2015 04:04 AM

සසංක, ඔය කණ්ඩායම් දෙකක් ගැන ඔබ කියනවා කියලයි මම හිතන්නේ. එජාප ආණ්ඩු සහ චන්ද්‍රිකා කළේ පෞද්ගලිකරණය කිරීම. මහින්ද කළේ ආණ්ඩුවේ තියාගෙන තමන්ගේ හෙන්චයියෝ දාගන්න එක. තරඟකාරී විදියට පෞද්ගලීකරණයට මමනම් කැමතියි. උදාහරණය රක්ෂණ සංස්ථාව. ෂෙල් ගෑස් වගේ නොවෙයි. (බ)

:       0       0

සමන් Thursday, 18 June 2015 02:14 PM

ඔය කියන්නේ අපිට නිකන් ඉඳන් පඩිගන්න විදියක් හදල දෙන්න කියල. රජයට ගත්තොත් එකත් ඉවරයි (බ)

:       0       0

තිලංග Thursday, 18 June 2015 03:03 PM

මේ අය ඉල්ලන්නේ අහිමි කළ රැකියා දෙන්න කියල (බ)

:       0       0

ජෝෂප් පෙරේරා Thursday, 18 June 2015 03:21 PM

මම 1980 ගණන් වල මගේ මෝටර් රථයට රු 2000 ගනනකත් මෝටර් සයිකලයට රු 1500කත් වන්දි ඉල්ලීමක් ඉදිරිපත් කළා. සතපහක්වත් ලැබුණෙත් නෑ. නොලැබෙන හේතුව කියල ලියුමක්වත් ලැබුණෙ නෑ. ළඟදී මගේ මෝටර් රථය හැප්පී රු 35350 කට ඇස්තමේන්තු කර රෙපයාර් කර දින කිහිපයකින් මුදල් බැර කර තිබුණා. මට පුදුම හිතුණා මේ ඉස්සර තිබිච්ච සංස්ථාවමද කියලා. මගේ රථය කලින් වෙනත් තැනක රක්ෂණය කර තිබී ඒ සේවය හරි නැති නිසයි ලංකා රක්ෂණ සමාගමට මාරු කළේ. මගේ රථයේ තිබිච්ච පලුදු ගොඩක් මම මේ වන්දියෙන් හදාගත්තා. (බ)

:       0       0

චන්න Thursday, 18 June 2015 07:12 PM

මේකේ අදහස් දාලා තියන සමහර පණ්ඩිතයන් කිසිම දෙයක් දන්නේ නැහැ. මේ ආයතනය පෞද්ගලිකරණය කළේ ලාභ ලබන කාලේ. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මඟින් නැවත රජයට ගත්තා. දැනුත් අයිතිය රජයටමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site