කොළඹ ප්‍රසිද්ධ ජාතික පාසලක දූෂණ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකයෙන් සහ අධ්‍යාපන අමාත්‍යංශ විමර්ශන ඒකකයෙන් මීට වසර එක හමාරකට පමණ පෙර දුන් නිර්දේශ රැසකින් එක් නිර්දේශයක් පමණක් ක්‍රියාත්මක කර අනෙක් ඒවා ඉටු නොකිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීහු විමතිය පළ කරති.
විදුහල්පති විශ්‍රාම ගැන්වීමටත්, දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ ගුවරුන් තිදෙනකු වහා වෙනත් කලාපවල පාසල්වලට ස්ථාන මාරු කිරීමටත්, සිදුවී ඇති බරපතල මූල්‍ය වංචා සහ කූට ලේඛන භාවිත සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම රහස් පොලීසියට පැවරීමටත්, සිසුන් ඇතුළත් කිරීමට මුදල් සහ ලිංගික අල්ලත් ගත් බව කියන සිද්ධි විමර්ශනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැවරීමටත් විමර්ශන දෙකකින් නිර්දේශ කැර තිබිණි.
එම නිර්දේශ ක්‍රියාත්මක නොවුණ තැන ගුරුසංගම් හඩ නැගීමත් සමග අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ විදුහල්පති පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගැන්වීය.
ඔහු විශ්‍රාම ගන්වුවත් මේ වන තෙක් අක්‍රමිකතා හා දූෂණවලට සම්බන්ධ සෙසු ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දී නැතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි. නාමලේඛණවලට නම් ඇතුළත් නොකර පන්තිකාමර වල සිසුන් රඳවා ගැනීම, චක්‍රලේඛ උල්ලංඝණය කරමින් එක වසරට ළමයින් ගැනීමේ කමිටුවල වසර තුනකට වැඩි කාලයක් කටයුතු කිරීම, ගුරුවරුන්ට බලපෑම් එල්ල කිරීම ආදී චෝදනා විමර්ශනයේදී එම ගුරුවරුන්ට එල්ල වී තිබිණි.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ භාවිතය සහ හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතාගේ අත්සන ව්‍යාජව යෙදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලීසියට පැවරිය යුතු බවට කළ නිර්දේශයට මෙතෙක් ක්‍රියාත්මක වී නැත.
විදුහල්පති විශ්‍රාම ගන්වා වසරක් ගියත් මේ වන තෙක් නව විදුහල්පතිවරයකු පත් කර නැති අතර ස්ථානමාරු කිරීමට නිර්දේශ කළ ගුරුවරියක් සම්බන්ධයෙන් පසුගියාද විද්‍යාලයේ ගැටලු සහගත තත්ත්වයක් වාර්තා වූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉතා කීර්තිමත් පාසලක් වන මේ පාසල ගැන මීට වඩා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත්, එසේ සිදු නොවනහොත් පාසල අගාධයට යනු ඇති බවත් කියති.
සබැඳි පුවත්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් පේන්නේ රටේ තිබෙන නීතියක් නැති තත්වය. විනයක් නැති තත්වය. හැම තැනම දුෂණ තියෙන බවක් පෙන්වීමක් මේක. රාජ්‍ය සේවය පවා පිරිහීමක් මේකෙන් පෙන්වනවා. (නි)
මෙයට ප්‍රධාන හේතුව දේසපාලන පක්ෂ වලට ගැති අපේ ඡන්ද කතිරය. මේ රටේ දේශපාලකයන්ව ඡන්දයෙන් ඡන්දයට මාරු කළ යුතුයි. (නි)
මොකෙන් විමර්ශන කළත් අන්තිමට චූදිතයෝ නිදහස් වෙයි. ඕකයි සැබෑ ආශ්චර්යය. (නි)
ගාල්ලේ ප්‍රසිද්ධ පාසලකත් දැන් තත්වය ඕකම තමයි. දැනටත් විමර්ශන පටන් අරන්. එක වසරට ළමයි දාන්න සල්ලි ගන්න වෙනම ගුරුවරු කණ්ඩායමක් ඉන්නවා (නි)
රාජ්‍ය සේවා කොමිෂන් සභාව බලය පවරලා තියෙන විදියට ඔය පුදුම වෙන අයටම තමයි බලය තියෙන්නේ ගුරුවරු මාරුකරන්න. කවදත් නිස්කාරනේ බැනුම් අහන රාජ්‍ය සේවා කොමිෂන් සභාව තමයි විදුහල්පති පරීක්ෂණයකට යටත් ව හරි විශ්‍රාම යවන්න ඇත්තේ.(නදී)
පාසල් දෙකක් ගැන මට සැකයි. ඒ දෙකෙන් එකක් වෙන්නම ඕනෑ අනිවාර්යයෙන්ම. (නි)
ඹය කියන්නේ ගාල්ල පැත්තේ ඔරලොසු කණුවක් යට තියෙන බාලිකා පාසලක් ගැන නේද?(නදී)
මේ වෙනුවෙන් ආදි සිසුවන් ගත් ක්‍රියා මාර්ග මොනවාද?(නදී)
ආදි සිසුන්ට බිග් මැච් ගහන්න තියෙනවනෙ. ඔව්වා හොයන්න වෙලාවක් නෑ.(නදී)
සමහර බාලිකා පාසලුත් විදුහල්පතිගේ ආධිපත්‍යයට අරගෙන ඉන්නේ. ශිෂ්‍යත්ව ලකුණු අනුපිලිවෙලට සිසුන් ඇතුලත් කර ගන්නේ නැහැ. 7 වසරේදී ඇදුනුම්කමට සිසුන් ගන්නවා. ගරු ජනාධිපතිතුමනි, අධ්‍යාපන ඇමතිතුමනි, ඔබගේ කාරුණික අවධානය යොමු කර 2012 ශිෂ්‍යත්ව විභාගයෙන් ඊලග ලකුණු තිබෙන සිසුන්ට සාධාරනයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු (නි)
ඔය විදුහලේ පමණක් නෙවෙයි සමස්ත අධ්‍යාපන පද්ධතියම දූෂණ වංචා පිරුණු නරා වළක් (නි)
එසැණ නිරන්තර අවදියෙන්! (නි)
දුෂන අක්‍රමිකතා වලට සම්බන්ද අයව වහාම ගෙදර නොයවා වෙනත් පාසල් වලට යවන්නේ ඒවත් කන්නද?.(නදී)
අනියමි මිනිස්සුගේ ළමයි ගන්න පාසලක් ගැන අහල තියෙනවද?(නදී)
අපිටත් ඔයවගේ ප්‍රශ්න වලට මුණ දෙන්න සිදු වුණා. එත් දැන් මගේ දරුවා මාත් සමග පිටරටක අධ්‍යාපනය ලබන නිසා මට හොදට පෙනෙනවා ලංකාවෙයි පිටරටයි වෙනස. ගුරුවරු මෙහෙ දරුවන්ට දක්වන ආදරය , කරුණාව , අපිට පුදුමයි. හැමදේම නොමිලේ. දරුවන් ඉගෙන ගන්න පුදුම ආසයි. ලංකාවේ ගුරුවරු මෙහෙට එවලා පුහුණුවක් දීලා ලංකාවට යවන්න ඕනෑ (නි)
මේ පාසැල කොල්ඹ 3 පැත්තේ එකක්ද?(නදී)
ඉතින් කියන්නකෝ රටටම ඉතා කීර්තිමත් පාසලක් වන මේ පාසලේ නම? එතකොටනේ අපටත් දැනගන්න පුළුවන් වන්නේ.(නදී)
අධයාපන ලේකම් නිදාගෙනද ඉන්නේ?(නදී)
ගාල්ල නගරයේ පධාන බාලිකා පාසල් වලත් ඔය තත්වයමයි තියෙන්නේ. අධ්‍යාපන ලේකමිට කිවිවට නැසු කන්ව සිටි. මෙවා ප්‍රසිද්ධ රහස්. අවශ්‍ය නමි ඔබතුමන්ලාටත් හොයා බලන්න පුලුවන් . .මෙවාට ප්‍රධාන හේතුව විදුහල්පතිට සියලු බලතල ලබා දීමයි මගේ අදහස. ස්තූතියි!(නදී)
පාසලේ නම දන්නේ නැති අය අහල තියනවද ? (නදී)
මේක මහා නාමයක් ඇති පාසලක්. (නි)
අර ටින් බෙලෙක්ක එල්ලාගෙන තූර්ය්‍ය වාදක කණ්ඩායමක් හදාගෙන ඉන්න ළමයින්ගෙ ප්‍රවෘත්තිය මතක් වුණා. (නි)
රූපා ඔයා ඉන්න රට මොකක්ද? නොමිල ළමයින්ට උගන්වන (ස)
මහා කකුළුවෝ කෙලින් යන්න එපැයි අනිත් උන්ට කෙලින් යන්න කියලා දෙන්න. (නි)
චන්ද්‍රා, ඕක මේ රටේ ක්‍රමය. බලපෑම් නිසා හෝ හිතවත්කම් උඩ දුශිතයා රැකගන්න ඕනෑ වුණහම ටිකක් සද්දේ අඩුවෙනකල් වෙන තැනකට මාරු කරනවා. රජයේ සේවයේ හැටි එහෙමයි. හෙන්චයියෙක් නම් හිටපු තැනට ඉක්මනින්ම ආපහු එනවා. එහෙම නාවත් අලුත් තැන හොදින් ඉන්න පුළුවන්. (නි)
රසික , ගාල්ලේ අය අල්ලස් බෙදාගෙන කන්නේ. කොළඹ අය තනියෙම කන්න හදන්නේ. (නි)
මේක ප්‍රසිද්ධ රහසක්. (නි)