
(සුජිත් හේවාජුලිගේ)
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශයන් හී විවිධ පුද්ගලයින් විවිධ දුරකථන අංක මගින් අස්වැසුම ප්‍රතිලාභීන් අමතා ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් යැයි පවසා දුරකථන ඇමතුම් ලබා දෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි
මේ ආකාරයෙන් දුරකථන ඇමතුම් ලබා දී තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලිය බව පවසා හෝ වෙනත් හේතුවක් සඳහන් කරමින් ඒ වෙනුවෙන් එම ඇමතුම ලබා දෙන පාර්ශ්වයට මුදල් ගෙවීමක් කරන ලෙස ඉල්ලීම් කර ඇතැයි වාර්තා වී ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරනුයේ මෙම ක්‍රියාව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලයේ කිසිදු අනුදැනුමකින් සිදු නොවන්නක් බවයි.
මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමතුම් ලැබී ඇත්නම් ඒ පිළිබඳව අස්වැසුම ප්‍රතිලාභීන් අදාළ පොලිස් බල ප්‍රදේශයේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙස එම මණ්ඩලය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd