(යොහාන් භාසුර)
අස්වැසුම සුබ සාධයන වැඩසටහනේ ප්‍රතිලාභ බලාපොරොත්තු වන පවුල්වලින් මේ මස 15 වැනිදා සිට නැවත අයදුම්පත් කැඳවන බවත් අදාල ප්‍රදේශවල ක්ෂේත්‍ර නිලධාරීන් හරහා ජනතාව දැනුවත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මෙම මස 15 වැනිදා සිට ලබන මාර්තු මස 15 වැනිදා දක්වා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇති බව ද අමාත්‍යවරයා කීය.
‘අස්වැසුම’ වැඩසටහනේ ප්‍රතිලාභීන් තෝරාගැනීම සම්බන්ධයෙන් රට තුළ ආන්දෝලනාත්මක තත්වයක් ඇති වූ අතර ඒ පිළිබඳව සහ ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණයට එළඹ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් අපිට පලමු පාර අස්වැසුම ලැබුනේ නැහැ. මගේ මහත්තයාට ස්තීර රස්සාවක් නැහැ. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා තාම ඉගෙන ගන්නවා. අපිට හරි හමන් ආදායමක් නැහැ. අපිට මේ සැරේවත් අස්වැසුම ලබාදෙන්න....!
ළමයි දෙන්නෙක් . ඉන්නවා නෝනා මානසික ලෙඩෙක් රජයේ ඉඩමක පදිංචිය රැකියාවක් නැත. ආදායම් මාර්ගයක් නැත. අස්වැසුම මට ලැබුනේ නැත.
මට ලමයි 4 දෙනෙක්ම ඉන්නවා .මං කුලී වැඩ කරන්නේ
මේ සැරේවත් හරියට බලලා හොඳ නිළධාරි යොදවලා හරියට කරන්න.. නැත්තම් ඇඳුරුම් කමටයි.. හැමදේම තියෙන එකාටමයි දෙන්නෙ.. බෙහෙත් පෙත්තක්වත් ගන්න නැති කෙනාට රුපියලක්වත් නෑ..
මම තනියම ජීවත් වෙන්නේ මට දරුවෝ දෙන්නෙක් හිටියත් ඔවුන්ට මට සලකන්න තරම් වත්කමක් නැහැ. මට අවුරුදු 64ක් මම අවුරුදු ගාණක් පිිටරට සේවය කරා... කුලී ගෙයක ඉන්නේ ඇඳුම් කුලියට මහලා ජීවත් වුනේ... ඒක කරගන්න අමාරුයි... මට ආතරයිටිස් රෝගය දරුණුවටම තියන නිසා මම කාටවත් කරදරයක් නැතුව කිසීම දීමනාවක් ඉල්ලන්නේ නැතුව ජීවත් වුණා... දැන්නම් අමාරුයි මට අස්වැසුම දෙනවා නම් ලොකු පිනක්...!
මට දෙවැනි අදියරේ අස් වැසුම ඕනේ...!
මට අස් වැසුම අවශ්‍යයි...!
සර්, මට දැන් අත්වැසුමගෙන් ලබා දෙන්නේ 2500 දෙන්නේ 2500 මට 5000 ක් කරලා ලබාදෙන්න සර්...!
මගේ මහත්තයාට ස්නායු අමාරුවක් තියෙනවා.. මේසන් වැඩ කරන්නේ මේ අමාරුකම් තියාගෙන තමයි. බෙහෙත් බිබි වැඩ කරන්නෙ අපිට නම් අස්වැසුම එකපාරක්වත් හම්බ වුනේ නෑ... අනේ මහත්තයා අපිට අස්වැසුම අවශ්‍යයි.
මටත් අස්වැසුම ලබා දෙන්න. අපිට ඉන්න ගෙයක්වත් නෑ. ඉන්නේ අම්මලා ළඟ. අපිටත් උදවු කරන්න. අපිට කිසිම දෙයක් ලැබිලා නැහැ.. මේ වෙනකන්...
අපිටත් අස්වැසුම ලබා දෙන්න. අපිට ඉන්න ගෙයක්වත් නෑ මහත්තයෝ. මට එක බබෙක් ඉන්නවා. මහත්තයාට ස්තීර රැකියාවක් නෑ. අපිටත් අස්වැසුම ලබා දෙන්න මහත්තයෝ. ගොඩක් පින් අපි වගේ අසරණ අයට උදවු කරන්න මහත්තයෝ...
ඇප්ලිකේෂන් එක එවන්න පුලුවන්ද සර්
අපිට අස්වැසුම නෑ. මොකක්ද ඒකට හේතුව..?