නිමල කොඩිතුවක්කු
පොහොර හිඟය හේතුවෙන් මෙවර වී අස්වැන්න අඩු වුවහොත් එහි පාඩුව රජයෙන් අයකරගැනීමට කටයුතු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (03) පැවසීය.
නියමිත වේලාවට පොහොර නොලැබීම හේතුවෙන් වී ගොවිතැනට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් එල්ල කරන බවත් ඔහු කියා සිටියේය.
පොහොර සඳහා අවශ්‍ය මුදල් සහ පොහොර ලබා දී ඇති බවට ආණ්ඩුව මාධ්‍ය ප්‍රකාශ නිකුත් කලද බොහෝ ගොවීන්ට මෙතෙක් එම මුදල් ලැබී නොමැති බවත් නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලා වගේ මිනිස්සු තමයි මේ රටට ඕනෑ.. වෙන කිසිම පක්ෂයක්, කිසි දේශපාලකයෙක් මිනිස්සුන්ගේ සැබෑ දැවෙන ගැටළු වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. ඔවුන්ට අැති එකම සිහිනය දේශපාලනයට පැමිණ තම පරම්පරාව ගොඩ නැගීමයි. ඔබතුමාලට හැකිනම් දේශපාලන වෙළඳපලේ ලොකු මිලකට අලෙවි විය හැකිවුවත්. එසේ නොවී ඔබතුමාලා ඔබතුමාලගේ මතවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. අතිතයේ යම් සිද්ධීන් සිදු වුණත්, පසු කාලීනව රට වෙනුවෙන් නියම වෙලාවට නියම තීරණය ලබා දී තිබෙනවා. මිනිස්සු දැන් එය තේරුම් ගනිමින් සිටිනවා.
මුළු ලෝකයක්ම රසායනික පොහොර වලින් බැහැර වෙද්දී, අපේ අය ආණ්ඩුවට තර්ජනය කරනවා රසායන අඩු මිලට දෙන්න කියලා. ආණ්ඩුව මිනිසුන්ට විස නොදෙන එක හරි. අපි කාබනික පොහොර භාවිතයට ගත යුතුයි
නියමයි. පාඩුවෙන හැම සතේම අය කර ගන්න.